පීපල්ස් ලීසිං සමාගම දැයේ දරුවන්ට ඉතුරුම් දිරිගැන්වීම සඳහා සෙනෙහස් ළමා ස්ථාවර තැන්පතු ක්‍රමය හඳුන්වා දෙයි

PLC - Senehas Minors FD Launch (LBN)

 



 

 

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන (භඊත්‍ෂ) ක්ෂේත්‍රයේ ප්‍රථමවරට දරුවන් සඳහා “සෙනෙහස්” නමින් ළමා ස්ථාවර තැන්පතු ක්‍රමයක් හඳුන්වා දී ඇත.

මෙම සෙනෙහස් ළමා ස්ථාවර තැන්පතු ක්‍රමය මූල්‍ය ක්ෂේත්‍රයට නිල වශයෙන් හඳුන්වාදීමේ උත්සවය පීපල්ස් ලීසිං සමාගමේ ගරු සභාපති ප්‍රදීප් අමිර්තනායගම් මහතා සහ එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී ගරු ෂමින්ද්‍ර මර්සිලීන් මහතාගේ ප්‍රධානත්වයෙන් පීපල්ස් ලීසිං ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පසුගියදා පැවැත්වුණු  අතර එම අවස්ථාවට පීපල්ස් ලීසිං සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයද සහභාගී විය. මෙම සුවිශේෂී අවස්ථාව වර්ණවත්කිරීම සඳහා විවිධ වයස් කාණ්ඩවලට අයත් දූ දරුවන් සමූහයක් ඔවුන්ගේ දෙමාපියන් සමග සහභාගී වූ අතර ‘සෙනෙහස්’ ළමා ස්ථාවර තැන්පතු සහතිකපත් පිරිනැමීම එහිදී සිදුකෙරුණි. තවද, මෙම අවස්ථාවට කොළඹ අධ්‍යාපන කලාපයට අයත් ජාතික පාසල්වල විදුහල්පතිවරුද සහභාගී වූහ.

‘සෙනෙහස්’ ළමා ස්ථාවර තැන්පතු ක්‍රමය මූල්‍ය ක්ෂේත්‍රයට හඳුන්වා දෙනු ලැබුවේ දැයේ දරුවන් අතර ඉතුරුම් ප්‍රචලිතකිරීම හා ඉතිරිකිරීමේ පුරුද්ද ඔප් නැංවීමේ අරමුණෙනි. බැංකු නොවන මූල්‍ය ආයතනයක් ලෙස පීපල්ස් ලීසිං සමාගම තිරසාරත්වය ඇතිකිරීමේ අරමුණින් කුඩා අවධියේ සිටම ඉතිරිකිරීම පුරුදු පුහුණුකිරීමේ වැදගත්කම අවධාරණය කරමින් තිරසර සමාජයක් ගොඩනැගීම සඳහා විශාල දායකත්වයක් සපයන කැපවීමෙන් කටයුතු කරන ආයතනයකි.

වසර ගණනාවක් පුරාවට විශ්වාසයේ ප්‍රමුඛයා ලෙස සිය සන්නාමය එක ලෙස නොවෙනස්ව රඳවා තබා ගත් පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රමුඛතාවය වන්නේද සමාගමේ සියළුම ගණුදෙනුකාරභවතුන් හට එහි සාර්ථකත්වයේ ප්‍රතිලාභ උපරිම වශයෙන් භුක්ති විඳීමට අවස්ථාව සැලසීම සහතික කිරීමය.

පීපල්ස් ලීසිං සමාගම යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996 දී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත්‍ර හයක් හරහා විවිධාංගීකරණය වූ බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 + seventeen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව