පීපල්ස් ලීසිං සමාගම ජගත් පරිසර දිනය- 2023 සමරයි

PLC - World Environment Day Celebration - 2023 -pix- 02 (LBN)

 



 

 

ශ්‍රී ලංකා මූල්‍ය ආයතනකරුවන්ගේ සංගමයේ (FHA) 65වන සංවත්සරය නිමිත්තෙන් හා පසුගිය ජූනි මස පස්වනදාට යෙඳුණු ජගත් පරිසර දිනය සනිටුහන් කරමින් FHA සාමාජික ආයතන හා සමාගම් එක්ව දීපව්‍යාප්ත රුක්රෝපණ වැඩසටහනක් එදින පැවැත්වීය. මෙම වැඩසටහනේ මූලික අරමුණ වූයේ ඉතිහාසයේ එක් දිනක් තුළ වැඩිම පැල සංඛ්‍යාවක් සිටුවමින් කාබන් පියසටහන් අවමකිරීමේ ජාතික කර්තව්‍යයට දායකත්වය ලබාදීමය. මෙම රුක් රෝපණ වැඩසටහනේ ප්‍රධාන වැඩසටහන කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා මූල්‍ය ආයතනකරුවන්ගේ සංගමයේ සාමාජිකත්වය දරණ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම (පීඑල්සී)ද එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කවවල ප්‍රගමනයට දායකවෙමින් මෙම පාරිසරික වැඩසටහනට සහභාගී විය. මෙම වැඩසටහනට එක්වෙමින් පීපල්ස් ලීසිං ශාඛා ජාලයේ බස්නාහිර, දකුණ, මධ්‍යම, උතුරුමැද හා සබරගමුව යන පලාත් ආවරණය වන පරිදි තෝරාගත් ස්ථාන 92ක පීපල්ස් ලීසිං ශාඛාවල කාර්ය මණ්ඩලයේ ස්වේච්ජා ශ්‍රම දායකත්වයෙන් පැල 14,195ක් රෝපණය කරනු ලැබීය.

මෙම රුක්රෝපණ වැඩසටහනට දායකත්වය ලබාදුන් පීපල්ස් ලීිසිං ශාඛාවන් වන්නේ අලුත්ගම, අවිස්සාවේල්ල, බදුල්ල, බලංගොඩ, දඹුල්ල, දිගන, ගම්පොල, මහනුවර අල්-සෆා, කටුගස්තොට, කෑගල්ල, මහරගම, මාතලේ, මාවනැල්ල, නාවලපිටිය, නෙළුව, නුගේගොඩ, පැල්මඩුල්ල, රත්නපුරය, වැල්ලවත්ත, පානදුර, හොරණ, පිලිමතලාව, කිරිඳිවැල, වරකාපොල, කලවාන, ගොඩකවෙල, ඇඹිලිපිටිය, ගාල්ල, දෙනියාය, තංගල්ල, හංවැල්ල, හෝමාගම, මොරටුව, කොටුව හා කළුතර ය.

පීපල්ස් ලීසිං සමාගම යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996 දී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත්‍ර හයක් හරහා විවිධාංගීකරණය වූ බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one + 13 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව