පීපල්ස් ලීසිං සමාගමේ ‘පැහැබර අනාගතයකට නිවැරදි තේරීම’ දීප ව්‍යාප්ත එක්දින ප‍්‍රවර්ධන වැඩසටහන දෙවන වරටත්.

PLC

 



 

 

 

ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන මුදල් ආයතන (NBFI) ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම මූල්‍ය විසඳුම් සපයන්නෙකු වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම විසින් දෙවන වරටත් සංවිධානය කළ ‘පැහැබර අනාගතයකට නිවැරදි තේරීම’ දීප ව්‍යාප්ත එක්දින ප‍්‍රවර්ධන වැඩසටහන පසුගියදා සාර්ථකව පැවැත්විණි.

මෙම ප‍්‍රවර්ධන වැඩසටහනේ මූලික අරමුණ වූයේ නව ගනුදෙනුකරුවන්ගේ වැඩි ආකර්ෂණයක් ලබාගැනීමට පීපල්ස් ලීසිං සමාගම විසින් හඳුන්වා දී ඇති නව මුදල් සේවා පිළිබඳව දැනුවත්කිරීම හා දැනටමත් සමාගම සමග විශ්වාසයෙන් ගනුදෙනු කරන ගනුදෙනුකරුවන්ගේ මුදල් අවශ්‍යතා පිළිබඳව නැවත අවධානය යොමුකිරීමය.

‘පැහැබර අනාගතයකට නිවැරදි තේරීම’ යන තේමාව යටතේ පැවැත්වුණු මෙම විශේෂ ප‍්‍රවර්ධන වැඩසටහන තුළින් වාහන ලීසිං හා වාහන ණය, ති‍්‍රරෝද රථ ලීසිං, රන් ණය, ඉතුරුම් හා ස්ථාවර තැන්පතු වැනි මූල්‍ය සැලසුම් රැසක් පීපල්ස් ලීසිං ගනුදෙනුකරුවන් වෙත තවදුරටත් සමීප කරනු ලැබීය. වර්තමාන මූල්‍ය වෙළෙඳපොලෙහි සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් PLC Touch App ජංගම දුරකතන යෙදවුම හා  QR කේත පහසුකම් මෙම ප‍්‍රවර්ධන වැඩසටහනේදී පාරිභෝගිකයන්ට හඳුන්වාදුන් අතර එහිදී පාරිභෝගිකයන්ට තම මූල්‍ය අවශ්‍යතා වෙත ක්ෂණිකව ළගා විය හැකි බවද පෙන්වා දෙනු ලැබීය.

පවතින කොවිඞ් -19 වසංගත වාතාවරණය මත මෙම ප‍්‍රවර්ධන වැඩසටහන නිසි සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශ හා පූර්වාරක්ෂාවන් දැඩි ලෙස පිළිපදිමින් සිදු කෙරුණි.

පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ෂමින්ද්‍ර මර්සිලින් මහතා හා ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය මෙම දීප ව්‍යාප්ත ප‍්‍රවර්ධන වැඩසටහනට එක්වෙමින් එහි සාර්ථකත්වයට ප‍්‍රබල දායකත්වයක් ලබාදීමද විශේෂත්වයකි.

පීපල්ස් ලීසිං සමාගම යනු ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප‍්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස 1996දී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළෙඳපොලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත‍්‍ර හයක් හරහා විවිධාංගීකරණය වූ බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව