පීපල්ස් ලීසිං සමාගමේ ගිරිඋල්ල ශාඛාව වැඩිදියුණු කර නව පරිශ්‍රයක විවෘත කරයි.

PLC - Giriulla Branch - Relocation

 



 

 

පීපල්ස් ලීසිං සමාගමේ ගිරිඋල්ල ශාඛාව ගිරිඋල්ල කොළඹ පාරේ පිහිටි සමන් විලාසිතා ගොඩනැගිල්ලේ නව ශාඛා පරිශ්‍රයකට පිවිසිම පසුගියදා සිදුවිය. එම ගිරිඋල්ල නව ශාඛාව විවාතකිරිම පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ෂමින්ද්‍ර මර්සිලින් මහතා අතින් සිදු කෙරුණි.

ගිරිඋල්ල ශාඛාව එම ප්‍රදේශයේ පාරිභෝගිකයින්ට ගුණාත්මක සේවාවක් ලබාදෙමින් සුළු සහ මධ්‍ය පරිමාණ ගනුදෙනුකරුවන්ට පහසු ප්‍රවේශයක් ලබා දෙන්නකි.

පීපල්ස් ලීසිං සමාගම සිය වටිනා ගනුදෙනුකරුවන්ට උපරිම බැංකු නොවන මූල්‍ය සේවා අත්දැකීමක් ලබාදීමේ දැක්මක් ඇතිව ක්‍රියාත්මක වන අතර මූල්‍ය ක්ෂේත්‍රයේ නව මිණුම් ලකුණක් තැබීම සඳහා නව තාක්ෂණය, නව්‍ය පහසුකම් සහ සේවාවන් සමඟ ශීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතින්නකි. එහෙයින් පීපල්ස් ලීසිං සමාගම සිය වටිනා ගනුදෙනුකරුවන්ට නව පරිශ්‍රයට පිවිස උසස් මුල්‍ය අත්දැකීමක් ලබාගන්නා ලෙසින් ඇරයුම් කෙරේ.

පීපල්ස් ලීසිං සමාගම යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන අතර රටෙහි විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුල්‍ය ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස 1996 දී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළුව අනුබද්ධිත ක්ෂේත්‍ර හයක් සමඟ විවිධාංගීකරණය වූ බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව