පීපල්ස් ලීසිං වැල්ලවත්ත ශාඛාව ත්‍රිරෝදරථ ක්‍රියාකරුවන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීමට දායක වෙයි.

PLC - Wellawatte Branch Support Three Wheeler Operators (LBN Fill)

 



 

 

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ වැල්ලවත්ත ශාඛාව විසින් වැල්ලවත්ත අවට ප්‍රදේශයෙහි ලියාපදිංචි ත්‍රිරෝදරථ ක්‍රියාකරුවන්ගේ රැකියා ගුණත්වය ඉහළ නංවාලීමේ ව්‍යාපෘතියක් දැන් අරඹා තිබේ. එහි මුලික වැඩසටහන වැල්ලවත්ත ත්‍රිරෝදරථ රියදුරන්ගේ සංගමය සහ වැල්ලවත්ත පොලිසියේ සහයෝගයෙන් පීපල්ස් ලීසිං වැල්ලවත්ත ශාඛාවේදී පසුගියදා පැවැත්විණි.

වර්ථමාන ශ්‍රී ලංකාව තුළ නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවල බහුලව භාවිතාවන පොදු ප්‍රවාහන ක්‍රමය ත්‍රිරෝදරථය හෙයින් එය භාවිතයෙන් සිදුවන අපරාධ වැළැක්වීම හා ත්‍රිරෝද රථ ක්‍රියාකරුවන් සඳහා මනා වෘත්තීයභාවයක් ඇතිකිරීමේ අරමුණ පෙරදැරිව මෙම වැඩසටහන දියත් කෙරුණි. ඒ අනුව පීපල්ස් ලීසිං වැල්වත්ත ශාඛාව විසින් වැල්ලවත්ත ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමයේ ලියාපදිංචි වී ඇති සෑම ත්‍රිරෝද රථ ක්‍රියාකරුවෙකුටම හැඳුනුම්පතක් නිකුත්කිරීමද මෙහිදී  සිදු කෙරුණි.

වර්ථමානයේ සිදුවන ගෝලීය ඩිජිටල් පරිවර්ථනය හමුවේ සිය ජීවනෝපායන් පහසුකරලිම හා ඊට අනුගතවීම පහසුකරලීමේ අදිටනින් මෙම අවස්ථාවට සහභාගි වු ත්‍රිරෝදරථ ක්‍රියාකරුවන්ට zQR කේතය’ පිළිබඳ දැනුවත් කිරීමද මෙහිදී සිදුවිය.

පීපල්ස් ලීසිං සමාගමේ මෙහෙයුම් අංශයේ ප්‍රධාන කළමනාකාරිණි ප්‍රියංකා විමලසේන මහත්මියගේ මුලිකත්වයෙන් පැවැත්වුණු මෙම කර්ත්‍යව්‍යයට පීපල්ස් ලීසිං වැල්ලවත්ත ශාඛාවේ කළමනාකරු කේ. චන්ද්‍රසේකරන් මහතා, වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපති (OIC) ප්‍රධාන පොලිස් පරීක්ෂක පරිපාලන එල්.ඒ.යූ. නාඔටුන්න මහතා සහ ස්ථානාධිපති  (OIC) උප පොලිස් පරීක්ෂක රථවාහන ඩබ්ලිව්.පී. ප්‍රශාන්ත යන මහත්වරුන් ද “වෘත්තීය ත්‍රිරෝද රථ සංගම් නායකත්වයේ සැබෑ හඬ” සංවිධානයේ කැඳවුම්කරු එල්. රෝහණ පෙරේරා මහතා සහ වැල්ලවත්ත ත්‍රිරෝද රථ රියදුරන්ගේ සුබසාධක සංගමයේ සභාපති ජේ. පි. ස්වර්ණසිරි යන මහත්වරු සහභාගි වුහ.

පීපල්ස් ලීසිං සමාගම යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996 දී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත්‍ර හයක් හරහා විවිධාංගීකරණය වු බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six + 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව