පීපල්ස් ලීසිං රන් ණය සේවාව දැන් දිවයින පුරා.

PLC - Opening of Gold Loan Units -Pix -01 (LBN Fill)

 



 

 

පීපල්ස් ලීසිං සමාගමේ රන් ණය ඒකක හයක් විවෘතකිරීමට එම සමාගම කටයුතු කරනු ලැබිය. පීපල්ස් ලීසිං සමාගමේ දිවුලපිටිය, මඩකලපුව, ඇල්පිටිය, උඩුගම, රත්නපුරය හා අම්බලන්තොට යන ශාඛා පරිශ්‍රයන් හි පිහිටවූ එම රන් ණය ඒකක ඔස්සේ ගණුදෙනුකරුවන්ගේ හදිසි මුදල් අවශ්‍යතා ‘පීපල්ස් ලීසිං රන් ණය සේවාව’ තුළින් පහසුවෙන් ඉටු කරගැනීමට දැන් පහසුකම් සැලසෙනු ඇත.

ඔබේ මූල්‍ය අවශ්‍යතා සඳහා ඉක්මන් සහ සුවපහසු විසඳුමක් ලෙස පුළුල් සහ විවිධ වූ මුල්‍ය සේවා රැසක් සපයන පීපල්ස් ලීිසිං සමාගම වර්ෂ 2017 ජුලි 27 වන දින රන් ණය පහසුකම් සඳහා මුල පිරිමක් ලෙස ප්‍රථම රන් ණය ඒකකය පීපල්ස් ලීසිං පිටකොටුව ශාඛාව තුළ විවෘත කෙරුණි. එතැන් සිට අද දක්වා දිවයින පුරා රන් ණය ශාඛා 55ක් පිහිටුවූ වැඩි වටිනාකමකින් යුත් ඉහළ අත්තිකාරම් මුදලක් ගණුදෙනුකරුවන්ගේ අතට එසැණින් ලබා දෙනු ලබයි.

පීපල්ස් ලීසිං සමාගම යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996දී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත්‍ර හයක් හරහා විවිධාංගීකරණය වු බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇතග

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight + 14 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව