පීපල්ස් ලීසිං කුලියාපිටිය ශාඛාව වැඩි පහසුකම් සහිත නව පරිශ්‍රයකට

PLC - Kuliyapitiya Branch - Relocation2

 



 

 

ගණුදෙනුකරුවන් වෙත වඩාත් සුවපහසු හා කඩිනම් මුල්‍ය සේවාවක් සැපයිමේ අරමුණින් පීපල්ස් ලීසිං කුලියාපිටිය ශාඛාව අංක 21 මාදම්පේ පාරේ ,මිගහකොටුව කුලියාපිටිය යන  නව ස්ථානයට  ප්‍රවේශවීම පසුගියදා සිදුවිය.

පීපල්ස්  ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ සභාපති, ප්‍රදීප් අමිර්තනායගම් මහතාගේ සුරතින් නව පරිශ්‍රය උත්සවාකාරයෙන් විවෘත විණි. පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී, ෂමින්ද්‍ර මර්සිලින් මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ශාඛා ජාල) , ලක්සඳ ගුණවර්ධන මහතා, ප්‍රදේශීය ප්‍රධාන කළමනාකාර, සුසිල් ප්‍රියන්ත මහතා, කුලියාපිටිය ශාඛා කළමණාකරු, කුෂාන් හේරත් යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ.

කුලියාපිටිය ප්‍රදේශවාසී ගණුදෙනුකරුවන්ගේ මුල්‍ය අවශ්‍යතා සපුරාලීමේ අරමුණෙන් 2011 වර්ෂයේ ඇරඹූ පීපල්ස් ලීසිං කුලියාපිටිය ශාඛාව සිය වටිනා ගනුදෙනුකරුවන්ට උපරිම බැංකු නොවන මූල්‍ය සේවා අත්දැකීමක් ලබාදීමේ දැක්මක් ඇතිව ක්‍රියාත්මක වේ. තරඟකාරී මූල්‍ය ක්ෂේත්‍රයේ නව මිණුම් ලකුණක් තැබීම සඳහා නව තාක්ෂණය, නව්‍ය පහසුකම් සහ සේවාවන් සමඟ පීපල්ස් ලීසිං සමාගම සිය ව්‍යාපාර කළඹ විවිධාංගීකරණයට ලක් කරයි. එහෙයින් පීපල්ස් ලීසිං සමාගම සිය වටිනා ගනුදෙනුකරුවන්ට කුලියාපිටිය නව පරිශ්‍රයට පිවිස නැවුම් අත්දැකීමක් ලබාගැනීමට ආරාධනා කරයි.

පීපල්ස් ලීසිං සමාගම යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996 දී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත්‍ර හයක් හරහා විවිධාංගීකරණය වු බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව