පිඹුර මූලික රෝහලේ ඔක්සිජන් ධාරිතාවය ඉහළ නන්වන්නට MAS සමූහයට අයත් බොඩිලයින් දායකත්වය සපයයි.

At-the-handover-of-the-Oxygen-tank-to-Pimbura-Base-Hospital

 




 

මේ ගෙවෙන්නේ මුළු ​ලො​වම සසල කළ තීරණාත්මක වූ කාල පරිච්ඡේදයකි. කොවිඩ් අභියෝගයට සාර්ථකව මුහුණදීම අප කාගේත් අරමුණයි. එවන් මොහොතක ඒ සඳහා මහත් රුකුලක් සපයන්නට MAS සමූහයට අයත් බොඩිලයින් ආයතනය පසුගියදා කටයුතු කරන ලදි. ඒ පිඹුර මූලික රෝහලට විශාල අඩුවක්ව පැවති ඔක්සිජන් ධාරිතාව ඉහළ නන්වමින් එම පද්ධතිය ගොඩනැන්වීමට දායකත්වය සපයමිනි. හොරණ, පිඹුර හා අගලවත්ත පිහිටි බොඩිලයින් ආයතන තුනෙහි  එකතුවෙන් මෙම ප්‍රජා සත්කාරය සිදුකරන ලදි.

පිඹුර මූලික රෝහලේ ඔක්සිජන් ධාරිතාව ඉහළ නන්වන්නට කලක සිට විශාල අවශ්‍යතාවයක් පැවතියද ඒ සඳහා හැකියාවක් ලැබී නොතිබුණි. දැයේ අවශ්‍යතාවයට ප්‍රමුඛතාවය දෙමින් බොඩිලයින් ආයතනය විසින් එහි ලීටර් 3000ක ඔක්සිජන් ටැංකියක් සවිකරමින් රෝගීන් වෙනුවෙන් ඔක්සිජන් ධාරිතාව ඉහළ නන්වන්නට කටයුතු කරන ලද්දේ එවන් පසුබිමකයි.

මෙම සුවිශේෂී අවස්ථාව සඳහා බොඩිලයින් හි ප්‍රධාන විධායක නිලධාරී දිනේෂ් ද සිල්වා, නිෂ්පාදන අධ්‍යක්‍ෂ සමන්ත සෙනවිරත්න, මානව සම්පත් සහ තිරසාර ව්‍යාපාර අධ්‍යක්ෂ වෙනුර අත්තනායක,  බොඩිලයින් II  හි මෙහෙයුම් සාමාන්‍යාධිකාරි එරංග වීරසිංහ හා බොඩිලයින් II  හි මානව සම්පත් කළමනාකාරිණී කමණී ගුණසේකර ආදීන් සහභාගී විය.  තවද ඒ සඳහා පිඹුර මූලික රෝහලේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ, ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයේ හා මහජන සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ විශේෂ අමුත්තන් රැසක්​ද සහභාගී විම විශේෂත්වයකි.

මේ පිළිබඳ අදහස් දැක්වූ  MAS සමූහයට අයත් බොඩිලයින් හි මානව සම්පත් සහ තිරසාර ව්‍යාපාර අධ්‍යක්ෂ වෙනුර අත්තනායක මෙසේ පවසන ලදි. “පැවති අවශ්‍යතාවය හඳුනාගනිමින්, ප්‍රජාවගේ යහපත වෙනුවෙන් මෙම පරිත්‍යාගය සිදුකරන්නට හොරණ, පිඹුර හා අගලවත්ත පිහිටි බොඩිලයින් ආයතන තුනෙහි අප එකමුතුවෙන් කටයුතු කළා. ඉදිරියේදීද අවශ්‍යතාවයන් අනුව මෙවන් සමාජ සත්කාරයන් සඳහා දායක වීම MAS අපගේ බලාපොරොත්තුවයි.”

මෙම සත්කාරයට පෙර මෙම වසර ආරම්භයේදීද MAS සමූහය විසින් කුලියාපිටිය ශික්ෂණ රො​හලේ ඔක්සිජන් ධාරිතාව ලීටර් 6000 කින් ඉහළ නන්වමින් එම පද්ධතිය ගොඩනැන්වීමට කටයුතු කරන ලදි. තවද COVID-19 රෝගීන්ගේ රැකවරණය වෙනුවෙන් වෛද්‍ය හා අනෙකුත් පහසුකම් සහිතව දිවයිනේ ප්‍රදේශ කිහි​පයක​ම COVID-19 සත්කාර මධ්‍යස්ථාන පිහිටුවන්නටද MAS කටයුතු කරන ලදි.

 

 




 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව