පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් උසස් ජංගම දුරකතන අත්දැකීමක් ලබා දීමට සැම්සුන් One UI 4 Update හඳුන්වා දෙයි

Webp.net-resizeimage




 

පාරිභෝගිකයින්ට උසස් ජංගම දුරකතන අත්දැකීමක් ලබා දීම සඳහ සිය smartphones සඳහා One UI 4 තාක්ෂණය නිල වශයෙන් හඳුන්වා දුන් බව සැම්සුන් ශ්‍රී ලංකා මෑතකදී නිවේදනය කළේය. මෙය පළමුව Galaxy S21, Galaxy S21+ සහ Galaxy S21 Ultra ඇතුළු Galaxy S21 කාණ්ඩයේ smartphones වලට හඳුන්වා දෙන බව සමාගම පවසයි. පාරිභෝගිකයාට ගැලපෙන පරිදි සකස් කරගත හැකි පහසුකම් (customization options), රහස්‍යභාවය පිළිබඳ විශේෂාංග හා දිනෙන් දින පුළුල් වන සැම්සුන් හි සංකීර්ණ පද්ධතියට (ecosystem) ප‍්‍රවේශය සහිතව, One UI 4 ඔබට පාලනය කළ හැකි උසස් ජංගම අත්දැකීමක් ලබාදෙයි.

ඔබේ අද්විතීය අවශ්‍යතා හා පැහැදිලි ලෙස සඳහන් ඔබේ පෞද්ගලිකත්වය සපුරා ගැනීම සඳහා වෙනස් කරන ලද ජංගම දුරකතන අත්දැකීමක් නිර්මාණය කිරීමට One UI 4 ඔබට හැකියාව ලබා දෙයි. තෝරා ගැනීම සඳහා නව වර්ණ මාලාවකින් යුතු වන අතර ඔබට icon, menu, button හා background සඳහා ඔබේ home screen එකෙහි සෑම දෙයකම පෙනුම හා සංවේදනය (feel) වෙනස් කළ හැකිය. එමෙන්ම reimagined widgets පහසුකම සමඟ ඔබේ වුවමනාවලට ගැලෙපන පරිදි වෙනස්කම් කරගත හැකි වඩාත් පුළුල් පහසුකම් පවා ලබාදෙයි. ඔබගේ keyboard ඍජුවම ලබාගත හැකි emoji විශේෂාංග, GIFs හා ස්ටිකර්ස් හි පුළුල් මිශ‍්‍රනය මගින් ඔබට උත්සාහයකින් තොරව ඔබ පිළිබඳව ප‍්‍රකාශ කළ හැකිය.

ශක්තිමත් ආරක්ෂණ පද්ධතියක් නොමැති විට රහසිගතභාවයක්  නොමැත. එමනිසා නවතම රහසිගත හා ආරක්ෂිත විශේෂාංග සැම්සුන් One UI 4 සමඟ හඳුන්වාදෙන අතර එහිදී ඔබට පළ කිරීමට හෝ පෞද්ගලිකව තබා ගැනීමට අවශ්‍ය මොනවාද යන්න නිවැරදිව තෝරා ගැනීමට හැකිය. ඔබේ කැමරාවට හෝ මයික්‍රෝෆෝනයට ප‍්‍රවේශ වීමට app එකක් උත්සාහ කරන විට ඔබව දැනුවත් කිරීමේ සිට ඔබේ සියලූම සැකසුම් (settings) හා පාලනයන් (controls) එක් පහසු ස්ථානයකට ගෙන එන නව රහස්‍යතා උපකරණ පුවරුවක් (privacy dashboard) ඇත. One UI 4 සමඟ ඔබේ privacy settings පරීක්ෂා කිරීම හා පාලනය කිරීම පහසුය.

මේ පිළිබඳව අදහස් දක්වන සැම්සුන් ශ‍්‍රී ලංකා හි කළමනාකරණ අධ්‍යක්ෂ කෙවින් සුන්ග්සු යූ මහතා පැවසුවේ ‘’සැමටම සාධාරණ ලෙස ප‍්‍රායෝගිකව ඉතා ඉක්මනින් ලබාගත හැකි වීශිෂ්ට ජංගම දුරකතන අත්දැකීමක් ලබා දීමට අප කැපවෙනවා. වඩාත් යාවත්කාලීන එක් එක් පුද්ගලයාට අවේණික වූ සහ රහසිගත විශේෂාංගයන්ගෙන් යුත් Galaxy smartphones පරිභෝගිකයන්ට ලබා දීමෙන් One UI 4 එම පොරොන්දුව ඉටු කරනවා. එහෙත් අපි මෙතනින් නවතින්නේ නැහැ. අපගේ ecosystem එක හරහා බාධාවකින් තොර අත්දැකීමක් විඳ ගැනීමට අවස්ථාව ලබා දෙමින් මෙම software upgrade කිරීම ඉක්මනින්ම අනෙකුත් smartphone හා tablet පරිශීලකයින්ට ද හඳුන්වා දීමට අප බලාපොරොත්තු වනවා.’’ යනුවෙනි.

වඩාත් ප‍්‍රබල ජංගම දුරකතන අත්දැකීමක් ලබා දෙමින් උපකරණ හා third-party apps සම්බන්ධව සැම්සුන් හි ඇදහිය නොහැකි තරම් විශාල ecosystem එකෙහි බොහෝ දේ ලබා ගැනීමට One UI 4 උපකාරී වේ.

Google වැනි ක්ෂේත‍්‍රයේ අනෙකුත් ප‍්‍රමුඛයන් සමඟ සැම්සුන් පවත්වාගෙන යන හවුල්කාරීත්වය මගින් ඔබේ ප‍්‍රියතම තෙවන third-party apps හා සේවා භාවිතා කරන විට බාධාවකින් තොර අත්දැකීමක් ඔබට තහවුරු කරයි. මිතුරු මිතුරියන් හා පවුලේ සමාජිකයන් සමඟ ඉහළ ගුණාත්මකභාවයකින් යුත් video calls ලබාගත හැකි  Google Duo වැනි apps ඔබට භාවිතා කළ හැකි බව මෙමගින් අදහස් වේ. Galaxy Z Series, Galaxy Watch හෝ Galaxy Tab ඔබ භාවිතා කරන විට ඔබට ඔබගේ devices හරහා නොවෙනස් පෙනුමක් හා අත්දැකීමක් ලබා ගත හැකිය. එමෙන්ම ඔබට බාධාවකින් තොරව ඒවා එක ලෙස පවත්වා ගෙන යා හැකිය.

One UI 4 මේ වන විට Galaxy S21 කාණ්ඩයේ ඇතුළත් වන අතර ඉක්මනින්ම Galaxy S, Note series මෙන්ම Galaxy Z හා A කාණ්ඩවලට ද tablet වලට ද ඇතුළත් වනු ඇත.

Android 12 update කිරීම් 12 කින් සමන්විත One UI 4 upgrade එක අපගේ Galaxy පාරිභෝගිකයන්ට හඳුන්වාදීමට හැකිවීම පිළිබඳව අප සතුටු වෙන්නෙමු. https://r2.community.samsung.com/t5/Others/One-UI-4-upgrade-with-Android-12/td-p/10105325 link එක යටතේ Samsung members app හරහා මෙම updates ඔබට පරික්ෂා කළ හැකිය.

Samsung අඛණ්ඩව වසර තුනක් ශ‍්‍රී ලංකාවේ ‘Most Loved Electronics Brand’ ලෙස Brand Finance Lanka විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකට අනුව සම්මානයන්ට පාත‍්‍ර වී ඇත. මෙරට අංක 1 smartphone වෙළෙඳ නාමය වන Samsung සෑම වයස් කාණ්ඩයකම, විශේෂයෙන් නව යොවුන් හා තාරුණ්‍යයේ පාරිභෝගික පදනමක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 − five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව