පාරිභෝගිකයන්ට රක්ෂණාවරණ පිරිනැමීමට Ceylinco General Insurance සමඟ Dearo Investment එක් වේ

B

Dearo Investment Ltd සිය පාරිභෝගිකයන්ට රක්ෂණාවරණ පිරිනැමීමට සඳහා සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹේ. මේ හරහා Dearo Investment සමඟ ගනුදෙනු කරන සෑම පාරිභෝගිකයෙකුටම රක්ෂණාවරණයක් ලැබෙනු ඇත. පාරිභෝගිකයන්ගේ යහපත සඳහා Dearo Investment සතු කැපවීම මේ තුළින් යළි තහවුරු වේ. ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට Dearo Investment ප්‍රධාන විධායක නිලධාරී හා කළමනාකරණ අධ්‍යක්ෂ ප්‍රසන්න සංජීව, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නිරන්ජන් වර්ණසූරිය සහ සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ සාමාන්‍යධිකාරී එස්. තිලකේෂ්, සහකාර සාමාන්‍යධිකාරී වී. කේ. ගුණතිලක, ප්‍රාදේශීය අලෙවි කළමනාකරු එන්. ජී. සී. ගුණරත්න, ජ්‍යෙෂ්ඨ අලෙවි විධායක කේෂර හසුන් සහභාගී වූහ.
 



 

Dearo Investment පෞද්ගලික හා ව්‍යාපාර මූල්‍ය සේවා, ණය, ආයෝජන අවස්ථා වැනි සේවා රැසක් සපයයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, හවුල් ව්‍යාපාර සහ ආරම්භක අවස්ථාවේ පවතින ව්‍යාපාර සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සැළැසීම, දැනට පවතින ව්‍යාපාරවල ප්‍රාග්ධනය ඉහළ නැංවීමට අවශ්‍ය ව්‍යවසායක ණය සැපයීම එම සමාගමේ ප්‍රධාන සේවා අතර වේ. පාරිභෝගිකයන්ට වෙත නව්‍ය සහ කාර්යක්ෂම මූල්‍ය විසඳුම් සැපයීමට ප්‍රමුඛතාව දෙන කාර්ය මණ්ඩලයක් හරහා මෙම සේවා සපයයි. ශාඛා 30කට අධික ප්‍රමාණයකට හිමිකම් කියන Dearo Investment ඉදිරියේදී තවත් ශාඛා රැසක් විවෘත කිරීමට සැළැසුම් කර ඇත. වර්තමානයේදී එම සමාගම මූල්‍ය සේවා, ව්‍යාපාර සහ නීති සේවා, ආහාර පාන, සංචාරක, අධ්‍යාපන සේවා, තොරතුරු තාක්ෂණ, වාහන, කෘෂිකාර්මික, වැවිලි වැනි ක්ෂේත්‍ර රැසක් පුරා විහිදී යන සේ ව්‍යාපාර කටයුතු පුළුල් කර තිබේ. බැංකුකරණ සහ මූල්‍ය ක්ෂේත්‍රයේ විශ්වාසනීය වසර 15කට අධික අත්දැකීම් සහිත ප්‍රසන්න සංජීව මහතාගේ නායකත්වය යටතේ Dearo Investment මූල්‍ය ක්ෂේත්‍රයේ විශ්වාසනීය නමක් දිනා ඇත. එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන ප්‍රභාෂ් ගුණරත්න, උපුල් එදිරිසූරිය, තරිඳු ධනංජය සමරවික්‍රම, නිරන්ජන් වර්ණසූරිය, තිළිණි කල්හාර ඒකනායක සමාගමේ දියුණුවට ප්‍රමුඛ දායකත්වයක් සපයති.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව