ප්‍රීමා කොත්තු මී “හොට් ඇන්ඩ් ස්පයිසි ක්‍රිකට්” තෑගි රැසක් සමග නැවතත්

KMKricket-

 




 

 

ක්‍රිකට් හා විනෝදය සමග සබැඳුනු ශ්‍රී ලාංකීය ක්‍රිකට් රසිකයන්ගේ හද බැඳි ප්‍රීමා කොත්තු මී “හොට් ඇන්ඩ් ස්පයිසි ක්‍රිකට්” ප්‍රවර්ධන වැඩසටහන අති සාර්ථක හත්වැනි වරටත් ක්‍රියාත්මක කෙරෙන බව පසුගියදා නිවේදනය කෙරිණ. 2021 ඔක්තෝබර් මස 01 වැනිදා සිට නොවැම්බර් මස 30 වැනිදා දක්වා දිනපතා හා සතිපතා දිනුම් ඇදීම් සමග මාසික මහා දිනුම් ඇදීම් හරහා ජයග්‍රාහකයන් රැසක් මෙවරත් හොට් ඇන්ඩ් ස්පයිසි ක්‍රිකට් ප්‍රවර්ධන වැඩසටහන සමග බිහිකෙරේ.

ඕනෑම ප්‍රීමා කොත්තු මී හොට් ඇන්ඩ් ස්පයිසි ක්‍රිකට් පැකට්ටුව තුල ඇති සැෂේ පැකට්ටුවෙහි මුද්‍රිත රහස් අංකය, 2343 අංකයට SMS කිරීමෙන් හොට් ඇන්ඩ් ස්පයිසි ක්‍රිකට් ප්‍රවර්ධන වැඩසටහන වෙත ඇතුලත් වී වටිනා ත්‍යාග රැසක් දිනාගැනීමේ අවස්ථාව පාරිභෝගික ජනතාවට හිමිවේ. මාස 2 පුරා දිනපතා ජයග්‍රාහකයන් 2 දෙනා බැගින් තෝරාගෙන ෆිට්නස් බෑන්ඩ් එකක් ලෙස ක්‍රියාකරන අගනා ස්මාට් අත් ඔරලෝසුද, සතිපතා දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයන් 2 දෙනෙකු වෙත අගනා ස්මාට් ජංගම දුරකතනද මෙහිදී පිරිනැමේ. එමෙන්ම සතිපතා තෝරාගන්නා තවත් වාසනාවන්ත ජයග්‍රාහකයෙකු සඳහා රු. 50, 000 බැගින් මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිත අතර “හොට් ඇන්ඩ් ස්පයිසි ක්‍රිකට්” ප්‍රවර්ධන වැඩසටහන අවසානයේ තෝරාගැනෙන අවසන් ජයග්‍රාහකයා වෙත රු. 250, 000 ක මුදලක් දිනාගැනීමේ අවස්ථාව ද උදාවේ.

විනෝදකාමී ශ්‍රී ලාංකීය රසවතුන්ගේ ප්‍රියතම සන්නාමයක් වන ප්‍රීමා කොත්තු මී  සෑම වසරකදීම තමන් හා එක්ව සිටින හිතවත් පාරිභෝගිකයන් වෙත “හොට් ඇන්ඩ් ස්පයිසි ක්‍රිකට්” ප්‍රවර්ධන වැඩසටහන හරහා සිය ආදර ගෞරවය පළ කරනු ලබයි. ප්‍රීමා කොත්තු මී සමග “ගෙදර ක්‍රිකට් ෆන් තමයි” යන තේමාව පෙරදැරි කරගනිමින් ක්‍රියාත්මක වන මෙම ප්‍රවර්ධන වැඩසටහන විඩාබර ශ්‍රී ලාංකිකයන්ට නව ප්‍රබෝධයක් එක් කරන්නට සමත්වනු ඇත.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව