ප්‍රවීණ මානව සම්පත් වෘත්තිකයෙකු වන ෂාලිය සිල්වා මහතා සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී – මානව සම්පත් හා ස්ථාපිත කිරීම් ලෙස සේවා කටයුතු ආරම්භ කරයි

Asset 2 (LBN)

 



 

 

2023.03.03 දින සිට ක්‍රියාත්මක වන පරිදි කිරීම් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී – මානව සම්පත් හා ස්ථාපිත ලෙස ප්‍රවීණ වෘත්තිකයෙකු වන ෂාලිය සිල්වා මහතා පත්කර තිබේ.  රෝමයේ Urbaniana University වෙතින් දර්ශනවේදී ප්‍රථම උපාධියක් ලබා ඇති ෂාලිය සිල්වා මහතා, කොළඹ විශ්ව විද්‍යාලයෙන් කම්කරු සබඳතා හා මානව සම්පත් පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ඇත.

පුද්ගල කළමනාකරණ වරලත් ආයතනයේ (CIPM) සහ ශ්‍රී ලංකා පුහුණු හා සංවර්ධන ආයතනයේ (SLITAD) සාමාජිකයෙකු වන ෂාලිය සිල්වා මහතා, මානව සම්පත් කළමනාකරණය සහ මානව හැකියා සංවර්ධනය සම්බන්ධයෙන් අත්දැකීම් සම්භාරයක් ලබා තිබේ. මානව සම්පත් කළමනාකරණයට අදාළ වෘත්තීය සුදුසුකම් සපුරා ඇති ඒ මහතා, CIPM ආයතනයෙන් පුහුණු කිරීම හා මානව සම්පත් සංවර්ධනය සම්බන්ධයෙන් උසස් ජාතික ඩිප්ලෝමාවක්ද හිමිකරගෙන ඇත.

ඉදිරියට තම භූමිකාව ඔස්සේ සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම තුළ වඩාත් තිරසාර, ඵලදායී හා කාර්යක්ෂම රැකියා පරිසරයක් ස්ථාපිත කිරීමට ෂාලිය සිල්වා මහතා පියවර ගනු ඇත. මානව සම්පත් කළමනාකරණය සම්බන්ධ නව ක්‍රමවේදයන් හඳුන්වා දීමටත්, නවීන ඩිජිටල් තාක්ෂණය භාවිතය ගැනීමටත්, ප්‍රතිලාභ වැඩසටහන් කළමනාකරණය කිරීමටත් ඒ මහතා කටයුතු කරනු ඇති අතර, ප්‍රතිපත්ති, අනුකූලතා හා ක්‍රමෝපායන් සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයට හා කළමනාකාරීත්වයට මගපෙන්වීම් ලබාදීමද සිදුකරනු ඇත. මෙය සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ මානව සම්පත් අංශයේ ව්‍යාපාරික, සමාජයීය හා සංවර්ධන ඉලක්ක ළඟා කරගැනීමට මහෝපකාරී වන සාධකයක් වනු නිසැක ය.

මෙම පත්වීම, සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම වඩාත් තිරසාර වර්ධනයක් කරා යන පියවර තුල තවත් වැදගත් ක්‍රමෝපායික සන්ධිස්ථානයකි. මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් තමන් සතු අතිශය පුළුල් දැනුම හා අත්දැකීම් සම්භාරය සමගින් ෂාලිය සිල්වා මහතා සමාගමේ මානව සම්පත් අංශයේ  හා ස්ථාපිත කිරීම් අංශයේ අනාගත සාර්ථකත්වය වෙනුවෙන් පුරෝගාමී කාර්යභාරයක් ඉටුකරනු ඇත. එමෙන්ම මෙය ක්ෂේත්‍රය තුළ තමන් සතු තරගකාරීත්වය අඛණ්ඩව පවත්වාගන්නා අතරම තම මානව සම්පත් සංවර්ධනය හා පෝෂණය කිරීම සඳහා සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම තැබූ වැදගත් ඉදිරි පියවරක් ලෙසද හැඳින්විය හැකි වේ.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව