ප්‍රයිම් ලෑන්ඩ්ස් වෙබ් අඩවිය දෙවැනි වරටත් හොඳම ආයතනික වෙබ් අඩවිය ලෙස රන් සම්මානයෙන් පිදුම් ලබයි

Image 02 - Prime Lands clinches coveted Gold Award for elevated online presence at 13th BestWeb.lk 2023 Competition for 02nd Time (LBN)

 



 

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපළ වෙළඳාම් සමාගමක්වන ප්‍රයිම් ලෑන්ඩ්ස් (Prime Lands) සිය නිල ආයතනික වෙබ් අඩවියවන www.primelands.lk වෙනුවෙන් 13 වැනි BestWeb.lk සම්මාන උළෙලේදී ආයතනික කාණ්ඩය (Corporate Segment) යටතේ රන් සම්මානයෙන් පිදුම් ලැබී ය. මීට පෙර 2020 වසරේදීද ප්‍රයිම් ලෑන්ඩ්ස් වෙත BestWeb.lk සම්මානයක් හිමි වූ අතර, ඒ අනුව ප්‍රයිම් ලෑන්ඩ්ස් වෙත BestWeb.lk රන් සම්මාන හිමි වූ දෙවැනි අවස්ථාව මෙයයි.
මෙම සම්මාන උළෙල 2023 අගෝස්තු 09 වන දින Imperial Monarch හිදී පැවැත්විණි. ඩිජිටල් තාක්ෂණ හා නවෝත්පාදන ක්ෂේත්‍රයට සම්බන්ධ විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.
වෙබ් අඩවියක නිර්මාණශීලීත්වය, ග්‍රැෆික් නිර්මාණකරණයේ ගුණාත්මකභාවය, කලාත්මකභාවය, තාක්ෂණික විශේෂඥභාවය සහ අන්තර්ගතයේ ගුණාත්මකභාවය යනාදී සාධක සැලකිල්ලට ගනිමින් BestWeb.lk සම්මාන උළෙලේ ජයග්‍රාහකයන් තීරණය කරනු ලැබේ.
සිය වෙබ් අඩවිය ඉතාමත් අලංකාර සහ ප්‍රයෝජනවත් ලෙස සැලසුම් කරමින්, අන්තර්ජාලය තුළ ප්‍රයිම් ලෑන්ඩ්ස් පිළිබඳ තොරතුරු සොයන ඕනෑම කෙනෙකුට පහසුවෙන් එම තොරතුරු ලබාගත හැකිවන ආකාරයට එය නිර්මාණය කිරීම නිසා ප්‍රයිම් ලෑන්ඩ්ස් වෙත මෙම සම්මානය හිමි විය. නවීන තාක්ෂණය ඔස්සේ තම පාරිභෝගිකයන්ට උපරිම පහසුවක් සැලසීමට සමාගම දරන උත්සාහය සාර්ථක වී ඇති බවට මෙම සම්මානය සාක්ෂි දරයි. මෙම වෙබ් අඩවිය තුළදී පාරිභෝගිකයන්ට අලෙවිය සඳහා ඇති දේපළ ඉතාමත් පහසුවෙන් පරීක්ෂා කළ හැකි අතරම, ‘Virtual tours’ ඔස්සේ ඒවා වඩාත් හොඳින් දැකගැනීමටත්, චැට් සේවාවක් හරහා සජීවීව සහය ලබාගැනීමටත් අවස්ථාව හිමි වේ. පාරිභෝගිකයන්ගේ වෙනස් වන අවශ්‍යතාවන්ට මැනැවින් ආමන්ත්‍රණය කරන එම වෙබ් අඩවිය, ක්ෂේත්‍රයට නව ආදර්ශ සැපයීමට සමත් වී ඇත.
ප්‍රයිම් සමූහ ව්‍යාපාරය සෑම විටම තාක්ෂණික නවෝත්පාදන හඳුන්වා දීමටත්, පාරිභෝගික අත්දැකීම වැඩිදියුණු කිරීමටත් ප්‍රමුඛත්වය දී කටයුතු කරයි. ඒ ඔස්සේ පාරිභෝගික තෘප්තිය සහතික කිරීමට සමත් වීමද ප්‍රයිම් ලෑන්ඩ්ස් වෙත මෙම සම්මානය හිමි වීමට ප්‍රධානතම හේතුවක් විය.
“අපේ වෙබ් අඩවිය ඉතා ආකර්ශනීය, පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් වගේම නිරායාසයෙන් මතකයේ රැඳෙන සුළු බව මේ රන් සම්මානය හිමි වීමට මුලිකවම හේතු වුනා. ඒ වගේම නවීන තාක්ෂණය ඔස්සේ අපගේ පාරිභෝගිකයන් වෙත විශිෂ්ඨතම සේවාවක් ලබා දීමට ප්‍රයිම් සමුහය සිදු කළ කැපකිරීම එනම් අප කෙරෙහි පවතින දැඩි විශ්වාසය ආරක්ෂා කර ගනිමින් නවීනත්වය ඔස්සේ පහසුවෙන් භාවිතා කළ හැකි අන්දමේ වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ වෑයම අති සාර්ථක වූ බව මතක් කරනුයේ නිහතමානී ආඩම්බරයකිනි. තම නිවස හා බැඳුනු සතුට, සැනසුම හා නිදහස වැනි පාරිභෝගිකයන්ගේ ජීවන ගමනේ සුවිශේෂී අත්දැකීම් වෙබ් අඩවිය තුළ තාක්ෂණය ඔස්සේ සාර්ථකව ප්‍රතිනිර්මාණ සඳහා පැවති ඉලක්කය සපුරා ගත් බවට මෙම රන් සම්මානය මඟින් යලිත් තහවුරු වන බව” ප්‍රයිම් ලෑන්ඩ්ස් පුද්. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රුමින්ද රන්දෙණිය මහතා පැවසී ය.
වෙබ් අඩවිය නිර්මාණය කළ ටෙක් ගීක්ස් පුද්. සමාගම (Tek Geeks Pvt Ltd) සමඟ ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගමේ ඩිජිටල් අලෙවිකරණ අංශ සහ තොරතුරු තාක්ෂණ අංශය සමීපව කටයුතු කර තිබූ ආකාරය සහ එය වෙබ් අඩවියේ සාර්ථකත්වයට බලපා තිබූ ආකාරයද සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලයේ විශේෂ අවධානයට ලක්විය.
LK Domain Registry මඟින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන BestWeb.lk සම්මාන උළෙල මෙරට ප්‍රමුඛතම වෙබ් සම්මාන උළෙලක් ලෙස සැලකෙන අතර, එහිදී මෙරට සමාගම් හා ආයතනවල ඩිජිටල් විශේෂඥභාවය සහ නිර්මාණශීලීත්වය ඇගයීමට ලක්වේ. BestWeb.lk සම්මාන සඳහා ජයග්‍රාහකයන් තීරණය කිරීමේදී වෙබ් අඩවිවල අලංකාරය සහ ප්‍රායෝගිකත්වය ඇතුළු සාධක රාශියක් සැලකිල්ලට ගනු ලබයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 − 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව