ජනමාධ්‍ය වේදිනියක වන ප්‍රමිලා සෙව්වන්දි වීරසිංහගේ ‘පශ්චාත්තාපය’ කෘතිය 2021. 11. 11 දින Online තාක්ෂණය ඔස්සේ සුබ මොහොතින් දොරට වැඩීම සිදුවිය.
හරසුන් බොළඳ නවකතාවලට අභිවයෝග කරමින් පාඨක මනසේ සියුම් තැන් ස්පර්ෂ කිරීමට සමත් ‘පශ්චාත්තාපය’ කෘතිය මගින් ප්‍රේමය, විවාහය, පවුල් සංසේථාව සහ දේශපාලන භාවිතයේ සේවභාවය ආදී පුළුල් සමාජ පැතිකඩක් හොඳින් නිරීක්ෂණය කරමින් රචනා කර ඇත. එවමන් ම පශේචාත්තාපය වූ කලී දේශපාලන හා සමාජ සමානුයෝජනය පිළිබඳ පුළුල් විවරණයක යෙදෙමින් පාඨකයාට ආනන්දයෙන් ප්‍රඥාවට එළැඹීමට ඉඩකඩ සලසා දෙන ආස්වාදනීය කෘතියකි.
‘පශ්චාත්තාපය කෘතියෙහි කර්තෘ ප්‍රමිලා සෙව්වන්දි වීරසිංහ ශුද්ඩවූ පවුවල් කනයාරාමවයන් සහ ලින්ඩ්සේ බාලිකා විදුහලෙන් මූලික අධ්‍යාපනය හදාරා අනතුරුව එන්ගලන්තයේ London School of Commerce හි උසස් අධ්‍යාපනය ලබා ඇති අතර, ඇය පුවත්පත් ලිපි රචනය , ගීත රචනය, ප්‍රවෘත්ති සංසේකරණය හා ඉදිරිපත් කිරීම, හඩ කැවීම් කටයුතු, නිවේදනය ආදී කලා කටයුතු රැසක නිරත වන කලාකාරිණියකි. එමෙන් ම සිංහල, දෙමළ ස ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් ම දක්ෂ ලෙස හසුරුවමින් ලේඛන කාර්යයෙහි නිරත වන කතුවරියගේ කුළුඳුල් කෘතිය වන්නේ ‘බඹර කලාපය’ යි.