ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා ඇති වන අර්බුදයට පිළියමක් සපයමින් Hayleys Aventura, Eco-One දියත් කරයි

Image 01 (LBN Fill)

 



 

 

 

අද වන විට ලෝකය මුහුණදෙන ප‍්‍රධානතම අර්බුදයක් ලෙස ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම සැලකිය හැකිය. ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම අවම කිරීම උදෙසා විවිධ ක‍්‍රම අනුගමනය කරනු ලබයි. ඒ අතර ප්ලාස්ටික් භාවිතය අවම කිරීම, නැවත නැවත භාවිතා කිරීම සහ ප‍්‍රතිචකී‍්‍රයකරණය කිරීම ආදී සාම්ප‍්‍රදායික ක‍්‍රමවේද මෙන්ම 100% ක් ස්වභාවික දෑ මඟින් නිෂ්පාදනය කරනු ලබන compostable ප්ලාස්ටික් වැනි නවීන ක‍්‍රමෝපායන් ද ප‍්‍රධාන වේ. ඉන් ඔබ්බට ගොස් වර්තමානය වන විට ජෛව හායනය වැනි අති නවීන ක‍්‍රම ද ඉදිරියට පැමිණ ඇති අතර නිෂ්පාදන කි‍්‍රයාවලියට කිසිදු බාධාවක් නොවන ලෙස මෙම ක‍්‍රමය භාවිත කළ හැකි වීම විශේෂත්වයකි.

Hayleys Aventura විසින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා ඇති වන අර්බුදයට එරෙහිව මෙම ජෛව හායනය භාවිතා කරමින් Eco-One නමින් නව නිෂ්පාදනයක් හඳුන්වා දී ඇත.

නිෂ්පාදන ක‍්‍රියාවලියේදී යොදන කාබනික ආකලන (The organic additive), ප්ලාස්ටික් සහ පොලිතීන් නිෂ්පාදනවල ජෛව හායනය වැඩි දියුණු කරයි. මෙමඟින් ශතවර්ෂ ගණනාවක් ගත වන දිරායාමේ කාල සීමාව වසර කිහිපයක් දක්වා අඩු කර ගත හැකිය. Eco-One පොලිමර් නිෂ්පාදන ක්ෂුද්‍රජීවීන් සහිත පරිසරයකට බැහැර කළ පසු කාබනික ආකලන විසින් ක්ෂුද්‍ර ජීවීන් ආකර්ෂණය කරයි. මෙම ක්ෂුද්‍ර ජීවීන් විසින් ආකලන පරිභෝජනය කරන අතරම ඒවා නිෂ්පාදනයේ කාබන් සහ හයිඩ‍්‍රජන් පරමාණු අතර ඇති  රසායනික බැඳීම් බිඳ දමනු ලබයි. මූලද්‍රව්‍ය ද පරිභෝජනය කරයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස ද්‍රව්‍ය දිරාපත් වේ.

නව්‍ය කාර්මික විසඳුම් සහ තාක්ෂණය සැපයීමේ ප‍්‍රමුඛයා ලෙස Hayleys Aventura ශ‍්‍රී ලාංකේය නිෂ්පාදකයින්ගේ තිරසාර ප‍්‍රයත්නයන් ඉදිරියට ගෙන යාමට කැපවී සිටින බව Hayleys Aventura (Pvt) Ltd කළමනාකාර අධ්‍යක්ෂ වසභ ජයසේකර මහතා පැවසුවේය. ”අපගේ ජාතික ආර්ථිකයේ වර්ධනය උදෙසා පරිසර දුෂණය අවම කිරීමට පුද්ගලික අංශය ක‍්‍රියාකාරී භූමිකාවක් ඉටු කිරීම වැදගත් වන අතර Eco-One ඔවුන්ට ඒ සඳහා හොද විසඳුමක් සපයනවා.” යනුවෙන් ඔහු තවදුරටත් පැවසුවේය.

Eco-One වලින් 1%ක් පමණක් ප්ලාස්ටික් සංයෝගයට එකතු කිරීමෙන් මාස 18ක් ඇතුළත භාණ්ඩය 70% ක් දිරාපත් වන අතර ආසන්න වශයෙන් වසර 3ක් ඇතුළත සම්පූර්ණයෙන්ම දිරාපත් වේ.

පොලිප්‍රොපිලීන් (PP) පදනම් වූ ආහාර බහාලූම්, යෝගට් කෝප්ප (පොලිස්ටයිරින්), පොලිතින් බෑග්, ලන්ච් ෂීට් සහ බහුලව භාවිතා වන පොලිඑතිලීන් ටෙරෙෆ්තලේට් (PET) බෝතල් නිෂ්පාදන ක‍්‍රියාවලියේදී මෙන්ම බොහෝ වර්ගවල අගය එකතු කළ රබර් නිෂ්පාදනය උදෙසා ද Eco-One භාවිතා කළ හැකිය. එමෙන්ම එය පාවහන්, නයිලෝන් නූල් සහ අනෙකුත් කොටස් වෙනුවෙන් ද භාවිතා කළ හැකිය.

Eco-One ක‍්‍රියාවලිය සහ එහි අවශේෂ දැඩි ලෙස පරීක්ෂා කර ඇති අතර පසට හෝ පරිසරයට අහිතකර බලපෑමක් නොමැති බවට සහතික කර ඇත. එම පරීක්ෂණයකදී අනාවරණය වූයේ සාමාන්‍ය පසට වඩා Eco-One හි අවශේෂ පසේ සරුසාර ලෙස ශාක වර්ධනය වන බවයි. ඒ අනුව පෙනී යන්නේ ප්ලාස්ටික් භාවිතය නැති කිරීම ප‍්‍රායෝගික නොවන අතර Eco-One භාවිතයෙන් ප්ලාස්ටික් නිෂපාදනය කිරීම ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීමේ අර්බුදයට වඩාත් තිරසාර විසඳුමක් බවයි.

දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමය (SAARC) රටවල්, ඉන්දුනීසියාව සහ මියන්මාරය සඳහා Eco-One හි වරලත් නියෝජිත Hayleys Aventura, එක්සත් ජනපදය සහ යුරෝපය ඉලක්ක කර ගනිමින් ශ‍්‍රී ලංකාවේ අපනයන අංශයේ ගනුදෙනුකරුවන්ට දැනටමත් Eco-One ලබා දෙයි. ප‍්‍රධාන අපනයනකරුවන් කිහිප දෙනෙකු දැනටමත් ඔවුන්ගේ ඇසුරුම් නිෂ්පාදනය කිරීමේදී Eco-One භාවිතා කරනු ලබයි.

ප්ලාස්ටික් තිරසාර ලෙස බැහැර කිරීමේ යාන්ත‍්‍රණයක් ලෙස Eco-One සමහර සංවර්ධිත ආර්ථිකයන් සහිත රටවල භාවිතා වෙයි. Eco-One විසින් ප්ලාස්ටික් සහ පොලිතීන් නිෂ්පාදනවල රසායනික හෝ භෞතික ගුණ කෙරෙහි අහිතකර බලපෑමක් නොමැති බැවින් එම නිෂ්පාදනවල ශක්තිය සහ අනෙකුත් දර්ශක අනුව එම නිෂ්පාදනවල ඵලදායීතාවය නොවෙනස්ව පවතී.

සැලකිය යුතු කරුණක් නම් මෙම Eco-One ආකලන භාවිතයෙන් නිපදවන නිෂ්පාදන ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි අතර, මෙම ක‍්‍රියාවලිය විසින් නිපදවන අතුරු නිෂ්පාදන වන්නේ මීතේන් සහ කාබන් ඩයොක්සයිඞ් පමණි.

Hayleys Aventura නියෝජනය කරන්නේ Hayleys PLC හි කාර්මික යෙදවුම් සහ බලශක්ති අංශයයි. සමාගම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම කාර්මික විසඳුම් සපයන්නා ලෙස ක්ෂේත‍්‍රයේ ඉදිරියෙන් සිටින අතර විවිධාංගීකරණය වූ උපාය මාර්ගික ව්‍යාපාරික අංශ පහකින් සමන්විත වන අතර Engineering Solutions, Hayleys Lifesciences Ltd, Raw Materials, Haycolour සහ Renewable Energy එම අංශයන්ය.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one + 17 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව