ප්‍රේම් රාවත්ගේ ‘ඔබ ඔබටම සවන් දෙන්න’ ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය නිකුත් වේ

PREM RAWAT

ඝෝෂාකාරී ලෝකයක් තුළ සැනසීම සොයා ගන්නා අයුරු කියා දෙන ප්‍රේම් රාවත්ගේ “ඔබ ඔබටම සවන් දෙන්න” ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය පසුගියදා නිකුත් විය. නූතන ජීවන රටාව තුළින් ඇති වන කලබලකාරී සහ නොසන්සුන් බව නිසා අප වෙහෙසට හා පීඩාවට පත් වන බවක් අපට දැනේ. අප අපේක්ෂා කරන්නේ ඝෝෂාව අඩු කර නිසංසල සන්සුන් සාමකාමී ජීවිතයක් ළඟා කර ගැනීමටයි. ලෝ පතල කීර්තිමත් ගුරුවරයෙකු, දේශකයෙකු මෙන්ම ලේඛකයෙකු වන ප්‍රේම් රාවත් උද්යෝගය දනවන සහ ප්‍රඥාව වඩවන මෙම ග්‍රන්ථයෙන් සැනසීම සොයා ගැනීම සදහා අප සෑම දෙනා තුළම තිබෙන සැඟවුණු සම්පත් පිළිබඳව අනාවරණයක් කරයි. ඔහු අපට උගන්වන්නේ මෙම ඝෝෂාව අඩු කර “අප අපටම සවන් දෙන්නේ කෙසේද?” යන්න ගැනයි. එනම් අප සියලු දෙනා තුළම පවතින සියුම් නමුත් ශක්තිමත් දෙයකට සවන් දීමටයි. අප අභ්‍යන්තරයේ පවතින ඒ හඬට අවංකවම සවන් යොමු කිරීමට ඉගෙන ගත් විට සාමකාමීව මෙන්ම ශක්තිමත්ව ලෝකයට මුහුණ දීමේ හැකියාව අපට ලැබේ.

 



 

ජීවිත කාලය පුරා කළ අධ්‍යයනයක ප්‍රතිඵලයක් ලෙස ඔබ ඔබටම සවන් දෙන්න ග්‍රන්ථය සකසා තිබෙන්නේ ඔබ තුළින් නැගෙන හඬට අවධානය යොමු කිරීමට භාවිත කළ හැකි වැදගත් පියවර කිහිපයකිනි. බාහිර අපේක්ෂාවලින් තොරව සාමය සඳහා වන අපගේ පිපාසය නිවා ගැනීමට ප්‍රේම් රාවත් අපට මග පෙන්වා දෙයි. ප්‍රඥාව උපදවන සහ උද්යෝගය දනවන කතන්දරවලින්ද සමන්විත ඔබ ඔබටම සවන් දෙන්න ග්‍රන්ථය මගින් පොදු පාඨකයාට හඳුන්වා දෙන්නේ ඉපැරැණි ප්‍රායෝගික හා ප්‍රඥාසම්පන්න ක්‍රමවේදයකි. මේ මාර්ගය අනුගමනය කිරීමෙන් අප ගැනත්, අප අවට සිටින අය ගැනත්, අපගේ ජීවිත ගැනත් තිබෙන අවබෝධය ගැඹුරින්ම වෙනස් කර ගන්නේ කෙසේද කියා ප්‍රේම් රාවත් අපට අනාවරණය කරයි. මෙම පරිවර්තනයේ මුල් කෘතිය 2021දී වැඩියෙන්ම අලෙවි වීම පිළිබදව නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පතේද පළ විය. 2023 මාර්තු 03 ඉන්දියාවේ ලක්නව්හිදී හින්දි බසට පරිවර්තනය වූ මෙම කෘතිය එළි දැක්වීමේ උත්සවයට පාඨකයන් 114,704ක් සහභාගී වීම ගිනස් ලෝක වාර්තාවක් විය. 2025 මාර්තු 02 ඉන්දියාවේ මිර්සාපූර්හිදී කර්තෘ විසින්ම මෙම කෘතියේ හින්දි පරිවර්තනයේ කොටසක් කියවනු ලැබීම ශ්‍රවණය කිරීමට පාඨකයන් 375,603ක් සහභාගී වීමද ගිනස් ලෝක වාර්තාවක් බවට පත් විය.

(විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ඉන්ද්‍රානි සේනාධීර විසිනි.)

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව