ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් පීඑල්සී හි ‘The Grand Ward Place’ වෙබ් අඩවිය සම්මාන ද්විත්වයක් දිනා ගනී

Image - Prime Lands Residencies PLC ‘The Grand Ward Place’ website shines with dual wins at 14th BestWeb.lk 2024 Competition

ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් පීඑල්සී, නැවත වතාවක් ඩිජිටල් නව්‍යෝත්පාදකයෙකු ලෙසට තමන්ගේ විශිෂ්ටත්වය සනිටුහන් කර ඇත. ඒ, 14 වන වරටත්  පැවැත්වුණු, LK Domain Registry විසින් සංවිධානය කරන, BestWeb.lk 2024 තරගාවලියේ විශිෂ්ට සම්මාන ද්විත්වයක් සිය ‘The Grand Ward Place’ (www.thegrand.com.lk) වෙබ් අඩවිය වෙනුවෙන් ලබා ගනිමිනි.
 



 

අධි-සුඛෝපභෝගී මහල් නිවාස ඒකක වෙබ් අඩවියක් වන ‘The Grand Ward Place’, විශිෂ්ටතම මොබයිල් පරිශීලක අත්දැකීම ලබාදෙන ආයතනික වෙබ් අඩවිය(Website) වෙත පිදෙන රන් සම්මානයත්, සියලුම ඩිජිටල් පර්යන්තයන් ඔස්සේ තම පාරිභෝගිකයින්ට සුවිශිෂ්ට ඔන්ලයින් අත්දැකීමක් ලබාදීමට අදාළ සමාගමට ඇති හැකියාව තහවුරු කරන හොඳම වෙබ් අඩවියට හිමි සම්මානයත් දිනා ගැනීමට සමත් විණි.

අගෝස්තු 14, 2024 දින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවති, තාක්ෂණික සුවිශිෂ්ටත්වය සැමරීම උදෙසා ඩිජිටල් නව්‍යෝත්පාදකයින් සහ ඉදිරි දැක්මෙන් යුතු ක්ෂේත්‍ර ප්‍රමුඛයින් එක්තැන් වූ මෙම උත්සවයේදී, ප්‍රයිම් ලෑන්ඩ්ස්  රෙසිඩන්සීස් පීඑල්සී නියෝජිතයින් වෙත මෙම සම්මාන පිරිනැමිනි.

‘The Grand Ward Place’ වෙබ් අඩවිය ප්‍රශංසාවට ලක්වූයේ, වෙබ් අඩවිය මොබයිල් උපාංග හා සාර්ථකව ක්‍රියා කිරීමත්, එහි දර්ශනීය නිර්මාණාත්මක සැලසුමත්, පරිශීලකයාට පහසු වෙබ් අඩවි මුහුණතත් වීමය. එසේම, අදාළ නිවාස ඒකක තුළ තත්‍යාසන්න සංචාරයන් (virtual tour) ලබාදීම, ඒ මොහොතේම සිදු වන චැට් පහසුකම් (real-time chat) ඔස්සේ පාරිභෝගිකයාට සහාය ලබා දීම මෙන්ම, පහසුවෙන් වෙබ් අඩවිය තුළ සැරිසැරීමට හැකියාව ලබා දීම යන කරුණුවලින් සමන්විත, සුමට ඩිජිටල් අත්දැකීමක් පරිශීලකයින්ට ප්‍රදානය කිරීමට සමත් වීම සම්බන්ධයෙන්ද මෙම වෙබ් අඩවිය පැසසුම් ලැබීය. සමාගම ලබා ඇති මෙම ඩිජිටල් දියුණුව, ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් පීඑල්සී සමාගම අති නවින තාක්ෂණය සුඛෝපභොගීත්වය හා ඒකාබද්ධ කොට සිය පාරිභෝගිකයින්ට ලබාදීමට  දරණ කැපවීම පිළිබඳ සාක්ෂියක් වේ.

“BestWeb.lk 2024 තරගාවලියේදී අපව මෙසේ සම්මානයන්ගෙන් පිදුම් ලැබීම අපි මහත් ගෞරවයක් ලෙසින් සලකමු.” මෙසේ අදහස් දක්වන්නේ ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් පීඑල්සී අධ්‍යක්ෂිකා, ෂෙහානා බ්‍රාහ්මණගේ විසිනි. “අපව මෙසේ සම්මානයෙන් පිදුම් ලැබීම, ඩිජිටල් අවකාශයේ ද විශිෂ්ටත්වය අත් පත් කොට ගැනීම සඳහා අප ගන්නා නොනවතින ප්‍රයත්මය සම්බන්ධ සාක්ෂියකි. අපට ලැබුණු මෙම සම්මාන, අපගේ කණ්ඩායමේ වෙහෙස මහන්සිය සහ කැපකිරීම ප්‍රතිඵලදායක බව පෙන්වන අතරම, අප විසින් අපගේ පාරිභෝගිකයින්ට ලබා දෙන විශිෂ්ට ඔන්ලයින් අත්දැකීම දිගින් දිගටම වැඩිදියුණු කිරීමේ වෑයම සඳහා දිරිගැන්වීමක් ද වනු ඇත.”

මෙම ජයග්‍රහණයන් ලබාගැනීමට හේතු වූ සාර්ථකත්වය පසුපසින් තිබෙන්නේ, සමාගමේ ඩිජිටල් අලෙවිකරණ සහ තොරතුරු තාක්ෂණ කණ්ඩායමේ සහ සමාගමේ වෙබ් සංවර්ධන සහකරු වන Aidantz අතර හවුල්කාරීත්වයේ සුසංයෝගයයි. එම හවුල්කාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙසට, වර්තමානයේ සිටින දැනුම් තේරුම් සහිත පාරිභෝගිකයින්ගේ අපේක්ෂාවන් ඉක්ම විය හැකි වූ ඩිජිටල් පර්යන්තයක් බිහි වී තිබේ. මෙම හවුල්කාරීත්වයෙන් ඒකාබද්ධ වූ ප්‍රවීණත්වය මගින්, ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් පීඑල්සී විසින් පිරිනමන විශිෂ්ට සේවාව මනාව විදහා දක්වන පරිශීලක අත්දැකීමක් නිර්මාණය කිරීමටත්, ඩිජිටල්කරණය වූ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය සඳහා නව ප්‍රමිතීන් සැක්සීමටත් දායකත්වය සපයා තිබේ.

මෙම තරගාවලියෙන් ‘The Grand Ward Place’වෙබ් අඩවියට ලැබුණු ද්විත්ව ගෞරව සම්මානයන් තුළින්  තාක්ෂණික නවෝත්පාදනය හා පරිශීලක අත්දැකීම වැඩි දියුණු කිරීම සඳහා ප්‍රයිම් සමූහය දක්වන කැපවීම විදහා දැක්වේ. එය, පරිශීලක පහසුව සැලසීම සඳහාත්, කිසිදු බාධාවකින් තොර පරිශීලක අත්දැකීමක් සඳහාත්, සෑමවිටම නව්‍ය විසඳුම් සෙවීම සඳහාත් සමාගමේ කැපවීම නැවත නැවතත් ඉස්මතු කොට දක්වයි.

වාර්ෂිකව පැවැත්වෙන BestWeb.lk තරගාවලිය, ශ්‍රී ලංකාවේ ආයතනයන්හි තම ඩිජිටල් නව්‍යෝත්පාදන කුසලතාවය හා නිර්මාණශීලීත්වය එළිදක්වන, වෙබ් අඩවි තරගය ලෙසින් ස්ථාපනය වන්නට සමත් වී ඇත. වෙබ් අඩවියක ඇති නිර්මාණශීලිත්වය, ග්‍රැෆික් නිර්මාණමය ගුණාත්මකභාවය, කලාත්මක භාවය, තාක්‍ෂණික නිපුණතාවය සහ වෙබ් අන්තර්ගතයේ විශිෂ්ටත්වය,  BestWeb.lk තරගාවලියේ විනිශ්චය කරනා නිර්ණායක වේ. තරගයට පෙනී සිටින වෙබ් අඩවියක ඇති සෞන්දර්යාත්මක විශිෂ්ටත්වය සහ පරිශීලකයින්ට සලසන සුමටභාවය පිළිබද  ක්ෂේත්‍රයේ විශිෂ්ටයින්ගෙන් සැදි විනිශ්චය මණ්ඩලයක් විසින් සිදුකරන සූක්ෂම අධීක්ෂණයක් මගින් එම වෙබ් අඩවි ඔන්ලයින් පරිශීලකයින්ට සුවපහසු අත්දැකීමක් ගෙන එන බව තහවුරු කරන ලදී.

The Grand Ward Place මහල් නිවාස ඒකක සමූහය පිළිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහාත්, ඩිජිටල් යුගයක් තුළ සුඛෝපභෝගීත්වයට නව අර්ථකතනයක් ලබා දී ඇති සම්මාන ලැබූ වෙබ් අඩවියක නවමු අත්දැකීම ලබාගැනීම සඳහාත් පිවිසෙන්න, www.thegrand.com.lk.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව