
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාබනීකෘත මෘදු පාන නිෂ්පාදකයෙකු සහ PepsiCo සිසිල් බීම වර්ග බෝතල් කිරීමේ සුවිශේෂී සැපයුම්කරු වන Varun Beverages Lanka(PVT) Ltd විසින් ජනතාවට සහ පරිසරයට දිගුකාලීන බලපෑමක් සිදුකරන පාරිසරික, සමාජීය සහ පාලන (ESG) මූලධර්ම කෙරෙහි ගැඹුරින් අවධානය යොමු කරමින් ඒ සඳහා වූ ඔවුන්ගේ කැපවීම තවදුරටත් අවධාරණය කරයි. ඒ අනුව තිරසාර භාවිතයන් සහ සමාජ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ESG කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් එම මුලපිරීම් ඉදිරියට පවත්වාගෙන යාමට සමාගම කටයුතු කරයි.
පාරිසරික සුරක්ෂිතභාවය වෙනුවෙන් සිදුකරන සිය අඛණ්ඩ ප්‍රයත්නයන්හි තවත් එක් පියවරක් ලෙස, PET ප්ලාස්ටික් එකතු කිරීම සහ ඒවා වගකීම් සහගත ලෙස ප්‍රතිචක්‍රීකරණය කිරීම මෙන්ම අපද්‍රව්‍ය කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩසටහනක් සමාගම විසින් පසුගියදා දියත් කරන ලදී. PET හේතුවෙන් සිදුවන පාරිසරික බලපෑම අවම කිරීම සහ තරුණ ප්‍රජාව තුළ තිරසාර පුරුදු වර්ධනය කිරීම මෙම මුලපිරීමේ මූලික අරමුණ වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් Varun Beverages Lanka(PVT) Ltd හි නීති අනුකූලතා සහ තිරසාරත්වය පිළිබඳ ප්‍රධානී එරේෂා කුඹුරුලන්ද මහත්මිය මෙසේ සඳහන් කළාය. “පාරිසරික හා සමාජීය යහපැවැත්ම කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් Varun Beverages Lanka සමාගම ලෙස අපි ESG මූලධර්ම අනුගමනය කරනවා.මේ යටතේ අපිට බලපෑම් සහගත ව්‍යාපෘතීන් කිහිපයක්ම ක්‍රියාත්මක කිරීමට අවස්ථාව හිමිවුණා.කොඩිප්පිලිකන්ද විද්‍යාලයේ සිසු දරුවන් වෙනුවෙන් අවශ්‍ය පාසල් බෑග් සහ ලිපි ද්‍රව්‍ය බෙදාදෙමින් එම විදුහලට අපගේ සහය දැක්වීම මෙම ව්‍යාපෘතියේදී අපගේ මූලික පියවරක් වුණා. ඊට අමතරව, එහි ‘බෝ’ පැළයක් රෝපණය කරමින් බුදු මැදුරක් ඉදිකිරීම ආරම්භ කිරීමටද අපි කටයුතු කළා. ප්‍රජා වර්ධනය සහ තිරසාරභාවය සඳහා අප දක්වන කැපවීම මෙම ක්‍රියාවන් ඔස්සේ තවදුරටත් මැනවින් ප්‍රදර්ශනය වූ අතර පරිසර හිතකාමී ලෙස PET ප්ලාස්ටික් බැහැර කිරීමට පාසල් දරුවන් යොමුකරවීමට අවශ්‍ය පසුබිමක් නිර්මාණය කිරීමට ද අපි කටයුතු කළා.”
සමාගම මෑතකදී ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියකදී කොඩිප්පිලිකන්ද පාසලේ බුදු මැදුරක් ඉදිකර පූජනීය ‘බෝ’ පැළයක් ද රෝපණය කිරීමට පියවර ගත් අතර පාරිසරික කළමනාකරණයට අමතරව, අධ්‍යාපනික හා සංස්කෘතික සංවර්ධනය කෙරෙහිද සමාගම දක්වන නොසැලෙන කැපවීම මෙමඟින් මැනවින් පිළිබිඹු විය. සිසුන් අතර අධ්‍යාත්මික ගුණයන් පෝෂණය කිරීම සඳහා අවශ්‍ය අවකාශය සකස් කරමින් සංස්කෘතික සහ ආගමික වටිනාකම් සවිමත් කිරීම මෙහි පරමාර්ථය වේ.තවද දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ද සිය සහයෝගය දක්වමින් අනාගත පරපුර දිරිගැන්වීම වෙනුවෙන් පාසල් බෑග් සහ අත්‍යාවශ්‍ය ලිපිද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට ද Varun Beverages Lanka සමාගම කටයුතු කළේය.
බාධාවකින් තොරව පාරිසරික වගකීම, අධ්‍යාපනික කටයුතු කෙරෙහි සහය සහ සංස්කෘතික වටිනාකම් ප්‍රවර්ධනය කරන ESG අරමුණු සඳහා Varun Beverages Lanka සමාගම දක්වන පූර්ණ දායකත්වය පිළිබඳව මෙම ව්‍යාපෘතීන් ඔස්සේ කදිම සාක්ෂියක් සපයයි. එමෙන්ම තිරසාර මෙන්ම බලගතු අනාගතයක් ගොඩනංවමින් මෙරට ප්‍රජාව වෙත ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා සමාගම නිරන්තරයෙන් කැපවී සිටියි.