පළමුවරට පැවැත්වෙන කොළඹ අන්තර් සමාජ බැඩ්මින්ටන් ශූරතාවලිය අගෝස්තු 29 ඇරැඹේ

Capture

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සමඟ එක්ව කොළඹ දිස්ත්‍රික් බැඩ්මින්ටන් සංගමය පළමුවරට මෙහෙයවනු ලබන අන්තර් සමාජ බැඩ්මින්ටන් ශූරතාවලිය මේ මස 29 වැනිදා සිට සැප්තැම්බර් මස 1 වැනිදා දක්වා පැවැත්වෙයි. කොළඹ 07, මලලසේකර මාවතේ, වෙළෙඳසේවා බැඩ්මින්ටන් සංගම් ක්‍රීඩාගාරයේදී පැවැත්වෙන එම ශූරතාවලියට විවෘත අංශයේ තරග, වයස් කාණ්ඩ තරග ඇතුළුව විවිධාකාරයේ තරග ඉසව් ඇතුළත් ය.

දස්කම් අතර සිටියද වැඩි අවධානයට ලක් නොවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාවක් ලබා දීමේ අරමුණින්  ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ සිට දසවැනි ස්ථානය දක්වා පසුවන ඉහළම තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම ශූරතාවලියේ කාන්තා හා පිරිමි ඒකල, යුගල හා මිශ්‍ර යුගල තරග අංශ සඳහා  සහභාගි කර නොගැනීමට තීරණය කර තිබේ.

අන්තර් සමාජ බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීම අගෝස්තු 26 දක්වා සිදු කෙරේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව