පවර්ට‍්‍රැක් ට‍්‍රැක්ටර සඳහා ලීසිං පහසුකම් ලබාදීමට කොමර්ෂල් බැංකුව ඇන්සන් සමාගම සමඟ එක්වෙයි

Ansen

 



 

 

 

කොමර්ෂල් බැංකුව ඇන්සන් පුද්ගලික සමාගම සමඟ එක්ව තෝරාගත් මාදිලියේ ට‍්‍රැක්ටර මිලදී ගන්නා ගැනුම්කරුවන්ට විශේෂිත වූ පහසු ලීසිං පැකේජ, නම්‍යශීලි ගෙවීමේ ක‍්‍රම හා ආකර්ෂණීය දීමනා රැසක් ලබාදීමට කටයුතු කර ඇත.

2022 වසරේ අවසානය දක්වා වලංගු වන මෙම සුවිශේෂී දීමනාව පවර්ට‍්‍රැක් යූරෝ 50 හා පවර්ට‍්‍රැක් යූරෝ 45 යන මාදිලි ද්විත්වයේ ට‍්‍රැක්ටර මිලදී ගැනීමට බලාපොරොත්තු වන කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ ව්‍යාපාරිකයින්ට හිමි වන බව බැංකුව පවසයි.

එක් එක් වූ කන්න වලින් ලැබෙන ආදායමට ගැළපෙන පරිදි සකසන පහසු වාරික ගෙවීම් සහිත ලීසිං පැකේජ වලට අමතරව ගැනුම්කරුවන්ට ට‍්‍රැක්ටර වල මිලෙන් රුපියල් 15,000 ක වට්ටමක් ද ලැබෙනු ඇත.

මීට අමතරව, දෙපාර්ශවයම අත්සන් තැබූ අවබෝධතා ගිවිසුමේ සඳහන් වන පරිදි ඇන්සන් පුද්ගලික සමාගම විසින් රථවාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු කපා හැරීමටත්, පළමු වර්ෂය සඳහා වූ රථවාහන රක්ෂණය නොමිලේ ලබා දීමටත්, නොමිලේ පුහුණු සැසියක් මෙන්ම ශ‍්‍රමයට අය නොකරන ලිහිසි සේවාවන් 7 ක් ලබා දීමටත් කටයුතු යොදා ඇත.

කොමර්ෂල් බැංකුව පවසන්නේ පහසු ගෙවීමේ ක‍්‍රම ලබාදීමට අමතරව අපහසුවකින් තොර ලේඛනගත කිරීමේ ක‍්‍රියාවලිය ද, ඉක්මන් සහ පහසු අනුමැතිය ද, මෙම ප‍්‍රවර්ධනය යටතේ ලබා දෙන බවයි.

මෙම පහසු ගෙවීමේ ලීසිං ක‍්‍රමය සමාගම් ද්විත්වයේම ඩිජිටල් පද්ධති මගින් හසුරවනු ඇති අතර මෙම පහසුකම යටතේ ඇති තෝරාගත් ට‍්‍රැක්ටර මාදිලි කොමර්ෂල් බැංකු ශාඛාවල තබා මෙම විශේෂිත පහසුකමේ ඇති වටිනාකම සහ ප‍්‍රයෝජන ගැනුම්කරුවන්ට අවබෝධ කර දීමට බැංකුව අදහස් කර තිබේ.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100‍% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 11 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 938 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව