පරිසර දිනයට සමගාමීව INSEE සිමෙන්ති සහ INSEE Ecocycle සමඟ ශ්‍රී පොලීසිය එක්ව වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කරයි.

WhatsApp Image 2024-06-14 at 11.39.18 (LBN)

මීගමුව, ශ්‍රී ලංකාව – INSEE සිමෙන්ති සහ INSEE Ecocycle, ශ්‍රී ලංකා පොලීසිය සමඟ එකතුව 2024 ලෝක පරිසර දිනය නිමිත්තෙන්, මීගමුව සිට වත්තල දක්වා වෙරළ තීරයේ ස්ථාන 10 ක වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කෙරිණි. මෙහි සමාරම්භක අවස්ථාව, මීගමුව සරක්කුව වෙරළ තීරයේ පැවති අතර, ඒ සඳහා ශ්‍රී ලංකා පොලීසියේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, INSEE සිමෙන්ති සමාගමේ සභාපති, නන්දන ඒකනායක, INSEE සිමෙන්ති ප්‍රධාන විධායක නිලධාරී (CEO)  ජෑන් කුනිග්ක් (Jan Kunigk), INSEE Ecocycle හි සාමාන්‍යාධිකාරී සුජිත් ගුණවර්ධන යන මහත්වරුන් සහභාගී වූහ. ඊට අමතරව, ශ්‍රී ලංකා පොලිසියේ සහ INSEE සංස්ථාවේ මෙන්ම සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA), පළාත් පාලන ආයතන, වෙනත් රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානවල නිලධාරීන් ද එක්වී සිටියහ.

 



 

පොලිස් නිලධාරීන්, ප්‍රදේශවාසීන්, INSEE කාර්ය මණ්ඩලය, ප්‍රදේශයේ පාසල් 14 ක සිසු සිසුවියන් හා ගුරුවරුන් සහ බොහෝ රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයින් ද ඇතුළු පුද්ගලයින් 2,000 කට අධික පිරිසක් මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා සහභාගී වූ අතර, මෙම සාමූහික ප්‍රයත්නය පාරිසරික සංරක්ෂණය සඳහා ප්‍රජාවගේ මැදිහත්වීමේ වැදගත්කම අවධාරණය කරන්නක් ද විය.

මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් INSEE සිමෙන්ති සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරී ජෑන් කුනිග්ක් (Jan Kunigk) පැවසුවේ, මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන මගින් වෙරළබඩ ප්‍රදේශ ආරක්ෂා කිරීම, සංරක්ෂණය කිරීම සහ අනාගත පරපුර සඳහා පිරිසිදු පරිසරයක් සහතික කිරීම සඳහා වන INSEE හි මෙහෙවර සමඟ සහ INSEE සමාගමෙහි 2030 වසරේ තිරසාර අභිලාෂයන් සමඟ ද සමපාත වන බවයි.

ශ්‍රී ලංකාවේ තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියෙකු වන INSEE Ecocycle, පිරිසිදු කිරීමේදී එකතු වන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන ලදී ප්‍රතිචක්‍රීකරණය කල හැකි අපද්‍රවය ප්‍රතිචක්‍රීකරණය සදහා යොමු කල අතර ප්‍රචක්‍රීකරණය කල නොහැකි අපද්‍රවය  සිමෙන්ති උදුන් සහ-සැකසුම්  ක්‍රමවේදය මගින් තිරසාර ලෙස කළමණාකරණය කරන ලදී

මෙම අවස්ථාවට එක්වූ පාසල් සිසුන්ගේ සහභාගීත්වය අගයමින් INSEE සිමෙන්ති පාසල් 14කට ඔවුන්ගේ සංවර්ධන කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා සිමෙන්ති කොට්ට පරිත්‍යාග කරන ලදී. මීට අමතරව, වෙරළ පිරිසිදු කිරීම සඳහා සහභාගී වූ සියලුම පාසල් සිසුන් වෙත, පරිසර සංරක්ෂණය සඳහා වූ ඔවුන්ගේ කැපවීම අගයමින් සහතිකපත් ප්‍රදානයක්ද සිදුකරන ලදී.

මෙම උත්සවය සාර්ථක කර ගැනීමට දායක වූ සැමට INSEE සිමෙන්ති හෘදයාංගම ස්තුතිය පිරිනමයි. මෙවැනි සහයෝගීතා ප්‍රයත්නයන් රටේ තිරසාර ඉලක්ක කරා ගෙනයාමට සහ අපගේ පරිසරයට ධනාත්මක බලපෑමක් ඇති කිරීමට තීරණාත්මක වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව