නිව් ඇන්තනීස් සමූහය, නව ආහාර සැකසුම් මධ්‍යස්ථානයක් සමඟින් නිෂ්පාදන ධාරිතාව තවත් පුළුල් කරයි

2 - NAF new plant (LBN)

 



 

 

නිරන්තරයෙන්ම නවෝත්පාදනය සහ තිරසාරභාවය පිළිබඳ අවධානය යොමුකරන මෙරට ප්‍රමුඛතම මාංශ ආහාර නිෂ්පාදන සමාගමක්වන නිව් ඇන්තනීස් ෆාම්ස් (පුද්ගලික) සමාගම පසුගියදා තවත් මාංශ ආහාර සැකසුම් මධ්‍යස්ථානයක් විවෘත කිරීමට පියවර ගත්තේය. මෙම නව පහසුකමත් සමඟ පාරිභෝගික අවශ්‍යතාවන්ට අනුව ටොන් 200කට අධික ධාරිතාවක මාංශ ආහාර නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීමේ හැකියාව සමාගමට හිමිවෙයි.

කලින් පිසින ලද ශීතකල මාංශ නිෂ්පාදන ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට හඳුන්වා දීමෙහි ලා පුරෝගාමී මෙහෙයක් ඉටුකිරීමට නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගමට හැකිවී තිබේ. ඊට අමතරව මස් පදම් කිරීමට උපකාරීවන නිෂ්පාදන ඇතුළු තවත් නිෂ්පාදන පෙළක්ම නිව් ඇන්තනීස් නාමය යටතේ වෙළෙඳපොළට හඳුන්වාදී තිබේ.

මෙසේ නිෂ්පාදන ධාරිතාව වැඩිකිරීම හරහා දේශීය වෙළෙඳපොළට අමතරව විදෙස් වෙළෙඳපොළවල් වෙත ද වැඩි සැපයුමක් සිදුකරමින්, උසස් තත්ත්වයෙන් යුත් නිරෝගී කුකුළු මස් නිෂ්පාදන ශ්‍රී ලංකාවේ සිට ලෝකයට අපනයනය කිරීමට ද හැකිවනු ඇත.

මෙම නව නිෂ්පාදන මධ්‍යස්ථානය අපජල ප්‍රතිචක්‍රීයකරණය ඇතුළු උපරිම පරිසර හිතකාමී පියවර අනුගමනය කරමින් නිර්මාණය කර තිබීම ද විශේෂත්වයකි. ශ්‍රී ලංකාව තුළ හරිතාගාර වායු සහතිකකරණය හිමි සහ ISO 14064-1:2018 ප්‍රමිති සහතිකය හිමි එකම මාංශ ආහාර නිෂ්පාදකයා වන්නේ ද නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගම ය.

බිත්තර නිෂ්පාදනය සහ කුකුළු පැටවුන් අභිජනන ක්‍රියාවලිය සඳහා ද සමාගම සැළකිය යුතු ආයෝජනයක් සිදුකර තිබේ. එමෙන්ම මෑතකදී සිය සත්ත්ව ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය පහසුකරවීම පිණිස ගෝල්ඩ් කොයින් ෆීඩ් මිල්ස් (ලංකා) ආයතනය මිලදී ගැනීමට ද සමාගම ක්‍රියාකළේය.

හරිත කුකුළුමස් සංකල්පය හේතුවෙන් ප්‍රසිද්ධියක් උසුළන නිව් ඇන්තනීස් සමාගම සිය සමාගම් ප්‍රතිපත්ති සහ වටිනාකම් අතර තිරසාරභාවය වෙනුවෙන් ඉහළ අවධානයක් යොමුකර තිබේ.

තම සැපයුම් දාමය ශක්තිමත් කරගන්නා අතරම, පාරිභෝගිකය අලෙවි අංශයෙන් ද සුවිශේෂී වෙනසක් සිදුකිරීමට සමාගමට පසුගිය කාලයේදී හැකිවිය. දිවයින පුරා කිසිදු ප්‍රවාහන ගාස්තුවකින් තොරව තම නිෂ්පාදන බෙදාහැරීම පිණිස සමාගම ඇරඹූ ‘දොරකඩපාලිය‘ වැඩසටහන සහ ‘Meatlery‘ නමින් ආරම්භ කළ නවතම මාංශ ආහාර අලෙවි ජාලය ඒ අතරින් කැපීපෙනෙයි. මීට අමතරව අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික කුකුළුමස් කවුන්සිලයේ ප්‍රමිතීන් ද අනුගමනය කරන නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගමට GMP, HACCP, ISO 22000 සහතික මෙන්ම දේශීය හා ජාත්‍යන්තර හලාල් සහතික ද හිමි ය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 − five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව