නිව් ඇන්තනීස් සමූහය අඛණ්ඩව දෙවැනි වරටත් Best Stall – Agri Biz සම්මානය දිනාගනියි

1- Anthoney's stall profood 2024 team (LBN)

ශ්‍රී ලංකාවේ මාංශ ආහාර නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකුවන නිව් ඇන්තනීස් සමූහය, Profood Propack & Agbiz 2024 ප්‍රදර්ශනයේදී යළිත් වතාවක් ‘Best Stall – Agri Biz’ සම්මානයෙන් පිදුම් ලැබීමට පසුගියදා සමත්විය. ගුණාත්මකබවින් ඉහළ නිෂ්පාදන සැපයීමට අමතරව ප්‍රතිජීවකවලින් තොර ශ්‍රී ලංකාවේ එකම කුකුළුමස් නිෂ්පාදන සමාගම ලෙස ද නිව් ඇන්තනීස්හි විශිෂ්ටත්වය මෙම සම්මානය තුළින් පිළිබිඹු වේ.

විසි එක්වැනි වරට පැවැත්වුණු මෙම ප්‍රදර්ශනය, LECS හි සහයෝගීතාව සමඟින් ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලදී. 2024 අගෝස්තු 23 සහ 24 දිනවල BMICH හිදී පැවැත්වුණු මෙම ප්‍රදර්ශනයට ආහාරපාන සැකසුම්, ඇසුරුම් සහ කෘෂි ව්‍යාපාර වැනි අංශවල පාර්ශ්කරුවෝ සහ ප්‍රධානීන් රැසක් එක්ව සිටියහ.

 



 

මෙරට වෙළෙඳපොලේ වඩාත්ම සුරක්ෂිත කුකුළුමස් නිෂ්පාදනයවන (සම්පූර්ණයෙන්ම ප්‍රතිජීවකවලින් තොර) හරිතහරි කුකුළු මස් නිෂ්පාදනය හඳුන්වාදෙමින් ශ්‍රී ලංකාවේ මාංශ ආහාර නිෂ්පාදන කර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇතිකිරීමට නිව් ඇන්තනීස් සමාමට හැකිවිය.

එහි තවත් විශේෂත්වයක් වන්නේ, එම මාංශ නිෂ්පාදන ඉහළ සෞඛ්‍ය මට්ටමක පවතින අතරම,තිරසර සහ ආචාරධාර්මික ගොවිපොළ භාවිතාවන් යොදාගනිමින් නිෂ්පාදනය කර තිබීමයි. ආහාර සුරක්ෂිතතාව, පාරිභෝගික යහපැවැත්ම සහ පාරිසරික වගවීම වඩාත් ශක්තිමත් කිරීමට ද නිව් ඇන්තනීස් සමාගම කටයුතු කරයි. හරිතහරි කුකුළු මස් නිෂ්පාදනය, කැඩ්මියම් සහ ඊයම් වැනි අහිතකර බැර ලෝහ මෙන්ම, කෘතිම  හෝමෝන, කල්තබාගැනීමේ ද්‍රව්‍ය සහ රසායනවලින් තොර ය.

මෙම ඉහළ ප්‍රමිතීන් පවත්වාගෙන යෑම වෙනුවෙන් දිවයිනේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාල සහ කර්මාන්ත රසායනාගාර ආශ්‍රිත පරීක්ෂණවලට ද නිව් ඇන්තනීස්හි නිෂ්පාදන අඛණ්ඩව බඳුන් කෙරේ. තව ද, සත්ව සුබසාධනය වෙනුවෙන් ද කැපවී ක්‍රියාකරන සමාගම, පාරිභෝගිකයින්ට උසස්ම තත්ත්වයේ නිෂ්පාදනවලට අමතරව ස්වභාවිකව නිෂ්පාදනය කළ කුකුළුමස් සපයයි.

සිය ගුණාත්මකභාවයේ සහ සුරක්ෂිතතාවයේ ප්‍රමුයෙකු ලෙස වැදගත් සම්මාන බුහුමන් රැසක්ම දිනාගැනීමට නිව් ඇන්තනීස් සමාගම සමත්ව සිටී. ශ්‍රී ලංකාව තුළ FSSC 22000 සහතිකය දිනාගත් එකම මාංශ නිෂ්පාදන සමාගම වන්නේ ද නිව් ඇන්තනීස් ය. ආහාර සුරක්ෂිතතාව සහ පාරදෘශ්‍යතාව වෙනුවෙන් ඇති නොවෙනස් කැපවීම තුළින් හරිතහරි කුකුළුමස්, සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් පාරිභෝගිකයින්ගේ විශ්වාසනීය තේරීම බවට පත්ව තිබේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව