නිල මාධ්‍ය නිවේදනය

LPL logo (1)

 




 

 

ලංකා ප්‍රිමියර් ලීග් පළමු තරගාවලිය සඳහා එක් වූ Jaffna Stallions කණ්ඩායමේ කළමණාකාරීත්වය සහ හිමිකම් පෑමට අදාළව පැතිර යන ද්වේශසහගත සහ පදනම් විරහිත විවේචන පිළිබඳව මෙම තරගාවලියෙහි ප්‍රවර්ධකයින් වන Innovative Production Group FZE (IPG) අවධානය යොමු ව ඇත. මෙම විවේචනයන්ට අදාළ සත්‍ය තත්වය මාධය වෙත ගෙන හැර දැක්වීම මෙම මාධ්‍ය නිවේදනයෙහි අරමුණ වේ.

ලංක ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රවර්ධකයින් ලෙස IPG ආයතනය මෙම තරගාවලිය සඳහා සම්බන්ධ වන සියලු සියලු පාර්ෂවකරුවන් සමග ඉතාමත් විනිවිද අයුරින් ගිවිසගත් නීතිමය එකඟතාවන්ට අනුව කටයුතු කළ අතර 2024 තෙක් පැවැත්වෙන ඉදිරි තරගාවලි සඳහාත් මෙහි කිසිදු වෙනසක් ඇති නොවනු ඇත. ද්වේශ සහගත ප්‍රකාශයන්ට පදනම් වූ Jaffna Stallions කණ්ඩායමේ පසුගිය හිමිකරු වූ Stallion Sports Limited සමාගම ගිවිසුම් ප්‍රකාරව කටයුතු නොකිරීම, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් පනවා ඇති දූෂණ විරෝධී ආචාර ධර්ම පද්ධතියට අනුකූලතාවක් නොදැක්වීම සහ ගිවිසුම් ප්‍රකාරව හිඟ මුදල් නොපියවිම ඔවුන්ගේ ගිවිසුම අවලංගු කිරීම සඳහා මූලිකවම බලපෑ කරුණු අතර විය. මේ තත්වය පිළිබඳව අවස්ථා ගණනාවකදී විචිකව හා ලිඛිතව ඔවුන් දැනුවත් කළද ඊට අනුකූලතාවක් දක්නට නොමැති වූ අතරම මූල්‍ය එකඟතාවන් ඒකපාර්ෂවීය ලෙස වෙනස් කරන්නට ද උත්සාහයන් ගන්නා ලදි.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රවර්ධක ලෙස මෙබඳු ව්‍යාජ සහ වංචාසහගත හැසිරීම් අප අනුමත නොකරන අතරම මෙම තරගාවලිය සඳහා සම්බන්ධ වී සිටින සියලු පාර්ෂවයන්ගේ අවංක අභිලාශයන් වෙනුවෙන් පෙනී සිටීම අපගේ ප්‍රමුඛතම කාර්යභාරයක් වන්නේය. එමෙන්ම වංචාකාර හැසිරිම් පිටුදකිමින් ඊට එරෙහිව කටයුතු කිරීමට ද මැලි නොවන බව දන්වා සිටින්නෙමු.

ජාත්‍යන්තර ක්‍රිකට් නවුන්සිලයේ දූෂණ විරෝධී ආචාර ධර්මයන්ට අනුකූල නොවීම, ගිවිසුම් ප්‍රකාරව කටයුතු නොකිරීම ආදී Stallion Sports Limited සමාගමේ වංචාකාරී හැසිරීම පිළිබඳව ලංකා ප්‍රිමියර් ලීග් හි ප්‍රවර්ධක ලෙස අප ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ද මේ පිලිබඳව විධිමත් සාකච්ඡාවක නිරත වූ අතර එහි නිගමනය මත Stallion Sports Limited සමාගමේ හි ගිවිසුම අවලංගු කිරීමට සමාගම කටයුතු කරන ලදි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ යහ පැවැත්ම , ජීවගුණය සහ ආචාරධර්මික බව ආරක්ෂා කරමින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ දිගුකාලීන සුරක්ෂිත බව උන්තිය වෙනුවෙන් ලබා දිය හැකි සෑම සහායක්ම ලබා දීමට IPG සමාගම බලාපොරොත්තු වන අතර ලංකා ප්‍රම්යර් ලීග් තරගාවලිය ක්‍රිකට් තරගාවලීන් අතර විශිෂ්ටතම තරගාවලියක් බවට පත් කිරීමේ සන්නාම පොරොන්දුව එලෙසම ඉටු කිරීමට බැඳී සිටී. එමෙන්ම මේ තුළින් දිවයින පුරා විසිර සිටින අංකුර ක්‍රීඩකයින්ගේ ජාත්‍යන්තර තිඹිරිගෙය බවට ලංකා ප්‍රිමියර් ලීග් පත් වනු දැකීම සමාගමේ එකායන අභිප්‍රාය ද වනු ඇත.

සමාගම විසින් මීට ඉහතදී ප්‍රකාශයට පත් කළ Lyca සමූහයේ සභාපති අලිරාජා සුභාස්කරන් මහතා Jaffna කණ්ඩායමේ නව හිමිකාරීත්වය ලබා ගත් අතර ඔවුන් විසින් මෙම කණ්ඩායම Jaffna Kings  නම් කරමින් එළැඹෙන ප්‍රිමියර් ලීග් තරගාවලියට එක් වනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ඇති කර ගත් ගිවිසුම් ප්‍රකාරව ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග ප්‍රවර්ධක මෙන්ම විකාශන අයිතිය මුළුමනින්ම IPG සමාගම සතු වන අතර තරගාවලියේ හිමිකම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ IPG සමාගම ගිවිසුම් ගත වී ඇත. මෙම තරගාවලියේ නිල ප්‍රවර්ධක, විකාශන හිමිකම දරන්නා ලෙස මෙහි විකාශන අයිතිය රූපවාහිනී නාලිකාවක් වෙත පැවරීම සඳහා අනූන හිමිකමක් IPG සමාගමට ඇති අතර සුදුසුකම් සපුරාලමින් මෙහි විකාශන හිමිකම් ලබා ගැනීම සඳහා ඉදිරිපත් වන රූපවාහිනි නාලිකා සමග සාකච්ඡා පැවැත්වීම සහ ගිවිසුම් ප්‍රකාරව ඒ සඳහා අභිප්‍රාය දක්වන නාලිකාවක් සමග ගිවිසුම්ගත වීමේ පුර්ණ හිමිකම සමාගම සතුවේ. සියලු නෛතික තත්වයන් සම වඩාත් විනිවිද බවකින් යුතු ක්‍රියාවලියකින් අනතුරුව ශ්‍රී ලංකාව තුළ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය විකාශනය කිරිමේ අයිතිය සුප්‍රීම් ටිවී නාලිකාව වෙත පැවරීමට IPG සමාගම කටයුතු කරන ලදි.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව