නැනෝ තාක්ෂණයෙන් වාහනයේ Windscreen එකේ ජල පැල්ලම්වලට තිත

IMAGE-3 (LBN)

වාහන සඳහා නැනෝ තාක්ෂණය පදනම් කර ගත් නිෂ්පාදන රැසක් හඳුන්වා දී ඇති Eco Tablets සිය නවතම නිෂ්පාදනය වන Glass Reborn සහ Glass Cleaner Rain Drop වෙළඳපොළට හඳුන්වා දෙයි. Glass Reborn ඔබේ මෝටර් රථයේ සියලුම වීදුරුවල (Front Windshield, Rear Windshield, Door Glass and Quarter) දූවිලි අංශු, අම්ල වැසි නිසා ඇති වන ජල ලප සහ වීදුරුවල හා පැති කණ්ණාඩිවල පවතින පැල්ලම්, සුළු සීරීම් ඉවත් කර නැනෝ තාක්ෂණයෙන් නැවත එම වීදුරුවලට Brand New සුපැහැදිලි පෙනුමක් ගෙන එයි.

මෙම නිෂ්පාදනය ජපානය, යුරෝපය, ඉන්දියාව, කොරියාව, ඇමෙරිකාව, චීනය වැනි ඕනෑම රටක නිෂ්පාදිත වාහන වර්ගයක වීදුරු සඳහා භාවිතා කළ හැකිය. Glass Reborn නිෂ්පාදනය කිසිදු තාක්ෂණික ශිල්පියෙකුගේ සහායකින් සහ කිසිදු යන්ත්‍රයක් යොදා ගැනීමෙන් තොරව තමන්ටම භාවිත කළ හැකි වීම මෙහි ඇති සුවිශේෂත්වයකි. මිලිලීටර් 130කින් යුතු මෙම Glass Reborn  නිෂ්පාදනය කුඩා මෝටර් රථ පහකට වැඩි සංඛ්‍යාවකට භාවිතා කළ හැකිය. Glass Reborn යොදා ප්‍රකෘති තත්ත්වයට පත් කර ගත් වීදුරුවල නැවත ජල පැල්ලම් ඇති වීම වළක්වමින් ලැබුණු සුපැහැදිලි පෙනුම ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යාම සඳහා Glass Cleaner Rain Drop නැනෝ ආරක්ෂිත පටලය ගැල්විය යුතුය. Glass Cleaner Rain Drop වීදුරු මත ගැල්වීමෙන් වයිපර් ක්‍රියාත්මක වන අවස්ථාවල ජලය පහසුවෙන් ඉවත් වීමක් සිදු වන අතර ඒ හරහා රියැදුරුට පැහැදිලි දැක්මක් ලැබෙයි. මිලිලීටර් 28කින් යුතු Glass Cleaner Rain Drop බෝතලයක් වාහන දෙකක් සඳහා ප්‍රමාණවත් වන අතර මිලි ලීටර් 375ක බෝතලයක් වාහන 30ක් සඳහා ප්‍රමාණවත් වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව