
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අධීක්ෂණය යටතේ නැගෙනහිර පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධාන කරන නැගෙනහිර පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය මේ මස 19 වැනිදා සිට 24 දින දක්වා ත්‍රිකුණාමලය Mchyzer ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
විවෘත, ජ්‍යෙෂ්ඨ, කනිෂ්ට හා පළඟ වශයෙන් කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන නැගෙනහිර පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ කනිෂ්ට තරග කාණ්ඩයට අවුරුදු 11න් පහළ, 13න් පහළ, 15න් පහළ, 17න් පහළ සහ අවුරුදු 19න් පහළ තරග ඉසව් ඇතුළත් වන අතර, ජ්‍යෙෂ්ඨ තරග කාණ්ඩයට අවුරුදු 30න් ඉහළ, 35න් ඉහළ, 40න් ඉහළ, 45න් ඉහළ, 50න් ඉහළ, 55න් ඉහළ, 60න් ඉහළ, 65න් ඉහළ සහ අවුරුදු 70න් ඉහළ තරග ඉසව් ඇතුළත් වෙයි. පිරිමි හා කාන්තා ඒකල, යුගල සහ මිශ්‍ර යුගල තරග විවෘත තරග කාණ්ඩයට ඇතුළත් වන අතර, කාන්තා හා පිරිමි විවෘත ඒකල අවසන් පූර්ව වටයේ පරාජිතයන් අතර පළඟ කාණ්ඩයේ තරග ඉසව් පැවැත්වෙයි.
ජයග්‍රාහකයන්ට රුපියල් ලක්ෂ 5ක ත්‍යාග මුදල් පිරිනැමෙන මේ ශූරතාවලියේ ශූරයන්ට, අනුශූරයන්ට සහ අවසන් පූර්ව වටයට පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහතිකපත්, පදක්කම් සහ කුසලාන පිරිනැමීමට නියමිතය.