ශ්‍රී ලංකාවේ සීඝ්රයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් ශ්‍රී ලංකාව පුරා සුළු පරිමාණ ව්‍යාපාරයන්ට සහාය දැක්වීම වෙනුවෙන් නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් පෙරලිකාර අයුරින් හොදම විසදුම් ගෙන එන ‘Pinthebiz’ දියත් කරන ලදී. මෙලෙස නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීම සදහා සොෆ්ට්ලොජික් ලයිෆ්හි දායකත්වය මින් පිළිඹිබු වේ.
‘Pinthebiz’’ තුළින් ජනතාවට සමීප සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් දිරි ගැන්වීමට සහ ප්‍රවර්ධනය කිරීම ස`දහා ධනාත්මක ප්‍රතිචාර ලබා දීම ම`ගින් සහයෝගය සහ ත්‍යාගශීලීත්වය ජනතාවගෙන් අපේක්ෂා කරනු ලබයි. සියලූ පරිශීලකයන් විසින් සිදු කළ යුතු වන්නේ ‘Pinthebiz’ වෙබ් අඩවියට පිවිස ඔවුන් කැමති ව්‍යාපාර ස්ථානය, ව්‍යාපාර ස්වභාවය, ව්‍යාපාරයේ නම සහ දුරකතන අංකය ලබා දීමයි. එසේම ඔවුන්ට SME ලෙස සටහන් කර 1312ට කෙටි පණිවිඩයක් ලබා දීම තුළින් ලැබෙන ලින්ක් එක ම`ගින් ‘Pinthebiz’ වෙත පිවිසිය හැකිය. ස්මාර්ට් ජංගම දුරකතනයක් නොමැති නම් ‘’HELP” ලෙස සටහන් කර 1312 අංකයට කෙටි පණිවිඩයක් ලබා දිය හැකි අතර පසුව උපකාරක මධ්‍යස්ථාන නියෝජිතයකු විසින් එම පුද්ගලයා දුරකතනයෙන් සම්බන්ධ කර ගනු ලබයි. ඒ සෑම ක්‍රමයක් මගින්ම ඇතුළත් කළ සියලූම තොරතුරු Pinthebiz වෙත සම්බන්ධ කොට Google හි සිතියම් ගත කරනු ලබයි.
දේශීය ව්‍යාපාර පිළිබඳ තොරතුරු යොමු කිරීමෙන් මහජනතාවට ‘PinTheBiz shops near me’ යනුවෙන් Google හි සෙවීමෙන් ඔවුන් ආසන්න වෙළෙ`දසැල්හි නාමාවලියක් ලබා ගත හැකි වේ. මෙම වැඩසටහන ම`ගින් සුළු පරිමාණ ව්‍යාපාරයන්ගේ දුෂ්කරතා ජය ගැනීමට පමණක් නොව ජනතාව අතර ඔවුන් පිළිබ`දව ලෙන්ගතු හැඟීමක් ජනිත කිරීමට ද උපකාරී වනු ඇත. ඒ තුළින් සිදු කරනු ලබන සෑම මිලදී ගැනීමක් තුළින්ම අපේ රටේ මිලියන ගණනකගේ ජීවනෝපායන් වෙත ලැබෙනුයේ ඉමහත් සහයෝගයකි. ගෝලීය වසංගතයක් ම`ගින් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මිලියනයකට අධික ප්‍රමාණයක් කෙරෙහි වැඩි බලපෑමක් එල්ල කර ඇති අතර ඒ තුළින් මෙරට පුද්ගලයින් සහ පවුල් විශාල ප්රමාණයකගේ ජීවනෝපාය වෙත ද බලපෑම් එල්ල වී ඇත.
මේ පිළිබ`දව අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ලයිෆ්හි කළමනාකාර අධ්යක්ෂ ඉෆ්තිකාර් අහමඞ් මහතා ‘‘අප රටේ හදවත බඳු සුළු පරිමාණ ව්‍යාපාරයන්, මිලියන ගණනක ජනතාවගේ රැකියා සඳහා ප්‍රධාන සාධකයක් වෙනවා. නමුත් අවාසනාවට COVID-19 වසංගතය මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් වෙත දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා. නවෝත්පාදනය හා තාක්ෂණය උපරිම ලෙස යොදා ගනිමින් සියලූ ශ්‍රී ලාංකිකයින්ගේ ජීවන තත්වය ඉහළ නංවා ලීමට සැම විටම කටයුතු කරමින් සිටින අප ‘PintheBiz’ වැඩසටහන දියත් කිරීම හරහා නැවත ඔවුන්ගේ ව්‍යාපාර යළි නගා සිටුවීමටත් අතහිත දීමටත් අපගේ උපරිම කැපවීම හා සහයෝගය ලබා දීමට බලාපොරොත්තු වෙනවා.’’ යනුවෙන් පැවසුවේය.
කෙසේ වුවත් යළි සාමාන්‍ය තත්වයට පැමිණීම තරමක් අසීරු විය හැකි බැවින් එක්ව කටයුතු කිරීමෙන් සහ යහපත් දේ සිදු කිරීම සඳහා වන අපගේ කැපවීම තුළින් මෙරට සියලූම පවුල්වලට සහ පුද්ගලයන්ට ප්රතිලාභ ලබා දිය හැකි ආකාරයේ ශක්තිමත් හා නම්‍යශීලී ආර්ථිකයක් ගොඩ නැගීම වෙනුවෙන් ‘PinTheBiz’ මහඟු පිටුවහලක් වේ යැයි අපි විශ්වාස කරනවා.’’ යනුවෙන්ද ඒ මහතා පවසා සිටින ලදී.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ශ්‍රී ලාංකේය ආර්ථිකයේ සැළකිය යුතු පිරිසක් වන අතර මිලියනයකට අධික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සියලූ ව්යාපාරයන්වලින් 75%ක් පමණ නියෝජනය කරනු ලබයි. ආර්ථිකයේ සෑම අංශයක් තුළම දක්නට ලැබෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ශ්‍රී ලංකාවේ රැකියා උත්පාදනයෙන් 45%ක ප්‍රමාණයක් ස`දහා ද දායකත්වය සපයනු ලබයි.
ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ නවතම වාර්තාවන්ට අනුව COVID-19 වසංගතය හේතුවෙන් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලින් 2/3ක පමණ විශාල ප්‍රමාණයක නිෂ්පාදන හා සේවාවන් ස`දහා ඇති ඉල්ලූම අඩුව ඇති බව වාර්තා වේ. කාර්තු 3කට ආසන්න කාලයක් විකුණුම් පහළ බැස ඇති අතර සේවා අංශයට පසුව කෘෂිකාර්මික,නිෂ්පාදන හා ඉදිකිරීම් යන අංශයන්හි සමාගම්වලට දැඩි බලපෑමක් එල්ල වී ඇත. COVID-19 හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දහයෙන් අටක මෙහෙයුම් වියදම් පියවා ගැනීමේ අභියෝගයකට මුහුණ දී ඇති අතර ඔවුන්ගේ ණය ආපසු ගෙවීමේ ප්‍රමාදයක් මෙන්ම මූල්‍ය වගකීම් ඉටු කිරීමේ හැකියාව ද අවම වී ඇත.
ශ්‍රී ලංකාවේ සීඝ්රයෙන් වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් සේවාවන් තුළින් සිය ගනුදෙනුකරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් එක්දිනක් තුළ හිමිකම් ගෙවීමේ ක්‍රියාවලිය, දේශීය රෝහල් 60කට වැඩි ප්‍රමාණයක් සම`ග එක් වෙමින් ලොව පුරා මුදල් රහිත රෝහල් ගාස්තු පියවීම, ඩයලොග් ආසියාටා සම`ග එක්ව සම්පූර්ණයෙන් ලියකියවිලි රහිත ඩිජිටල් ප්රතිරක්ෂණ විස`දුමක් වන ජංගම දුරකතනය හරහා ජීවිත රක්ෂණ පහසුකම් ලබා දීම මෙන්ම ශ්‍රී ලාංකේය ගනුදෙනුකරුවන්ගේ රක්ෂණ අත්දැකීම් ඉහළ නංවන ජාත්‍යන්තර මට්ටමේ විස`දුම් එක් කරමින් මෙරට ප්රමිතීන් ඉහළ නැංවීම වෙනුවෙන් ප්‍රථම ඩිජිටල් සමාරම්භයන් රැසකම පුරෝගාමියා වේ.
ශ්‍රී ලාංකේය ජනතාව කෙරෙහි වන සමාගමේ දැඩි කැපවීම හේතුවෙන් අවශ්‍යම මොහොතේ අවශ්‍ය ස්ථානයට ගැළපෙන සුවිශේෂී නවෝත්පාදන ජීවිත රක්ෂණ විස`දුම් ගණනාවක් හරහා ශ්‍රී ලාංකේය ජීවිත මිලියනයකට අධික සංඛ්‍යාවක් වෙත සමීප වීමට ද ඔවුන්ට හැකිවී ඇත. ඔවුන්ගේ මෙම නවතම වැඩසටහන තුළින් මෙරට තුළ නොමැකෙන වර්ධනයක් මෙන්ම ආර්ථික ශක්තියක් ඇති කරමින් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත නගා සිටුවීම වෙනුවෙන් වන සොෆ්ට්ලොජික් ලයිෆ්හි කැපවීම ස`දහා කදිම නිදසුන් සපයනු ලබයි.
සොෆ්ට්ලොජික් ලයිෆ් පිළිබ`දව
සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, අලෙවි, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, සංචාරක, මෝටර් රථ සහ මූල්‍ය සේවා යනාදී ක්ෂේත්රවල දැවැන්ත වර්ධනයක් සහ විවිධාංගීකරණය වූ ව්‍යාපාරික ජාලයක් හිමි සොෆ්ට්ලොජික් සමූහයේ සාමාජිකයෙකු වන සොෆ්ට්ලොජික් කැපිටල් පී.එල්.සී හි හිමිකාරීත්වය යටතේ පවතී. සමාගමේ සැලකිය යුතු කොටස්හිමි සමාගමක් ලෙස එක්සත් රාජධානියේ Leapfrog ආයෝජන සමාගම පෙන්වා දිය හැකිය.