නව Diva රෙදි සේදුම් නිෂ්පාදන පෙළ පෙරළිකාර මුහුණුවරකින් වෙළඳ පොළට නැවත දියත් කරයි.

Image of the Diva Product Range (LBN)

 



 

 

සාඩම්බර ශ්‍රී ලාංකේය සන්නාමයක් වන Diva, ශ්‍රී ලංකාවේ රෙදි සේදුම් සත්කාර පිළිබඳ විශිෂ්ටත්වය තහවුරු කරමින් වැඩි දියුණු කළ නව  Diva Fresh රෙදි සෝදන කුඩු, Diva Power රෙදි සෝදන කුඩු සහ දියර, Diva රෙදි සෝදන සබන් ප්‍රභේදයන් සාඩම්බරයෙන් නැවත දියත් කරයි. දේශීය වෙළඳපොළ තුළ වර්ධනය වන පාරිභෝගික අවශ්‍යතා මනාව හඳුනා ගනිමින්, මෙම නිෂ්පාදනවල  ක්‍රියාකාරී සංයෝගයන් හා ගුණාත්මකබව වැඩි දියුණු කිරීම පිළිබඳව හොඳින් අවධානය යොමු කරමින් Diva සිය සන්නාමයට නව මුහුණුවරක් එක් කරයි.

නව්‍ය  මුහුණුවරකින් එන Diva Fresh, Diva Power, සහ Diva සබන් යන සන්නාමයේ මූලික නිෂ්පාදන, සන්නාමයේ අරමුණ හා පාරිභෝගිකයාට ගුණාත්මක රෙදි සේදුම් නිෂ්පාදන,  ලබා දීමෙහිලා සන්නාමයේ කැපවීම සමඟ ඒකාබද්ධ වේ.  හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි රෙදි සේදුම් සත්කාර අංශයේ ප්‍රධානී අනුෂ්කා සබානායගම්  මහත්මිය, “Diva නව නිෂ්පාදන පෙළ ශ්‍රී ලංකාවේ රෙදි සේදීමේ කලාවට, ප්‍රබෝධමත්  අත්දැකීමක්  එක් කරනවා.  කැපී පෙනෙන වෙනසක් ඇති කරන රෙදි සේදුම් අත්දැකීමක් ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට ලබා දෙන්නේ  සිය සන්නාමයේ  විශිෂ්ටත්වය සහ නවෝත්පාදනයන්ගෙන් සන්නද්ධව ඉදිරියටම ගමන් කරමින්. නවතම Diva Fresh, Diva Power සහ Diva සබන් නිෂ්පාදන තුළින් විශිෂ්ටත්වය, ආරක්ෂාව සහ ඵලදායීතාව සඳහා වූ සන්නාමයේ කැපවීම සංකේතවත් කරනවා. සන්නාමයේ මෙම විප්ලවීය වෙනස්කම් අපගේ පාරිභෝගිකයින්ට නව රෙදි සෝදන අත්දැකීම් වැළඳ ගැනීමට අවස්ථාව ලබා දෙනවා,” යනුවෙන් සන්නාමයේ නව දැක්ම හා සන්නාමය තුළින් පාරිභෝගිකයාට අපේක්ෂා කළ හැක්කේ මොනවාද යන්න පිළිබඳව සිය අදහස් දැක්වූවාය.

Diva Fresh නිෂ්පාදන පෙළ, පාරිභෝගිකයන්ට ප්‍රතිලාභ තුනක් ලබා දෙයි. එනම්, පර්ෆියුම් මැජික්  ඇඳුම්වලට ප්‍රසන්න සුවඳක් ලබා දෙයි.  සේදීමෙන් පසුව වූව ද නැවුම් සුවඳක් ලබා දෙයි. ෆයිබර් ක්ලීන් තාක්ෂණය මඟින් ඇඳුම් වඩාත් හොදින් පිරිසිදු කරයි. ඔප්ටිකල්  බ්‍රයිට්නර්ස් ඇදුම්වලට දීප්තියක් ලබා දෙමින් පාරිභෝගිකයාගේ ආත්ම විශ්වාසය වැඩි කරයි. Diva Fresh, රෝස, නිල් මානෙල්, පිච්ච, සේපාලිකා සහ අරලිය යන ප්‍රභේදයන්ගෙන් සමන්විත වේ.

ඇඳුම්වල වර්ණය දිගු කලක් රැක දෙමින්, ඇඳුම් විෂබීජවලින් ද ආරක්ෂා කර දෙන Diva Power, ඇඳුම්වලට කල් පවතින ආරක්ෂාවක් ලබා දෙන නිෂ්පාදනයක් ලෙස කැපී පෙනෙයි. එක්සත් රාජධානියේ රෙදි සේදුම් විශේෂඥයන් සමඟ එක්ව වැඩි දියුණු කළ Colour Guard තාක්ෂණයෙන් සමන්විත Diva Power Colour Guard, ඇඳුම්වල වර්ණවලට ආරක්ෂකයෙක් ලෙස ක්‍රියා කරන අතර, ඇඳුම්වලට වැඩි කල් පැවැත්මක් ලබා දෙයි. සමස්ත පවුලේම සෞඛ්‍ය හා යහපැවැත්ම සහතික කරන Diva Power Germ Guard විෂබීජ 99.9%ක් විනාශ කරයි.  රෙදි සෝදන මැෂින් සහ දෑතින් රෙදි සේදීම යන මේ දෙයාකාරයටම මෙම නිෂ්පාදනය ගැලපේ. රෙදි සෝදන කුඩු සහ දියර යන දෙවර්ගයෙන්ම Diva Power නිෂ්පාදන පෙළ ලබා ගත හැකියි. පාරිභෝගික ජනතාවගේ ගෘහස්ථ අවශ්‍යතා සඳහා පරිපූර්ණ විසඳුමක් ලෙස Diva Power නිෂ්පාදන පෙළ පාරිභෝගික විශ්වාසය ද දිනා ගෙන ඇත.

දිගු කල් පවතින පර්ෆියුම් මැජික් අන්තර්ගත, ගුණාත්මකබවින් යුත් Diva සබන්,  අතේ ඇති මිලකට වෙළෙඳපොළෙන් ලබා ගත හැකියි. දිගු කල් පවතින සුවඳකින් යුත් Diva සබන්, පාරිභෝගිකයන්ගේ ‍රෙදි සේදීමේ කාර්යයන් ප්‍රසන්නව සිදු කිරීමට සහය වේ.

ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ගේ රෙදි සේදුම් සත්කාර හා ගෘහස්ත අවශ්‍යතා සපුරාලන නිෂ්පාදන පෙළකින් සමන්විත Diva සන්නාමය වසර 20කට අධික කාලයක් පුරා ශ්‍රී ලාංකේය හදවත් දිනා ගෙන ඇත. විවිධ කාණ්ඩයන්ට ආවේණික වූ නවෝත්පාදනයන්ගෙන් සමන්විත Diva  නිෂ්පාදනයන් පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට ගුණාත්මක නිෂ්පාදන පෙළක් ලෙස ලබා දීමට සකසා ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව