නව හැටන් ශාඛාව සමගින් Mahindra IDEAL Finance ශාඛා ජාලය තවත් පුළුල් වේ

WhatsApp Image 2023-08-23 at 13.00.25 (LBN)

 



 

 

Mahindra IDEAL Finance සමාගමේ නවතම ශාඛාව හැටන් නගරයේදී පසුගියදා විවෘත කරන ලදි. ශ්‍රී ලංකාවේ බිම් මට්ටමේ ප්‍රජාවන්ට මූල්‍ය සේවාවන් ලබාගැනීම පහසු කරවීමේ අරමුණින් Mahindra IDEAL Finance සමාගම මේ වනවිට තම ශාඛා ජාලය පුළුල් කිරීමේ මෙහෙවරක නිරත වී සිටී. නව ශාඛාවද ඇතුළුව Mahindra IDEAL Finance සමාගම මේ වනවිට දිවයින පුරා ශාඛා 30 ක් විවෘත කර තිබේ.

අංක 125, දිඹුල පාර, හැටන් යන ස්ථානයේ මෙම නව ශාඛාව පිහිටා ඇත. ප්‍රධාන වශයෙන් ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රජාවන්ට මූල්‍ය සේවාවන් සැපයීම ඉලක්ක කරගත් Mahindra IDEAL Finance සමාගම මේ වනවිට රන් ණය සේවාවන් මෙන්ම මෝටර් රථ, ත්‍රිරෝද රථ, කෘෂිකාර්මික රථවාහන සහ වාණිජ රථවාහන ආදිය සඳහා ලීසිං සේවාවන් ඇතුළු තවත් මූල්‍ය සේවාවන් රාශියක් හඳුන්වා දී තිබේ.

“රටේ බහුතරයක් වෙත මූල්‍ය සේවාවන් සැපයීමේ ප්‍රයත්නයේ තවත් පියවරක් වශයෙන් අප මෙම ශාඛාව විවෘත කළා. හැටන් යනු වාණිජ වශයෙන් අතිශය වැදගත් නගරයක්. ඒ නිසාම, රට තුළ ඉහළ වර්ධන අවස්ථා පවතින ප්‍රදේශවල අපගේ ශාඛාවන් විවෘත කිරීමේ උත්සාහය යටතේ හැටන් ප්‍රදේශයේත් ශාඛාවක් විවෘත කිරීමට අප තීරණය කළා. මෙය හැටන් ප්‍රදේශයේ ගනුදෙනුකරුවන්ගේ විවිධාකාර වූ මූල්‍ය අවශ්‍යතා සපුරාලමින්, එම ප්‍රදේශයේ ආර්ථික සමෘද්ධිය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටුකරනු ඇතැයි කියා අප සිතනවා.” Mahindra IDEAL Finance සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී දුමින්ද වීරසේකර මහතා පැවසී ය.

මෙම නව ශාඛාව මගින් හැටන් සහ ඒ අවට වෘත්තිකයන්ට ඵලදායී රැකියා අවස්ථා රැසක්ද උදාවනු ඇත. මෙරට වෘත්තිකයන්ට දියුණුවේ මංපෙත් විවර කරන ආයතනයක් ලෙස පිළිගැනීමට ලක් වී ඇති Mahindra IDEAL Finance  සමාගම, Great Place to Work ආයතනය මගින් මෙරට බැංකු, මූල්‍ය හා රක්ෂණ සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සේවායෝජකයන් 10 දෙනා අතරට නම්කර තිබේ.

ඉදිරියේදී රට පුරා තවත් ශාඛාවන් රැසක් විවෘත කිරීමට Mahindra IDEAL Finance සමාගම මේ වනවිට සැලසුම් කර ඇත. මේ ඔස්සේ රටේ වැඩි පිරිසක් වෙත මූල්‍ය සේවාවන් සමීප කරවමින්, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට කැපීපෙනෙන දායකත්වයක් දැක්වීම සමාගමේ අරමුණ වී තිබේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව