නවෝත්පාදන සහ සහයෝගිතාවයේ කේන්ද්‍රස්ථානයක් වූ වන් ගෝල්ෆේස් හි අලියාන්ස් ලංකා සිය නව ප්‍රධාන කාර්යාලය විවෘත කළ වගයි

Allianz Head Office Opening (1) (LBN)

 



 

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන අලියාන්ස් ලංකා, කොළඹ නගරයේ හදවතේ පිහිටි ‘වන් ගෝල් ෆේස්’ ගොඩනැගිල්ලේ සිය නව ප්‍රධාන කාර්යාලය පසුගිය දා විවෘත කළේ ය. මෙම විශේෂ අවස්ථාව සනිටුහන් කිරීම සඳහා නිල වශයෙන් උත්සවයක් 2023 පෙබරවාරි 23 වන දින පවත්වන ලද අතර, එයට අලියාන්ස් ලංකාහි සභාපති ගානි සුබ්‍රමනියම්, අලියාන්ස් ලංකාහි ප්‍රධාන විධායක නිලධාරී සහ දේශීය කළමනාකරු ඇලන් ස්මී, අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලිමිටඩ්හි ප්‍රධාන විධායක නිලධාරී ජයලාල් හේවාවසම්, අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරමින් ශිරෝමාල් කුරේ හා දීප්ති ලොකුආරච්චි, යන මහත්වරුන් මෙන්ම කළමනකරණ කණ්ඩායම්වල සාමාජික සාමාජිකාවන් ව්‍යාපෘති කණ්ඩායම සහ සේවක සේවිකාවන් ඇතුළු ගෞරවනීය අමුත්තන් සහභාගි වූහ.

එහි ප්‍රධාන කාර්යාලය “වන් ගෝල් ෆේස්” ගොඩනැගිල්ල වෙත ගෙන යාම, කොවිඩ් වසංගතයෙන් පසු රැකියා ජීවන රටාවේ සුවිශේෂී වෙනස්කමක් ඇති කිරීම තුළින් ප්‍රතිලාභ නෙළා ගැනීම සඳහා නව වැඩ ආකෘතියකට අනුවර්තනය වීමේ අලියාන්ස් ලංකා හි උපායමාර්ගයට සමගාමීව සිදු වූවකි. ඒ අනුව, අලියාන්ස් ලංකාහි ප්‍රධාන කාර්යාලයේ සේවය කිරීමේදී අවශ්‍ය නම් නිවසේ සිට සේවය කිරීම හෝ කාර්යාලය වෙත පැමිණ සේවය කිරීම යන හැකියාවෙන් යුක්ත ආදර්ශ වැඩ පරිසරයක් ලෙස (hybrid model workspace) ලෙස ස්ථාපනය කර ඇත. මෙම උපාය මාර්ගය කඩිසර වැඩබිම්, මානසික සෞඛ්‍යය වැඩි දියුණු කරන අංග සහ පාරිභෝගිකයින්ට, ව්‍යාපාරික හවුල්කරුවන්ට හා සේවක සේවිකාවන් හට  ගුණාත්මක සේවා සැපයීම සඳහා තිරසාර භාවිතයන් ක්‍රියාත්මක කිරීම ඇතුළත් ක්‍රියාකාරකම් මත පදනම් වූ කාර්යාල සැලසුමක් වටා නිර්මාණය කර තිබේ.

සමාරම්භක උත්සවය අමතමින් අලියාන්ස් ලංකා හි සභාපති ගානි සුබ්‍රමනියම් සඳහන් කර සිටියේ. “අලියාන්ස් ප්‍රධාන කාර්යාලය මෙම නව ස්ථානයේ පිහිටුවීම සාර්ථක කර ගැනීම එහි සියලුම සේවක සේවිකාවන්ගේ ඒකාබද්ධ උත්සාහයක ප්‍රතිඵලයක් බවය. එමෙන්ම අපගේ නව ප්‍රධාන කාර්යාලය ගෝලීය වශයෙන් විහිදී ඇති අලියාන්ස් හි  අනෙකුත් කාර්යාලයන් හා සමානව සෞන්දර්යය, ගතිකත්වය සහ දර්ශනය අනුගමනය කරන  අතරම අපගේ නව කාර්යාලය අදිවිතීය සේවා අත්දැකීමක් ලබා දීම සඳහා උසස් තාක්‍ෂණයෙන්, වැඩි රැස්වීම් ශාලා ගණනාවකින්, සහයෝගයෙන් වැඩ කළ හැකි අවකාශ, විවේකාගාර, විශාල පුහුණු ශාලා, ක්‍රීඩා කාමරයක්, සර්ව ආගමික කටයුතු සඳහා සැකසුණු කාමරයක් සහ නවීන ආපන ශාලාවකින් ද සමන්විත වෙනවා.” යනුවෙනි.

“ලොව පුරා විහිදුණු අපගේ කාර්යාල හරහා මෙම නව ආකෘතිය (hybrid model) සේවක තෘප්තිය කෙරෙහි සැලකිය යුතු ධනාත්මක බලපෑමක් ඇති කරන බව මෙන්ම, සේවක සේවිකාවන්ට ඔවුන්ගේ කාලය වඩාත් ඵලදායී ලෙස භාවිත කිරීමට සහ ඔවුන්ගේ රැකියා ජීවිතය සහ පෞද්ගලික ජීවිතය සමතුලිතව පවත්වා ගන්න අවස්ථාව සලසා දෙන බව ඔප්පු කරලා තිබෙනවා,” යනුවෙන් අලියාන්ස් ලංකාහි ප්‍රධාන විධායක නිලධාරී සහ දේශීය කළමනාකරු ඇලන් ස්මී සඳහන් කර සිටියේය. තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කර සිටියේ “අපේ නව ප්‍රධාන කාර්යාලය අපගේ ජනතාවට උපරිම ගුණාත්මක සේවා පරිසරයක් ලබා දෙන, වැඩි ඵලදායිතාවක්, කාර්යක්ෂමතාවයක් සහ තෘප්තියක් ලබා දෙන වැදගත් සංධිස්ථානයක්. මෙම නව කාර්යාල පරිශ්‍රය අනාගතයේදී නිර්මාණාත්මක, ඵලදායී සහ නව්‍ය විසඳුම් ලබා දීම දිරිමත් කරන්න උපකාරී වේවි කියලා අපට විශ්වාසයි.” යනුවෙනි.

පොදුවේ Allianz Lanka (අලියාන්ස් ලංකා) ලෙස හැඳින්වෙන Allianz Insurance Lanka Ltd සහ Allianz Life Insurance Lanka Ltd ජර්මනියේ මියුනිච් නගරයේ පිහිටා ඇති රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ව්‍යාපාර සඳහා ප්‍රධාන වශයෙන් සේවා සපයන ගෝලීය මූල්‍ය සේවා සපයන්නෙකු වන Allianz SEහි පූර්ණ අනුබද්ධිත සමාගම් වේ. අලියාන්ස් සමූහයේ ගෝලීය ශක්තිය සහ ශක්තිමත් ප්‍රාග්ධනීකරණය සමග එක් වී ඇති දේශීය විශේෂඥතාව සහ ව්‍යාපාරික දැනුම අලියාන්ස් ලංකාහි සාර්ථකත්වය සඳහා ප්‍රධාන දායකත්වයක් සපයයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව