නව්‍ය විසඳුම් ඉදිරිපත් කළ ආයතන NCQP 2025 සමුළුවේදී රනින් සහ රිදියෙන් බැබළෙයි

Image 02 (LBN)

ශ්‍රී ලංකා තත්ත්වය සහ ඵලදායිතාව අභිවර්ධනය කිරීමේ සංගමයේ (SLAAQP) ප්‍රමුඛ කාර්යයක් වන තත්ත්වය සහ ඵලදායිතාව පිළිබඳ ජාතික සමුළුව (NCQP) 2025 මැයි මස 21 සහ 22 ගල්කිස්ස මවුන්ට් ලැවීනියා මහා හෝටලයේදී සාර්ථක ලෙස පැවැත්විණි. මෙම සමුළුව සඳහා සමාගම් 70 කට වැඩි ගණනකින් කණ්ඩායම් 500 කට අධික සංඛ්‍යාවක් සහභාගි විය. මෙම සමුළුව තුළින් ගුණාත්මකභාවය වැඩිදියුණු කරමින් නවෝත්පාදනයන් ඔස්සේ යමින් විශිෂ්ටත්වයන්ට පත්වීම සඳහා ශ්‍රී ලංකාවේ ඇති කැපවීම ඉස්මතු කරයි.

මෙවර සමුළුවේදී කර්මාන්ත සහ සේවා සපයන ස්ථාන වල මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමේ පිළියම් වන තත්ත්ව පාලන කව (QCC), Lean Six Sigma සහ Kaizen වැනි ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේද භාවිතා කරමින් කරන ලද ප්‍රායෝගික ව්‍යාපෘති පුහුණු විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ඇගයීමකට ලක් කරන ලදී.




සමුළුව සඳහා සහභාගි වූ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් අබේසේකර මහතා, ඇන්සල් ලංකා ප්‍රයිවට් ලිමිටඩ්හි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකා ප්‍රධානී රමේෂ් නානායක්කාර මහතා සහ MAS හෝල්ඩින්ග්ස්හි සමූහ ක්‍රියාවලි විශිෂ්ටතා අධ්‍යක්ෂ සමන්ත සෙනෙවිරත්න යන මහත්වරුන් විසින්, ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ශක්තිමත්ව මෙහෙය වීමේදී ගුණාත්මකභාවයේ වැදගත්කම අවධාරණය කරන ලදී.

සමුළුව පිළිබඳව අදහස් දක්වමින් SLAAQP හි සභාපතිනි ආචාර්ය සුරනි ඩයස් පැවසුවේ, මේ වසරේ තේමාව වන ” සීමාවෙන් ඔබ්බට: වෙළඳපල තරගකාරිත්වය සඳහා වූ ගුණාත්මකභාවය, ඵලදායිතාව සහ නවෝත්පාදනය,” ඇසුරින් අපගේ කර්මාන්තවල පරිවර්තනීය වෙනසක් පෙන්නුම් කළ හැකි බවයි. තවද, “ආයතන වල ඉදිරි පෙළ සේවකයින්ට අඛණ්ඩව අභියෝගවලට මුහුණ දෙන අතරතුර, ජයග්‍රහණ සැමරීමට වේදිකාවක් සපයමින්, ජාතික ඵලදායිතාවය අභිවර්ධනය කිරීමේ ව්‍යාපාරයට නායකත්වය දීමට ලැබීම ගැන අපි අතිශයින් ආඩම්බර වෙමු.” යනුවෙනි.

මෙවර සමුළුව සඳහා ඇඟලුම්, ඇසුරුම්කරණ, සෞඛ්‍ය සේවා සහ බැංකුකරණ ඇතුළු විවිධ නිෂ්පාදන සහ සේවා කර්මාන්තවලින් කැපී පෙනෙන නවෝත්පාදන ව්‍යාපෘති ගණනාවක් ඉදිරිපත් කර තිබිණි. සහභාගි වූ කණ්ඩායම්වල කැපවීම සහ දක්ෂතාවය අගයමින්, පුහුණු විනිශ්චය මණ්ඩලයක් විසින් රන් සම්මාන 350 ක්, රිදී සම්මාන 73 ක් සහ ලෝකඩ සම්මාන 8 ක් ලබාදිය යුතු බවට නිර්දේශ කෙරිණි.

මෙම සමුළුවෙහි සුවිශේෂී සම්මානයක් වූ “සුනිල් ජී. විජේසිංහ තත්ත්ව පාලන කව විශිෂ්ටතා සම්මානය” පිරිනැමුණේ සමුළුව සඳහා ඉදිරිපත් කරන ලද විශිෂ්ටතම ව්‍යාපෘතිය සඳහායි. මැයි 21 වන දින, නොරිටාකේ ලංකා පෝසිලේන් සමාගමේ “ගාඩියන් කණ්ඩායම” විසින් ඉදිරිපත් කරන ලද, Hankyo Mori අලුත්වැඩියා අඩු කිරීමේ ව්‍යාපෘතිය ඇගයීමට ලක් වූ අතර මැයි 22 වන දින, CBL ෆුඩ්ස් ඉන්ටර්නැෂනල් සමාගමේ “ජයග්‍රාහකයින් කණ්ඩායම” ඉදිරිපත් කරන ලද, බිස්කට් අධික බර 12% කින් අඩු කිරීම සඳහා ව්‍යාපෘතිය ඇගයීමට ලක්විය.

මෙම ජයග්‍රහණ පිළිබඳව සිහිකරමින් කරමින්, NCQP 2025 හි සභාපතිනි පියුමි පෙරේරා මහත්මිය මෙසේ පැවසුවාය, “පිරිවැය අඩු කිරීම සහ කාර්යක්ෂමතාව වැඩිකිරීම සඳහා ආයතනයේ සෑම මට්ටමකම කණ්ඩායම්වලට සම්බන්ධ වීම සඳහා උද්‍යෝගයක් ඇතිවන ආකාරයෙන් කටයුතු කරන එකම ජාතික තලයේ අවස්ථාව මෙම සමුළුවයි. මේ තුළින් නිර්මාණය කෙරෙන නවෝත්පාදන දිරිගැන්වීම මගින් දේශීයව ආයතන තුළ ඇති භාණ්ඩ හා සේවා වල අඛණ්ඩ වැඩිදියුණු කිරීම් ආයතනික සාර්ථකත්වයට මූලික වන අතර ගෝලීය අවස්ථා විවෘත වීමට ද සහයක් සපයයි.”

රන් සම්මානලාභී කණ්ඩායම්වලට, තත්ත්ව පාලන කව පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ දී (ICQCC), ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර වශයෙන් තරග කළ හැකිය. මෙම නවෝත්පාදනය පිළිබඳව ප්‍රයත්නය ආර්ථික වර්ධනය, රැකියා උත්පාදනය සහ තිරසාරභාවය සඳහා දායක වන අතර, ජාත්‍යන්තර තලයේදී රටක් ලෙස කටයුතු කිරීමේ දී තරගකාරීව කටයුතු කිරීමට ඇති හැකියාව ශක්තිමත් කරයි.

ඵලදායිතා හා නවෝත්පාදන විශිෂ්ටත්වය ඉදිරියට ගෙන යාම සඳහා SLAAQP හි කැපවීම ආචාර්ය සුරනි ඩයස් අවධාරණය කරමින් පැවසුවේ “ශ්‍රී ලංකාවේ ඉදිරි ඵලදායිතා ගමනට නායකත්වය දීමෙන්, අපි ශ්‍රී ලංකාව නවෝත්පාදනයේ ඉදිරියෙන්ම සිටින රටක් ලෙස ස්ථානගත කිරීමටත්, තිරසර සමෘද්ධිය සහ ජාත්‍යන්තර පිළිගැනීම ඇති කිරීමටත් මග පාදන්නෙමු.” යන්නයි.

පසුගිය කාලයේ NCQP 2025 සඳහා මැනවින් සූදානම්වී ඉදිරිපත් වීමට අවැසි පුහුණු වැඩමුළු සහ මැදිහත්වීම් ඇතුළු ආයතනික අභ්‍යන්තර පරිවර්තන කරා මෙහෙයවීම සඳහා SLAAQP වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත. එහි හැකියාවන් පුළුල් කරමින්, සංගමය විසින් Ayano Total Quality Management (TQM) යන විශිෂ්ටතා සම්මානය සහ හරිත ඵලදායිතා සම්මානය හඳුන්වා දී ඇති අතර දෙවැනි වරට පවත්වන වාර්ෂික ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව, ප්‍රවේශයන් කිහිපයක් ඔස්සේ 2025 ජූලි 29 වැනි දින පැවැත්වීමට නියමිතය.

SLAAQP විසින් පර්යේෂණ සමුළුවට සමගාමීව ව්‍යාපාරික ප්‍රජාව සමඟ තවදුරටත් සම්බන්ධතාවය ශක්තිමත් කිරීම සඳහා ව්‍යාපාරික සංසදයක් ද සංවිධානය කර තිබේ. එමෙන්ම, SLAAQP ගෝලීය වශයෙන් ඒකාබද්ධ සංවිධානයක් ලෙස කටයුතු කරනු ලබන අතර, ගුණාත්මකභාවය සඳහා වූ ආසියානු ජාලය (ANQ), ජාත්‍යන්තර තත්ත්ව පාලන කවයන් පිළිබඳ සම්මේලනය (ICQCC), ජපන් විද්‍යාඥයින් සහ ඉංජිනේරුවන්ගේ සංගමය (JUSE) සහ ඇමරිකා එක්සත් ජනපදයේ ආචාර්ය මයිකල් ජේ හැරී සික්ස් සිග්මා කළමනාකරණ ආයතනය (SSMI) ඇතුළු ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කරනු ලැබේ.

ජවසම්පන්න ප්‍රවේශයක් ගැනීමට උනන්දුවක් දක්වන ආයතනවලට SLAAQP සංගමය සමග සම්බන්ධ වී ගුණාත්මකභාවය සහ ඵලදායිතා ප්‍රමිතීන් වැඩි දියුණු කිරීම සඳහා ඇති අවස්ථා හඳුනාගැනීමට මගපෙන්වීමක් ලබා ගත හැකි අතර වැඩිදුර විස්තර සඳහා, කරුණාකර secretary@slaaqp.org විද්‍යුත් තැපෑලෙන් හෝ 0718385100 දුරකතන අංකයෙන් SLAAQP හි ලේකම් ආචාර්ය හේමන්ත වීරකෝන් සමඟ සම්බන්ධ විය හැකිය.

 

Home  Facebook



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව