නවලෝක හොස්පිටල්ස්, දකුණු ආසියාවේ ප්‍රථම AI බලයෙන් ක්‍රියාත්මක MRI ස්කෑනරය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

Nawaloka 1 (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික සෞඛ්‍ය සේවා සපයන්නා වන නවලෝක හොස්පිටල්ස් දකුණු ආසියානු සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ AI බලයෙන් ක්‍රියාත්මක ප්‍රථම MRI යන්ත්‍රය හඳුන්වා දෙනු ලැබුවේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තවත් සුවිසල් සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි. මාර්තු 18 වැනි දින නිල වශයෙන් ආරම්භ කරන ලද මෙම අති නවීන පද්ධතිය තුලින් සෞඛ්‍ය නවෝත්පාදනය හා උසස් රෝගී සත්කාරක පුරෝගාමියකු ලෙස සිය විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කිරීමට නවලෝක හොස්පිටල්ස් සමත් විය.
 



 
ඇමරිකානු ඩොලර් මිලියන 4.5ක සුවිශේෂී ආයෝජනයක් යටතේ සිදු කළ මෙම නවතම හඳුන්වා දීම තුලින් රෝග විනිශ්චය කිරීමේ නිවැරදි බව ඉහළ නංවන හා උසස් සෞඛ්‍ය සේවාවන් සපයන ජාත්‍යන්තර මට්ටමේ වෛද්‍ය තාක්ෂණයන් අනුගමනය කිරීම සඳහා වන නවලෝක හොස්පිටල්ස්හි කැපවීම මනාව පිළිබිඹු වේ. AI බලයෙන් ක්‍රියාත්මක මෙම MRI පද්ධතිය හේතුවෙන් ඉක්මණින් රෝග හඳුනාගැනීමේ හා රෝග විනිශ්චය වේගවත් කිරීමේ මෙන්ම පැහැදිලි රූප ලබා දීමේ හැකියාව සහිත ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල විකිරණවේද සේවාවන් පවත්වාගෙන යාමට නවලෝක හොස්පිටල්ස් සමත් වනු ඇත.

AI තාක්ෂණය සමඟින් රෝග විනිශ්චයේ විපලවීය වෙනසක්

AI බලයෙන් ක්‍රියාත්මක MRI ස්කෑන් යන්ත්‍රය රූපයේ පැහැදිලි බව, වේගය සහ රෝග විනිශ්චයේ නිවැරදි බව සැලකිය යුතු ලෙස ඉහළ නංවනු ලබන්නේ ඇල්ගොරිදම ඒකාබද්ධ කරමිනි. පුළුල් පරාසයක විහිදුණු සුවිශේෂී වෛද්‍ය තත්වයන් හරහා රෝගී තත්වයන් කලින් හඳුනා ගැනීමට සහ නිවැරදි රෝග නිර්ණය කිරීමට මේ තුලින් හැකියාව ඇත. එය රෝගීන්ගේ ප්‍රතිකාරවල වඩාත් ඉහළ ප්‍රතිඵල ලබා දීමට අවස්ථාවක් උදා කරයි. මෙම උසස් තාක්ෂණය හේතුවෙන්,

  • මොළයේ ගෙඩි, ආඝාතය, අපස්මාරය සහ විවිධ පටක ඝනවීම (multiple sclerosis) වැනි ස්නායු රෝග තත්ත්වයන්
  • හර්නියා සහ කොඳු ඇට පෙළේ පිළිකා ඇතුළු කොඳු ඇට පෙළේ ආබාධ
  • සන්ධි ආබාධ (ligament tears) සහ ආතරයිටිස් වැනි පේශි ආශ්‍රිත තුවාල (Musculoskeletal injuries)
  • සංජානනීය හෘද දෝෂ සහ සනාල අසාමාන්‍යතා ඇතුළු හෘද වාහිනී රෝග
  • අක්මා රෝග සහ නාරිවේද රෝග වැනි උදර හා ශ්‍රෝණි ආශ්‍රිත ගැටලු
  • පුරස්ථි ග්‍රන්ථිය සහ පියයුරු පිළිකා ඇතුළු පිළිකා කල්තියා හඳුනා ගැනීම
  • ළමා රෝග හඳුනාගැනීම, අවම අපහසුතා සහිතව ආරක්ෂිත, වේගවත් ස්කෑන් කිරීම පහසුවෙන් සිදු කළ හැකිය.

රෝගියාගේ සුවපහසුව වෙනුවෙන් නිර්මාණය කර ඇති මෙම AI බලයෙන් ක්‍රියාත්මක MRI පද්ධතිය යන්ත්‍රය තුළට ඇතුළු වීමේ බිය අවම කරමින් රෝගීන් තුළ සන්සුන් බවත් ඇති කරයි. ඒ සඳහා වන ඉහළ ශබ්ද අවම කිරීමේ තාක්ෂණය සහිත open-bore සැලසුමක්ද ඒ සතුය. වේගවත් ස්කෑන් කිරීම හේතුවෙන් රෝගියාගේ අපහසුතා හා රැඳී සිටීමේ කාලය අවම කරන එය රෝගියාට අමතර ප්‍රතිලාභ රැසක් ලබා දෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නවලෝක හොස්පිටල්ස්හි සභාපති දේශමාන්‍ය ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා සඳහන් කර සිටියේ “රෝග විනිශ්චය විශිෂ්ටත්වය නැවත අර්ථකතනය කිරීමේ නිර්භීත පියවරක් නියෝජනය කරන අපගේ නවතම AI බලයෙන් ක්‍රියාත්මක MRI පද්ධතිය නිවැරදි රෝග විනිශ්චය හා ජාත්‍යන්තර තත්වයේ රෝගී සත්කාර සැපයීමේ අපගේ මෙහෙවර තවදුරටත් ශක්තිමත් කරනවා” යනුවෙනි.

වකුගඩු රෝග, දියවැඩියාව හෝ හෘද වාහිනී තත්වයන් සහිත රෝගීන් සඳහා අවම ප්‍රතිවිරෝධතා විකල්පයන් සපයන මේ තුළින් අවම මට්ටමේ ප්‍රතිවිරෝධයන් භාවිත කළ හැකිය.

ඉතා නිවැරදි රෝග විනිශ්චයන් සඳහා වන උසස් ව්‍යුහ විද්‍යාත්මක විස්තර හා ස්ඵටික පැහැදිලි රූප ලබා දෙයි

ඔබේ පහසුව සඳහාම නවලෝක හොස්පිටල්ස් වෙතින් ලබා දෙන මෙම සුවපහසු සේවාව ලබා ගැනීම සඳහා

  • www.nawaloka.com වෙතින් හෝ නවලෝක හොස්පිටල්ස් ඔන්ලයින් වෙන්කර ගැනීම හරහා මාර්ගගතව වේලාවක් වෙන් කර ගැනීමට හැකිය.
  • ඔබේ වෛද්‍ය තොරතුරු 011 577 7777 වෙත හෝ 071 277 7999 වෙත වට්ස්ඇප් කරන්න
  • වේලාවක් වෙන්කර ගැනීම හෝ වැඩිදුර විස්තර දැන ගැනීමට දුරකතන සහායක අමතන්න

පළමු වරට ස්කෑන් සේවාව ලබා ගන්නා රෝගීන්ට මෙන්ම දැනට සත්කාර කරනු ලබන රෝගීන්ට කිසිඳු කරදරයකින් තොරව සුවපහසු අත්දැකීමක් ලබා ගැනීමට මේ තුලින් හැකි වනු ඇත.

දශක 4කට වැඩි කාලයක් තිස්සේ අඛණ්ඩ නවෝත්පාදනයන් හරහා මෙරට සෞඛ්‍ය සේවා අංශයෙහි පෙරමුණ ගෙන කටයුතු කරන නවලෝක හොස්පිටල්ස් ශ්‍රී ලංකාවේ ප්‍රථම ක්‍ඔ ස්කෑන් යන්ත්‍රය හඳුන්වා දීමේ සිට ප්‍රථම AI බලයෙන් ක්‍රියාත්මක MRI පද්ධතිය හඳුන්වා දීම දක්වා සුවිසල් ඉදිරි පියවරක් තැබීමට සමත්ව සිටියි.

උසස් රෝග විනිශ්චය සේවාවක් ලබා දෙමින් ප්‍රතිකාර සඳහා කලාපීය කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා නවලෝක හොස්පිටල්ස් කැපවී කටයුතු කරයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 + 9 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව