නවතම LMD 100 ශ්‍රේණිගත කිරීමෙහි ඉහළින්ම සිටින බැංකුව කොමර්ෂල් බැංකුවයි

Commercial-Bank




 

 

කොමර්ෂල් බැංකුව නැවත වරක් ‘LMD 100’හි ඉහළම ශ්‍රේණිගත බැංකුව බවට පත් වී ඇති අතර අඛණ්ඩව 28 වැනි වරටත් මෙම කීර්තිමත් ලැයිස්තුවේ හොඳම ආයතනික දැවැන්තයින් 10 අතරට පැමිණීමට සමත්ව ඇත. එසේම, මෙම ශ්‍රේණිගත කිරීම මුල්වරට ප‍්‍රකාශයට පත් කරන ලද 1993-94 වසරේ සිටම කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ ඉහළම සමාගම් 10 අතර සිටීම විශේෂත්වයකි.

මෙරට පුද්ගලික අංශයේ විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකුව, රටේ ශක්තිමත්ම ව්‍යාපාරික ආයතනයක් ලෙස, 2020-21 සඳහා LMD 100හි සියලූ ආයතන අතරින් වත්කම් අනුව සමස්තයක් ලෙස ප‍්‍රථම ස්ථානය ද, ලාභය අනුව දෙවැනි ස්ථානය ද, කොටස් හිමියන්ගේ අරමුදල් අනුව දෙවැනි ස්ථානය සහ ආදායම අනුව හතරවැනි ස්ථානය අත්කර ගනිමින් බැංකුවේ ශක්තිය යළි තහවුරු කර ඇත.

LMD හි මූලික ශ්‍රේණිගත කිරීම පිරිවැටුම මත පදනම් වන නමුත් සඟරාව, සමාගම් නියෝජනය කරන අංශ අනුව මෙන්ම මුළු වත්කම්, බදු වලින් පසු ලාභය, කොටස් හිමියන්ගේ අරමුදල්, වෙළඳපල ප‍්‍රාග්ධනීකරණය සහ අනෙකුත් කාර්ය සාධන දර්ශක යටතේ ද ශ්‍රේණිගත කිරීම සිදු කරයි.

කොමර්ෂල් බැංකුවල LMD ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටීම පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී එස්. රෙන්ගනාදන් මහතා මෙසේ අදහස් දැක්වූවේය. ‘’මූල්‍ය සේවා ක්ෂේත‍්‍රය තුළ අඛණ්ඩතාව ඉතා ඉහළින් අගය කෙරෙනවා. විශේෂයෙන්ම නවතම LMD ශ්‍රේණිගත කිරීම සඳහා පාදක වූ වර්ෂය වන 2020-21 කාලය තුළ මුහුණ දුන් අභියෝගාත්මක තත්ත්වයන් තුළ කාර්ය සාධනය පවත්වා ගෙන යාම ප‍්‍රශංසනීයයි. මෙම ලැයිස්තුවේ ඉහළම ශ්‍රේණිගත බැංකුව ලෙස අපගේ ස්ථානය රඳවා ගැනීම කොමර්ෂල් බැංකුවේ සහ එහි කණ්ඩායමේ නිසග ශක්තිය අවධාරණය කරනවා.”

මෙරට විශාලතම පෞද්ගලික වාණිජ බැංකුව සහ තුන්වන විශාලතම බැංකුව වන කොමර්ෂල් බැංකු සමූහය, 2020 වර්ෂය අවසන් කළේ රුපියල් බිලියන 151.9ක ආදායමක්, රුපියල් ට‍්‍රිලියන 1.762ක සමස්ථ වත්කමක්, රුපියල් බිලියන 159.4ක වටිනාකමක් ඇති කොටස් හිමියන්ගේ අරමුදල් සහ රුපියල් බිලියන 17ක ශුද්ධ ලාභයක් ද වාර්තා කරමිනි.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 11 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 938 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව