නවතම විශේෂාංග රැසක් සමඟින් සැම්සුන් Galaxy M14 LTE වෙළෙඳපොලට පිවිසෙයි

Samsung_LOGO-1

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන සන්නාමය වන සැම්සුන් සිය ස්මාර්ට් ජංගම දුරකතන පරිශීලකයින් වෙත නවමු අත්දැකීමක් එක් කිරීම වෙනුවෙන් නවතම විශේෂාංග රැසක් සමඟින් Galaxy M14 LTE ස්මාර්ට් ජංගම දුරකතනය වෙළෙඳපොලට හඳුන්වා දෙනු ලැබීය. සුවිශේෂී 50MP ත්‍රිත්ව කැමරාවකින්, 5000 mAh බැටරියකින්, 5nm ප්‍රොසෙසරයකින් මෙන්ම තවත් නවතම විශේෂාංග රැසකින් සමන්විත Galaxy M14 LTE ඔබේ සියලු අවශ්‍යතා සපුරාලන එකම ස්මාර්ට් ජංගම දුරකතනය බවට පත් වනු නිසැකය.

 



 

මේ සම්බන්ධයෙන් අදහස් එක් කළ සැම්සුන් ශ්‍රී ලංකාහි කළමනාකාර අධ්‍යක්ෂ Sang Hwa Song මහතා සඳහන් කර සිටියේ නව්‍යකරණය හා නවීන තාක්ෂණය තුළින් සිය පාරිභෝගිකයින්ගේ ජීවිත නගා සිටුවීම සඳහා නිරන්තයෙන් කැපවන සැම්සුන් මෙම Galaxy M නිෂ්පාදන පෙළ තුළින් එය යළි යළිත් සනාථ කිරීමට සමත්ව සිටින බවයි. 2019 වසරේ වෙළෙඳපොලට හඳුන්වා දෙනු ලැබූ Galaxy M නිෂ්පාදන පෙළ ශ්‍රි ලාංකික ස්මාර්ට් ජංගම දුරකතන පරිශීලකයින්ගේ අවශ්‍යතාවන් සපුරාලමින් ඉමහත් ජනප්‍රියත්වයක් අත්කර ගනු ලැබු බවද ඒ මහතා සඳහන් කරන ලදී.

මෙහි ඇති ප්‍රබල 50MP ත්‍රිත්ව කැමරා පද්ධතිය හේතුවෙන් සුපැහැදිලි හා පරිපූර්ණ ඡායාරූප පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව පරිශීලකයින් හට උදා වන අතර 13MP ඉදිරිපස කැමරාව තුළින් ආකර්ෂණීය සෙල්ෆි ඡායාරූප ලබා ගැනීමේ හැකියාවද ලබා දෙන බැවින් ඡායාරූප සඳහා උනන්දුවක් දක්වන පරිශීලකයින්ට වඩාත් ගැලපෙන ස්මාර්ට් ජංගම දුරකතනය Galaxy M14 LTE බව අමුතුවෙන් කිව යුතු නැත.

ස්මාර්ට් ජංගම දුරකතනය දිගු කාලයක් පුරා  සක්‍රියව පවත්වා ගැනීම සඳහා එහි බැටරිය 5000 mAh දක්වා ඉහළ නංවා තිබීමද Galaxy M14 LTE හි තවත් විශේෂත්වයකි. ඒ නිසාම කිසිඳු කරදරයකින් තොරව දවස පුරා අන්තර්ජාලයේ සැරි සැරීමට, වීඩියෝ, ගීත රස විඳීමට මෙන්ම තවත් බොහෝ අත්දැකීම් තමන් සතු කර ගැනීමට පරිශීලකයින්ට අවස්ථාව උදා වන අතර ඒ සතු 25W fast charging තාක්ෂණය හේතුවෙන් අවශ්‍ය විටදී  සැණෙකින් charge කර ගැනීමේ අවස්ථාවද පහසුවක් වනු ඇත.

අඟල් 6.7ක ආකර්ෂණීය Full HD+ 90Hz තිරය මඟින් සුපැහැදිලි දසුන් නෙත් අභියසට ගෙන ඒමට Galaxy M14 LTE  සමත් වෙයි. RAM Plus තාක්ෂණය සමඟින් 8 GB RAM එකකින් සන්නද්ධ Galaxy M14 LTE සුවිසල් හා සුපැහැදිලි තිරය තුළින් සමාජ මාධ්‍ය වේදිකාවන්හි පහසුවෙන් සැරිසැරීමේ අවස්ථාව සළසා දී ඇති අතරම තාක්ෂණය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන Gen-Z සහ millennial පරපුරේ අවශ්‍යතාවන් සපුරාලීමට සමත්ව තිබීම විශේෂත්වයකි.

මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ දත්තයන්හි හා පුද්ගලිකත්වයේ ආරක්ෂාව වෙනුවෙන් හඳුන්වා දී ඇති Samsung Knox විශේෂාංගයයි.  පුද්ගලික දත්ත හා මුරපද (passwords) යෙදුම් ඒ තුළ සුරක්ෂිතව ගබඩා කළ හැකි වීම එහි ඇති විශේෂත්වයයි. Android 13 මත පදනම් වූ One UI 5.1 Core මත ක්‍රියාත්මක වන Galaxy M14 LTE  ස්මාර්ට් ජංගම දුරකතනය වසර 2ක OS Updates හා වසර 4ක Security Updates කිරීමේ අවස්ථාවද පරිශීලකයින් හට දැන් ලබා දී ඇත.

තමන් කැමතිම ආකර්ෂණීය නිල් සහ තද නිල් පැහැයන්ගෙන් යුත් නවතම Galaxy M14 LTE ස්මාර්ට් ජංගම දුරකතනයක් මිලදී ගැනීමේදී පාරිභෝගිකයින් හට එක් වරක් නව තිරයක් නොමිලේ මාරු කිරීමේ අවස්ථාවද උදා වන අතර ඒ තුළින් රුපියල් 12,600ක ඉතිරියක් තමන් සතු කර ගැනීමට ඔවුන්ට හැකි වේ. සිය ස්මාර්ට් ජංගම දුරකතනයේ ආරක්ෂාව පිළිබඳ විශ්වාසයක් ඔවුන් සතු වීමද මෙහි ඇති තවත් විශේෂත්වයකි.

දිවයින පුරා විසිරුණු සැම්සුන් බලයලත් අලෙවි නියෝජිතයින්ගෙන්, John Keells Office Automation සහ Softlogic Mobile Distribution Pvt Ltd වෙතින් නවතම Galaxy M14 LTE ස්මාර්ට් ජංගම දුරකතනයක් දැන් මිලදී ගත හැකියි.

ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි, වගකීම් සහගත ස්මාර්ට් ජංගම දුරකතන පාරිභෝගිකයා වෙත ලබා දීමට කටයුතු කර ඇති සැම්සුන් සමාගම නිරන්තරයෙන් දේශීය නීති, රෙගුලාසිවලට අනුව සිය මෙහෙයුම් සිදු කරනු ලබයි. මෙරට ලියාපදිංචි නියම ස්මාර්ට් ජංගම දුරකතන හා උපාංගත මිලදී ගැනීමේදී හෝලෝග්‍රැෆික්  (holographi) ස්ටිකරය සහිත උපාංග මිලදී ගන්නා ලෙස සියලු ශ්‍රී ලංකාවේ සියලු පාරිභෝගිකයින් දැනුවත් කිරීමටද සැම්සුන් කටයුතු කර ඇත.

ශ්‍රී ලංකාවේ අංක 1 ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය වන සැම්සුන් SLIM ශ්‍රී ලංකා සම්මාන උළෙලේදී අඛණ්ඩව පස්වන වරටත් ‘People’s Youth Choice Brand of the Year’ ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ මෙරට වටිනාම සන්නාම අතරට එක් වෙමිනි. සෑම වයස් කාණ්ඩයකම පාරිභෝගික පදනමක් සහිත සැම්සුන් Gen Z සහ Millennial වයස් කාණ්ඩයන්ගේ අවශ්‍යතා සපුරාලීමට කැපවී කටයුතු කරයි.

 


 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව