නවතම දීවා ෆ්‍රෙශ් ග්‍රෑම් 700යේ පැකට්ටුව වෙළෙඳපොළට හඳුන්වාදෙයි

Lotus 700g (LBN Fill)

 



 

 

 

සෑම නිවසකම රෙදි සෝදන අවශ්‍යතා සඳහා පරිපූර්ණ විසඳුම් පෙළක් සමඟින්, දීවා ෆ්‍රෙෂ් සිය නවතම ග්‍රෑම් 700යේ පැකට්ටුව රෝස සහ දෙහි ප්‍රභේධය ඇතුලුව​ තවත් ප්‍රභේධයන්, මෑතකදී වෙළෙඳපොළ වෙත හඳුන්වා දෙන ලදී. විශිෂ්ට රෙදි සේදීමේ විසඳුම් සපයමින් වසර ගණනාවක් පුරා පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා මැනවින් හඳුනාගත් දීවා, රෙදි සෝදන කුඩු සඳහා වැඩිවන පාරිභෝගික ඉල්ලුමට සරිලන උසස් ගුණත්වයකින් යුතු නිෂ්පාදන ඉතාමත් සාධාරණ මුදලකට සිය පාරිභෝගිකයින් වෙත සමීප කරයි.

දීවා ෆ්‍රෙෂ් පවුලේ අනෙකුත් ප්‍රභේද අතුරින් සිය පාරිභෝගිකයින් තුළ ඉතා ජනප්‍රිය සුවඳ වර්ගයන් දෙක මෙම හඳුන්වාදීම සඳහා තෝරාගන්නා ලදී. සැබෑ ශ්‍රී ලාංකේය සන්නාමයක් ලෙස කාලීන අවශ්‍යතාවයන්ට ප්‍රතිචාර දක්වමින්, විවිධ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා දීවා ග්‍රෑම් 700යේ පැකට්ටුව මෙලෙස වෙළඳපොළට හඳුන්වාදෙන ලදී.

Diva ග්‍රෑම් 700යේ පැකට්ටුව හඳුන්වාදීම මඟින් පාරිභෝගිකයින් සඳහා වූ විකල්පයන් ප්‍රමාණය වැඩිකිරීම දීවා හි අරමුණ විය. වත්මන් ආර්ථික අභියෝග හමුවේ පාරිභෝගිකයින්ට මිලදී ගැනීමේදී වඩා හොඳ තීරණ ගැනීමට මෙම හඳුන්වාදීම උපකාරි වනු ඇත.

දීවා ෆ්‍රෙෂ් හි, ත්‍රිත්ව ක්‍රියාකාරී සංයෝගය (3-in-1 action) තුළ අන්තර්ගත, දිගුකල් පවත්නා විශිෂ්ට සුවඳක් ලබදෙන අතර ෆයිබර් ක්ලීන් තාක්ෂණය සහ ඔප්ටිකල් බ්‍රයිට්නර්ස් ඇඳුම් සඳහා විශිෂ්ට පිරිසිදු කිරීමක් සහ දීප්තියක් ලබාදෙයි. දීවා ෆ්‍රෙෂ්, පවුලේ යහපැවැත්ම සහ  කාර්යබහුල ජීවිතය සඳහා වූ විශිෂ්ටතම තෝරාගැනීම වේ.

දීවා ෆ්‍රෙෂ් රෝස සහ දෙහි ග්‍රෑම් 700යේ පැකට්ටුව සහ නිල් මානෙල්, ලැවෙන්ඩර් සහ දෙහි ග්‍රෑම් 700යේ පැකට්ටුව, දීපව්‍යාප්ත අලෙවිසැල් වලින් සහ හේමාස් E-store (https://hemasestore.com/brand/diva/) වෙතින් අන්තර්ජාලය හරහා දැන් මිලදී ගත හැක.

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව