නවතම අත්දැකීමක් සඳහා Huawei උපාංගයන් වෙතට EMUI 10

Huawei EMUI 10

ජංගම දුරකතන තාක්ෂණයේ නව්‍යෝත්පාදකයා වන Huawei විසින් සිය නවතම  flagship මාදිලියේ ස්මාර්ට් ජංගම දුරකථන වන Huawei P30, Mate 20 හා Nova 5T සඳහා EMUI 10 එක් කිරීම සඳහා සැලසුම් කර ඇත. Huawei හි මීළඟ ප්‍රධාන මෙහෙයුම් පද්ධති යාවත්කාලීන කිරීම වන EMUI 10 හරහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ට ඉතා විශිෂ්ට තාක්ෂණික අත්දැකීමකට හිමිකම් කීමට අවස්ථාව හිමි වනු ඇත.

Google හි නවතම Android Q OS පාදක කර ගනිමින් හා GPU Turbo තුළින් 60% ක වැඩි දියුණුවක් සහිතවද, EROFS ROM තුළින් 20% කට වැඩි වර්ධනයක් සහිතවද, Multi-screen සහය මෙන් වැඩි දෙනකු බලාපොරොත්තු වන Dark Mode විශේෂාංගය EMUI 10 වෙතින් පැමිණීමට නියමිතය. අඳුරු පැහැ තිරයක් සඳහා කැමති පාරිභෝගිකයා වෙනුවෙන් නිමවා ඇති නවතම dark mode, third-party apps දක්වා ව්‍යාප්ත කිරීමේ හැකියාවද පවතී. Dark Mode හරහා ආලෝකය තුළින්  මිනිස් ඇසට වන හානිය අවම වන අතර බැටරි ධාරිතාව අවම වශයෙන් භාවිත වේ.

EMUI 10 තුළින් ආකර්ෂණීය Clock සහ Calendar Styles, වැඩි දියුණු කල Display options භාවිත කිරීමේ අවස්ථාවද පාරිභෝගිකයාට හිමි වේ.  තවද උපාංගයන් තුළ වූ HiCare ඇප් හරහා ඉතා සූක්ෂම ලෙස සකසන ලද (UX) design පරිශීලකයින්ට වඩා හොඳ අත්දැකීමක් ලබා දෙන අතර වැඩි දියුණු කල ආරක්ෂාවක් සහිත ස්මාර්ට් ඔෆිස් මෙහෙයුම් සඳහා වූ multi-screen සහයෝගීතාවය සුවිශේෂී විශේෂාංගයක් වේ.

EMUI 10 හරහා පරිශීලකයින්ට magazine-style layout, classic Morandi palette design, intuitive dark mode settings සහ  animation design ඇතුළු විවිධ interface හා ක්‍රියා කිරීමේ හැකියාවන් හිමි වන අතර දැනට පවතින App Assistant හි ක්‍රියාකාරිත්වය තව දුරටත් වර්ධනය කර ඇත. භාවිත කරන්නන්ට settings හරහා Floating window සිය අවශ්‍යතාවන්ට අනුකුල වන සේ සකසා ගත හැකි අතර  Mobile Games  වල  නිරත වන අවස්ථාවන් වලදී මෙම Floating window තුළින් Picture-in-Picture (PiP) mode ක්‍රියාත්මක කල හැක. Facebook, WhatsApp, WeChat සහ Telegram යන ප්‍රධාන සමාජ මාධ්‍ය ජාලා ඇප් හතරක් මෙම විශේෂාංගය හා අනුකුල වනු ඇත.

Huawei විසින් සිය ප්‍රථම  ඇන්ඩ්‍රොයිඩ් පාදක කරගත් ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය (OS), EMUI, 2012 දෙසැම්බර් මාසයේදී දියත් කළ අතර එදා පටන් වර්තමානය දක්වා එම මෙහෙයුම් පද්ධතීන් සිය වෙනස් වන පරිශීලක අවශ්‍යතාවන්ට අනුව වැඩි දියුණු කිරීමට Huawei කැප වෙමින් සිටී.  Huawei හි ස්මාර්ට්ෆෝන් භාවිතා කරන්නන්ගේ වාර්ෂික වර්ධනයට සමගාමීව, EMUI සඳහා දැන් මිලියන 480 ක් ක්‍රියාකාරී පරිශීලකයින් සංඛ්‍යාවක් ද සිටී.

මේ පිළිබඳ අදහස් දක්වමින් Huawei මෙරට ප්‍රධානි පීටර් ලියු මහතා පවසා සිටියේ මෙම නවතම වැඩි දියුණු කල තාක්ෂණික අත්දැකීම ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් වෙනුවෙන් ලබා දීමට හැකි වීම පිළිබඳ Huawei ආඩම්බරයට පත් වන බවයි. මෙම වැඩිදියුණු කල විශේෂාංග හරහා සිය පාරිභෝගිකයින්ට ඉතා උසස් සේවාවක් සහ සැලකිය යුතු ප්‍රතිලාභයන් හිමි වන බවද හෙතෙම කීහ.

EMUI 10 update මාදිළීන් රැසක Huawei ස්මාර්ට් ජංගම දුරකථන සඳහා නුදුරේදීම හිමි වනු ඇත. රැහැන් රහිත ප්‍රක්ෂේපණය (Wireless projection) සඳහා තවත් පියවරක් තබමින් , බහු-තිර සහයෝගීතාවයෙන් (Multi-screen Collaboration)  ලැප්ටොප් සහ ස්මාර්ට්ෆෝන් අතර තත්කාලීන සහයෝගීතාව (Real-time collaboration) EMUI 10 හරහා සක්‍රීය කර ඇත. මේ හරහා එකම අවස්ථාවකදී ලැප්ටොප් පරිගණකය සහ ජංගම දුරකථනය Keyboard සහ Mouse හරහා පාලනය කිරීමට හැකියාව හිමි වේ. එනම් ස්මාර්ට්ෆෝන් තිරය ලැප්ටොප් පරිගණකයේ දිස්වනු ඇති අතර උපාංගයන් ද්විත්වය හරහා ඉතාමත් පහසුවෙන් ගොනු ඉතාමත් පහසුවෙන් drag සහ drop කිරීම සිදු කල හැක. Multi-screen collaboration පහසුකම සඳහා දුරකථනය HiSilicon Kirin 980 හෝ  HiSilicon Hi1103 හෝ  Broadcom BCM 43596 Wi-Fi chipset මඟින් බලගන්වා තිබිය යුතු අතර PC Manager 10.0 හෝ පසු සංස්කරණයක්  Install කර ඇති HUAWEI Mate Book 13, MateBook 14, හෝ  MateBook X Pro 2019, වර්ගයේ Notebook විය යුතුය.

නව EMUI 10 හරහා කියවීමට වන බාධා ඉවත් කිරීමට සහ පරිශීලක අවධානය යොමු කිරීම සඳහා ග්‍රිඩ් රේඛා සහිත විශාල අකුරු යෙදීම කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කර ඇත. සඟරා වැනි පිරිසැලසුම් (magazine-like layouts) මඟින්ප රිශීලකයා හට වඩාත් සිත් ඇදගන්නා සුළු කියවීමේ අත්දැකීමක් හිමි වේ.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව