නයින්වෙල්ස් රෝහල යටතේ Yatra-inspired Living” නමින් සුඛෝපභෝගී ජ්‍යෙෂ්ඨ පුරවැසි නිකේතනයක් විවෘත කෙරේ

Yatra (LBN)

නයිවෙල්ස් රෝහල දේශීය හා විදේශීය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් “Yatra-inspired Living” නමින් සුඛෝපභෝගී නිකේතනයක් පසුගියදා විවෘත කරන ලදී. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට කිලෝමීටර් 11 ක් තරම් නුදුරින් පිහිටා ඇති මෙම නිකේතනය, ස්වභාව සෞන්දර්යයෙන් අනූන අක්කර 20 ක නිස්කලංක පරිසරයක පිහිටා තිබේ.

 



 

මෙම නිකේතනය මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට නවාතැන්, ආහාරපාන, සෞඛ්‍ය සේවාවන් සහ විනෝදාස්වාද සේවාවන් රාශියක් ලබාගැනීමට හැකි වනු ඇත. Standard සහ Superior යන කාණ්ඩ දෙකට අයත් කාමර 26 ක් මීට ඇතුළත් ය.

ඉතාමත් සුවපහසු හා සුඛෝපභෝගී පහසුකම් සහිත මෙහි පිහිටා ඇති විවෘත ආපනශාලාවේදී ආහාරපාන රැසක් ලබාගැනීමට හැකියාව ඇත. නේවාසිකයන්ගේ යහපත් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව පවත්වාගෙන යනු වස් හෙද හෙදියන් සහ වෛද්‍යවරුන්ගෙන් සමන්විත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් සිටින අතර, අවශ්‍ය අවස්ථාවක නයින්වෙල්ස් රෝහලෙහි වෛද්‍ය සේවා කණ්ඩායම් සමඟ සාකච්ඡා කර අමතර සෞඛ්‍ය සේවාවන්ද ලබා ගත හැක.

නේවාසිකයන්ගේ විනෝදාස්වාදය වෙනුවෙන් විවෘත පිහිනුම් තටාකයක්, ඇවිදීමේ මංතීරුවක්, සියලු පහසුකම් සහිත ක්‍රීඩාගාරයක්, ශරීර සුවතා මධ්‍යස්ථානයක් ඇතුළු අංග රැසක් ද මීට ඇතුළත්ය. එමෙන්ම අමුත්තන් වෙනුවෙන් සිනමා දර්ශන සහ විවිධ උත්සවද සංවිධානය කෙරෙන අතර, ඔවුන්ට තම රුචිකත්වය අනුව ස්වභාව සෞන්දර්යයත් සමඟ යෝග, ව්‍යායාම් සහ මානසික සුවතා වැඩසටහන් ආදියෙහි යෙදීමට ද අවස්ථාව හිමිවනු ඇත.

“Yatra-inspired Living” නිකේතනය විවෘත කරමින් අධ්‍යක්ෂ/ප්‍රධාන මෙහෙයුම් නිලධාරී වෛද්‍ය විභාෂ් විජේරත්න මහතා මෙසේ පැවසී ය. “මෙය හුදෙක් විශ්‍රාම නිකේතනයක් නොව, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ජීවිත වඩාත් යහපත් කිරීමට කැපවුණු සුවිශේෂී පරිශ්‍රයක් ලෙස හැඳින්විය හැකියි. සත්කාරය, සුවපහසුව හා සමාජ ඇසුර රිසි සේ අත්විඳිය හැකි ස්ථානයක් මෙම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබාදීම අපගේ අරමුණ වුණා.”

ජ්‍යෙෂ්ඨ පුරවැසි නිකේතනයක සීමාවන්ගෙන් ඔබ්බට ගොස්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට උපරිම පහසුවක් සමගින් සුවිශේෂී අත්දැකීමක් තිළිණ කිරීම සඳහා “Yatra-inspired Living” ආරම්භ කරන ලදි. නයින්වෙල්ස් රෝහලේ කාර්යක්ෂම කළමනාකරණය යටතේ, දේශීය හා විදේශීය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට විශිෂ්ටතම සේවාවක් ලබාදීම මෙහි අරමුණ වී තිබේ. ශ්‍රී ලංකාවේ විවෘත කරන ලද, රෝහලක් මගින් කළමනාකරණය කරනු ලබන මෙම වර්ගයේ ප්‍රථම නිකේතනය මෙයයි. මෙම පුරෝගාමී පියවර, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට එකම වහලක් යටදී සත්කාර හා ප්‍රතිකාර ලබාගැනීමට අවස්ථාව සලසා දෙන සුවිශේෂී පියවරක් වනු ඇත. එමෙන්ම මෙය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තම ජීවිතයේ සැඳෑ සමය සතුටින් හා සැහැල්ලුවෙන් ගතකිරීමට ලැබෙන සුවිශේෂී අවස්ථාවක් වනු නො-අනුමාන ය.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 − 7 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව