ද. ආසියාවේ විශාලම සුඛෝපභෝගී වැඩිහිටි සත්කාරක නිවාසය රු. මිලියන 4000ක ආයෝජනයකින් ගල්කිස්සේදී විවෘත වේ

IMAGE-2 (LBN)

 



 

 

වසර 16කට පෙර 2007දී ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ විශාලතම හා ප්‍රමුඛතම ගෘහස්ථ හෙද සේවා ආයතනය වන සීමාසහිත රෝයල් නර්සිං හෝම් පෞද්ගලික සමාගම (www.royalnursinghome.com) සිය තෙවැනි වැඩිහිටි සත්කාරක නිවාසය පසුගියදා ගල්කිස්සේදී විවෘත කළේය. ගාලු පාරට ආසන්නව ගල්කිස්ස නගරයේ අක්කර දෙකක අලංකාර භූමියක පිහිටා තිබුණු Palm Beach තරු හතරේ හෝටලය මෙලෙස සුඛෝපභෝගී පහසුකම් සහිතව, කාමර 100කින් සමන්විතව, ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව, ISO 9001-2015 තත්ත්ව සහතිකය සහිතව, වැඩිහිටි සත්කාරක නිවාසයක් බවට පරිවර්තනය කර ඇත. මෙය දකුණු ආසියාවේ පළමු විශාලම හා සුඛෝපභෝගීම වැඩිහිටි සත්කාරක නිවාසය වීම සුවිශේෂත්වයයි.

ගල්කිස්ස ශාඛාවේ නේවාසික කළමනාකරු චරිත ජයසිංහ මහතා පැවසුවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ජීවිතයේ සැඳෑ සමය සතුටින් හා විවේකීව ගත කිරීමට මෙම වැඩිහිටි සත්කාරක නිවාසය සියලු සුඛෝපභෝගී පහසුකම්වලින් පරිපූර්ණ කර ඇති බවයි. දේශීය හා විදේශීය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට, විදේශවල පදිංචි හා විදේශවල රැකියාවල නියුතු දරුවන්ගේ ආදරණීය දෙමව්පියන්ට ආරක්ෂිතව, සෞඛ්‍ය සම්පන්නව, ආත්ම අභිමානයෙන් යුතුව වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ රැකවරණය සහිතව ජීවත් වීමට දේශීය විදේශීය ප්‍රණීත ආහාර පාන හා සියලු පහසුකම් සමඟ එක් මාසයක් සඳහා කාමර ගාස්තුව ඇමරිකානු ඩොලර් 560න් ඇරැඹේ. වැඩි විස්තර 0711600600 දුරකතන අංකයෙන් ගත හැකිය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 + eleven =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව