දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හා කාන්තා ව්‍යවසායකයන් සවිබල ගැන්වීමට Daraz හා LIIN අත්වැල් බැඳගනියි

DSC_7002-LINN workshop 3 (2)

 



 

 

 

Daraz ශ‍්‍රී ලංකා Lanka Impact Investing Network (LIIN) සමග එක්ව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබල ගැන්වීමට දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවක් සංවිධානය කිරීමට සැලසුම්කොට ඇත. වැඩමුළු මාලාව වෙත සහභාගී වන ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන සඳහා පුළුල් මෙන්ම වඩාත් තිරසාර වෙළෙඳපොළක් සකස් කර දීම වෙනුවෙන් Daraz Seller  ලියාපදිංචි කිරීම හෙවත් Daraz විද්‍යුත් වාණිජ වෙබ් අවකාශයේ විකුණුම් කටයුතු කිරීමේ පහසුකම් සලසා දේ.

Daraz හා LIIN සහයෝගීතාවයෙන් දියත් කෙරෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශක්තිමත් කිරීමේ වැඩමුළු මාලාවේ ආරම්භය ලෙස දකුණු පළාතේ කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීමේ වැඩමුළුවක් පසුගියදා පැවැත්වූයේ ශ්‍රී ලාංකීය ආර්ථික සංවර්ධනය කෙරෙහි කාන්තාවගේ සක‍්‍රීය දායකත්වය අගය කිරීමේ බලාපොරොත්තුවෙනි. Daraz Seller විකුණුම්කරුවෙකු ලෙස විද්‍යුත් වාණිජ අවකාශයක කටයුතු කරන ආකාරය පැමිණ සිටි කාන්තා ව්‍යවසායිකාවන්ට සජීවී උදාහරණ ආශ‍්‍රයෙන් පැහැදිළි කරමින් Daraz සමග ලියාපදිංචි වීම, විකුණුම් කටයුතු සිදුකිරීම හා විකුණුම් මුදල් ලබාගැනීම දක්වා අත්දැකීම් ලබා දීම එහිදී සිදු කෙරිණ.

Daraz ශ්‍රී ලංකා අලෙවි ප‍්‍රධානී සයේඞ් මීරා වැඩමුළුව පිළිබඳ අදහස් දක්වමින් “වැඩමුළුවට පැමිණි කාන්තාවන්ට Daraz සමග විකුණුම් සිදුකරන ආකාරයත් විද්‍යුත් වාණිජ ක්ෂේත‍්‍රය පිළිබඳවත් අප ඉතා හොඳින් පැහැදිළි කළා. ඔවුන් දැනට ගනුදෙනු කරන සීමිත පාරිභෝගික අවකාශයෙන් ඔබ්බට ගොස් Daraz සමග රැඳී සිටින මිලියන දෙකකට අධික පාරිභෝගිකයන් සිටින පුළුල් වෙළෙඳපොළක විකුණුම් කටයුතු කිරීමේ අවස්ථාව දැන් ඔවුන් සතුව තිබෙනවා. Daraz සමග විකුණුම් සිදුකරන කුඩා ව්‍යාපාරිකයන්ටත් ගෘහාශ‍්‍රිත ව්‍යවසායකයන්ටත් ඉහළ විකුණුම් ප‍්‍රමාණයක් වාර්තා කරමින් බෙදාහැරීමේ වියදම් ඇතුළු වෙළෙඳපොළ අභියෝගවලට මුහුණ දීමේදී තනිව කටයුතු කරනවාට වඩා ශක්තියක් Daraz සමග කටයුතු කරද්දී ලැබෙනවා. නූතන ඩිජිටල් ආර්ථික පරිසරයේ සාර්ථක ව්‍යවසායකයෙක් වන ආකාරය Daraz අප ඔවුන්ට පහදා දුන්නා. ශ්‍රී ලංකාවේ කාන්තා ප‍්‍රජාවේ විරැකියා තත්ත්වයට දිගුකාලීන විසඳුමක් විදිහට කාන්තා ව්‍යවසායිකත්වය අප දකිනවා. කාන්තාවන්ගේ ව්‍යවසායකත්ව කුසලතා වැඩිදියුණු කිරීමටත් විද්‍යුත් වාණිජ අවකාශයේ සාර්ථක ව්‍යවසායකයන් බවට පත්කොට ශ්‍රී ලාංකීය ඩිජිටල් ආර්ථිකයට ඔවුන්ගේ දායකත්වය එක්කිරීම මෙවර අපි පැවැත්වූ වැඩමුළුවේ ප‍්‍රධාන අරමුණ වුණා. මේ කටයුත්තේදී අපට ශක්තියක් වූ LIIN කණ්ඩායමට මා හදවතින්ම ස්තූතිය පිරිනමන්නට මෙය අවස්ථාවක් කරගන්නවා.” යැයි පැවසීය.

ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාණිජ ක්ෂේත‍්‍රයට කාන්තා ව්‍යවසායකයන්ගේ වැඩි දායකත්වයක් එක් කිරීම වෙනුවෙන් Daraz විසින් මාර්තු මාසයේදී  “Daraz ආර්යා ශක්ති” ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. “Daraz ආර්යා ශක්ති” සමග එක්වන කාන්තා ව්‍යවසායිකාවන්ගේ විද්‍යුත් වාණිජ ක්ෂේත‍්‍රය පිළිබඳ දැනුම, කුසලතා හා ආකල්ප වර්ධනය කිරීමෙහිලා Daraz Seller Support team විසින් නොමිලේ පුහුණුව ලබාදෙන අතර පළමු මාසයේ 0% කොමිස් අයකිරීම, දින 7ක් ඇතුලත විකුණුම් පහසුකම් සැලසීම හා නොමිලේ ඇසුරුම් ද්‍රව්‍ය ලබාදීම, Daraz විකුණුම් අවකාශයේ පළ කිරීම සඳහා භාණ්ඩ නොමිලේ ඡායාරූප ගතකිරීම (free product photoshoots) වැනි විශේෂ පහසුකම් රැසක් , Daraz වෙතින් සම්පාදනය කෙරේ.

Daraz සමග එක්ව විකුණුම් සිදුකිරීම ඉතාමත් පහසු හා වේගවත් කටයුත්තක් වන අතර පැය 24 ක කාලය ඇතුලත විකුණුම් ඇරඹීම සිදු කළ හැකිය. Daraz consignment-base selling යටතේ අති නවීන ගබඩා පහසුකම් භාවිතා කිරීමත්, Daraz විකුණුම්කරුවන්ගේ භාණ්ඩ මුළු දිවයිනම ආවරණය කරන ලද අධිවේගී බෙදාහැරීමේ ක‍්‍රමවේදයෙන් හෝ කඩිනම් නැව්ගත කිරීමක් යටතේ පාරිභෝගිකයන් වෙත කඩිනමින් ළඟාකරවිය හැකිය. Daraz පසුපස සිටින විද්‍යුත් වාණිජ ක්ෂේත‍්‍රයේ ජාත්‍යන්තර දැවැන්තයා Alibaba විසින් ශක්තිමත් කරනු ලබන අති නවීන මෙන්ම ආරක්ෂිත පහසුකම් රැසකින් Daraz විද්‍යුත් වාණිජ අවකාශය සමන්විතය.

ශ්‍රී ලංකාවේ විශාලතම විද්‍යුත් වාණිජ අවකාශය වන Daraz ශ්‍රී ලාංකීය ඩිජිටල් ආර්ථික සමෘද්ධිය උදෙසා විකුණුම්කරුවන් හා පාරිභෝගිකයන් දැනුවත් කිරීම්, මූල්‍ය පහසුකම් සැලසීම හා ග‍්‍රාමීය ප‍්‍රජාව විද්‍යුත් වාණිජ ක්ෂේත‍්‍රය කෙරෙහි දිරිමත් කිරීම සඳහා ඉදිරි වසර කිහිපයේ වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරයි. ඉදිරි කාලය ඇතුලතදී නව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 100,000 ක පිරිසක් විද්‍යුත් වාණිජ අවකාශයට රැගෙන එමින් ශ්‍රී ලංකාවේ නව රැකියා 300,000 ත් 400,000 අතර ප‍්‍රමාණයක් බිහි කිරීම Daraz අපේක්ෂාවයි.

ශ්‍රී ලංකාවේ පළමු බලපෑම් කළමනාකරණ හා ආයෝජන ආයතනය වන LIIN ආයෝජන අවස්ථා හරහා අප රටේ සමාජ හා පාරිසරික ගැටළු නිරාකරණය කිරීමෙහිලා සක‍්‍රීයව දායකවී සිටියි. LIIN විසින් සමාජ ව්‍යවසායකයන්ගේ ආයෝජන අවස්ථා සවිබලගන්වමින් ශ්‍රී ලංකාව තුළ තිරසර සමාජ පද්ධතියක් ගොඩනැංවීමෙහිලා දායකත්වය ලබාදෙයි.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව