දුෂ්කරතා ඇති දරුවන්ට පහසුකම් සලසන්නට Daraz Cares – Child Action Lanka සමග අත්වැල් බැඳගනියි

Image 1

 



 

 

 

ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාණිජ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන Daraz වෙබ් අඩවියේ සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ ප‍්‍රථම අන්තර්ජාලගත මහජන සුධසාධන පරිත්‍යාග වැඩසටහන වන Daraz Cares දුෂ්කරතා ඇති ශ්‍රී ලාංකීය දරු දැරියන්ගේ සුබසාධනය උදෙසා Child Action Lanka සමාජ සේවා ආයතනය සමග අත්වැල් බැඳගත්තේය.

Child Action Lanka විසින් ළමුන් සහ දෙමව්පියන් එකිනෙකාගෙන් වෙන් නොවී තබාගනිමින් ළමුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ අරමුණ ඇතිව මැයි මාසයේදී ආරම්භ ‘Help My Friends’ ව්‍යාපෘතිය Daraz Cares සමග තව දුරටත් ශක්තිමත්ව ඇත. ‘Help My Friends’ ව්‍යාපෘතිය යටතේ පෙර පාසැල් / දිවා සුරැකුම් මධ්‍යස්ථාන ගාස්තු ගෙවීම, පෝෂණ අවශ්‍යතා සපුරාලීම, අධ්‍යාපන වියදම් හා පාසැල් උපකරණ මිලදී ගැනීමේ දුෂ්කරතා ඇති ශ්‍රී ලාංකීය දෙමව්පියන් වෙත අත්වැලක් වීම අපේක්ෂා කෙරේ. Daraz Cares වෙබ් අවකාශයේ  “Charity and Donation” පිටුවට පිවිස Home & Lifestyle’ යටතේ ‘Help My Friends’ සඳහා ඔබේ දායකත්වය ලබාදිය හැකිය. https://pages.daraz.lk/wow/gcp/daraz/channel/lk/daraz-cares/daraz-cares  ඔස්සේද ඔබට Daraz Cares වෙත පිවිසිය හැකිය.

Daraz Cares සමග එක්ව Child Action Lanka සමාජ සේවා ආයතනය වැනි රජයේ ලියාපදිංචිය ලත් සුබසාධන ආයතන හා සමාජ සේවා සංවිධාන වෙත ඔබේ දායකත්වයන් ඉතා පහසුවෙන් ලබාදිය හැකිය. ඔබ විසින් සිදුකරනු ලබන පරිත්‍යාග 100% ක් එලෙසින්ම අදාල ආයතන වෙත බැරකෙරෙන අතර අමතර ගාස්තු හෝ සැඟවුණු ගාස්තු කිසිවක් එයට ඇතුලත් නොවේ.

දෛනික ආදායම් මත යැපෙන ශ්‍රී ලාංකිකයන්ගේ පවුල්වල දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වීම සුලබව දක්නට ලැබෙන අවාසනාවන්ත තත්ත්වයකි. ආර්ථික දුෂ්කරතා නිසා දෙමාපියන් දරුවන්ගෙන් ඈත්ව දුර බැහැර සිට සේවයේ යෙදීමේදී දරුවන් ගැටළු රැසකට මුහුණපානු දැකගත හැකිය. මේ සියල්ල නිසා බලපෑමකට ලක්වන ශ්‍රී ලාංකීය දරු පිරිසකගේ සෞඛ්‍ය, පෝෂණ, ආරක්ෂණ හා අධ්‍යාපන අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙහිලා Child Action Lanka විසින් ක‍්‍රියාත්මක කරනු ලබන ‘Help My Friends’ වැඩසටහන උපකාරී වෙයි. Daraz Cares අත්වැලත් සමග එම කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ.

Daraz Cares විසින් මෙතෙක් සිදු කළ ළමා සුබසාධන කටයුතු Child Action Lanka සමාජ සේවා ආයතනය හා අත්වැල් බැඳගැනීමත් සමග තවදුරටත් පුළුල්ව ඇත. Daraz Cares සුබසාධන කටයුතු ආයතනික සේවක මණ්ඩලයත්, Daraz හා එක්ව සිටින විකුණුම්කරුවන් හා පාරිභෝගිකයන් යන සියළු දෙනාද ආවරණය කරමින් එයින් ඔබ්බට ගිය පුළුල් සමාජ සුබසාධන වැඩපිළිවෙලක් ලෙස ක‍්‍රියාත්මක කෙරේ. අති නවීන තාක්ෂණය භාවිතා කරමින් ශ්‍රී ලාංකීය ජන සමාජයේ දුෂ්කරතා මෙන්ම අවශ්‍යතා ඇති මිනිසුන් සොයා පිළිසරණක් වන්නට Daraz Cares සැමවිටම සූදානමින් සිටියි.

Child Action Lanka සමග එක්ව ශ්‍රී ලාංකික දරුවෙකුගේ යහපත සැලසිමට කැමති නම් Daraz Cares වෙත පිවිස අදම ඔබගේ වටිනා පරිත්‍යාගය එක් කරන්න. Child Action Lanka පිළිබඳ වැඩි විස්තර childaction@sltnet.lk වෙතින් හෝ www.childactionlanka.org වෙතින් ලබා ගන්න.

 



 

 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව