
ඩාර්ලි බට්ලර් සමාගම, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පරිසර අධිකාරිය සමඟ එක්ව ‘Bio Clean හරි පිරිසිදු Railway’ වැඩසටහන දියත් කිරීම පසුගියදා සිදුවිය. දීප ව්‍යාප්තව සිදුකරනු ලබන මෙම වැඩසටහන ඔස්සේ සියලුම දුම්රිය ස්ථාන වල වැසිකිළි පද්ධති පිරිසිදු කිරීම සඳහා අවශ්‍ය Bio Clean නිෂ්පාදන දහසක ප්‍රමාණයක් මාසිකව නොමිලේ ලබා දීමට සැලසුම් කර ඇත.
කොළඹ කොටුව දුම්රිය ස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පවත්වනු ලැබූ මෙම උත්සව අවස්ථාවේදී ඩාර්ලි බට්ලර් සමාගමේ විධායක අධ්‍යක්ෂ සංජීව ගුණවර්ධන මහතා විසින් කොළඹ කොටුව දුම්රිය ස්ථානාධිපති එස්. එම්. එල්. සිරිවර්ධන මහතා වෙත සංකේතාත්මකව මෙම Bio Clean නිෂ්පාදන ප්‍රදානය කිරීම සිදුකරනු ලැබූ අතර ඒම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අලෙවි කළමනාකරු චන්දන මහතා, අතිරේක සාමාන්‍යාධිකාරි ටී. එස්. පොල්වත්ත මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් (වැඩ බලන) සහ (අපද්‍රව්‍ය කළමනාකරණ) අධ්‍යක්ෂක (පරිසර ප්‍රවර්ධන) ශ්‍යාමනී පෙරියප්පෙරුම මහත්මිය, ඇතුළු නිලධාරීන් සහභාගී විය.
මෙම සුවිශේෂ අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඩාර්ලි බට්ලර් සමාගමේ විධායක අධ්‍යක්ෂ සංජීව ගුණවර්ධන මහතා මෙසේ පැවසීය. “වගකිවයුතු සමාගමක් ලෙස අප, අපගේ නිෂ්පාදන ක්‍රියාවලියේදි පරිසරය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීම විශේෂ කාරණයක් වෙනවා. මෙම කාර්යෙ තවත් එක් දිගුවක් ලෙස දියත් කරන මෙම වැඩසටහන ඔස්සේ දුම්රිය මඟීන්ගේ සනීපාරක්ෂාව වෙනුවෙන් පිරිසිදු වැසිකිළි පද්ධතියක් නඩත්තු කිරීම මූලිකම අරමුණ වෙනවා. ඒ වගේම මෙයින් පොදු වැසිකීළි භාවිතය සම්බන්ධයෙන් නව ආකල්පයක් ඇතිකිරීම වගේම දුම්රිය සේවාව සම්බන්ධයෙන් ධනාත්මක ආකල්පයක් ජනතාව තුළ ඇතිකිරීම තවත් එක් අරමුණක් වෙනවා. අපේ මේ දායකත්වය තුළින් මඟීන්ට වඩාත් සුවපහසු ගමන් බිමන් අත්දැකීමක් ලබා දීමට අපට හැකි වෙතැයි අපේක්ෂා කරනවා. මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත, මෙය ඉදිරි වසර වලට රැගෙන යාමට අප අපේක්ෂා කරනවා.”
මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් (වැඩ බලන) සහ (අපද්‍රව්‍ය කළමනාකරණ) අධ්‍යක්ෂක (පරිසර ප්‍රවර්ධන) ශ්‍යාමනී පෙරියප්පෙරුම මහත්මිය, මෙම වැඩසටහන පිළිබඳව තම සතුට හා එහි වටිනාකම ද ප්‍රකාශ කරමින්, එය මහජන සෞඛ්‍යය, පරිසරය හා දුම්රිය ගමනාගමනය මඟීන් හට ඔඅහසු කිරීමට දායක වන තවත් තීරණාත්මක පියවරක් බවද අවධාරණය කළාය. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අතිරේක සාමාන්‍යාධිකාරි ටී. එස්. පොල්වත්ත මහතා ද මෙහෙදි අදහස් දක්වමින්, ඩාර්ලි බට්ලර් සමාගමෙහි සමාජ වගකීම් (CSR) වැඩසටහන ඇගයීමට ලක්කරන ලදී.
මෙම ව්‍යාපෘතිය හරහා දුම්රිය මගීන්ට වඩාත් පිරිසිදු හා සුවපහසු ගමන් බිමන් අත්දැකීමක් ලබා දීම සහ එමඟින් රජයේ සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමේ ප්‍රයත්නයට සිය දායකත්වය ලබා දීම, ඩාර්ලි බට්ලර් සමාගමේ අරමුණයි. Bio Clean නිෂ්පාදන හරහා, වැසිකිළි පහසුකම්වල සනීපාරක්ෂාව ඉහළ නංවමින් මහජන සෞඛ්‍යයට සහ පරිසර සංරක්ෂණයට ඉහළ දායකත්වය ලබාදීම අපේක්ෂා කෙරේ.