දීවා පවර් යාපනයේ දී සිය පාරිභෝගිකයන් සමඟින් නල්ලූර් උත්සවය සමරයි

Diva Image - Nallur - Final (LBN Fill)

 



 

 

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි දීවා පවර් ඇතුළු වෙල්වට්, පැරිස්, කුමාරික සහ විව්‍යා යන අනෙකුත් රූපලාවන්‍ය සන්නාම එකතුව යාපනය – නල්ලූර් උත්සවයට පැමිණි පාරිභෝගිකයන් වෙනුවෙන් සුවිශේෂී මුලපිරීමක් පසු‍ගිය මස දියත් කරන ලදි. දිගු කාලයකට පසු නැවත තම පාරිභෝගිකයන් සමඟ ඉතා  සමීපව කටයුතු කිරීමේ අවස්ථාව  මෙහි දී ලැබිණි. විවිධ වැඩසටහන් සහ දිනුම් ඇදීමේ තරඟ පැවැත්වෙන කුටියන්ගෙන් සමන්විත වූ මෙම වැඩසටහන මඟින් ආකර්ෂණීය ත්‍යාග ලබා දුන් අතර  සහ සුපිරි ත්‍යාගය වශයෙන් රෙදි සෝදන යන්ත්‍රයක් දිනා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට සැලසිණි. මීට අමතරව, පාරිභෝගිකයින්ට ඔවුන්ගේ මීළඟ දීවා පවර් මිලදී ගැනීමේ දී ලබා ගත හැකි වට්ටම් කූපන් පත් ද ලැබිණි. මීට සමගාමීව, තෝරා ගත් SMMT අලෙවි සැල්වල මේ හා සමාන වැඩසටහන් දීවා පවර් වෙතින් දියත් කරන ලදි.

දීවා පවර් Colour Guard සහ Germ Guard යන උසස් ප්‍රභේදයන්ගෙන් වෙළදපලට නිකුත් කර ඇත. Colour Guard  ඇඳුම්වල වර්ණ රැක ගැනීමට සහය වෙන අතර Germ Guardවල අඩංගු කොහොඹ සහ දෙහි ඇඳුම්වල ඇති විසබීජවලට එරෙහිව සටන් කරයි. මෙම ප්‍රභේද සුපිරි පිරිසිදු කිරීමක් සිදු කරන අතර එය රෙදි සෝදන යන්ත්‍රවල භාවිතයට ද වඩාත් සුදුසුය. මෙම නිෂ්පාදන ද්විත්වයම දියර සහ රෙදි සේදුම් කුඩු යන ප්‍රබේදයන්ගෙන්  ලබා ගත හැකිය.

දීවා පවර් නිෂ්පාදන පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීම සහ සන්නාමය සමඟ පාරිභෝගිකයන්ට එක් වී කටයුතු කිරීමට මුලපිරීමක් වශයෙන් මෙය දියත් කරන ලදී. දිවා පවර් පාරිභෝගිකයන් සමග සමීපව එක් වී මෙවැනි වැඩසටන් සදහා ඉදිරියටත් මුල පුරනු ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව