දීපව්‍යාප්ත චිත‍්‍ර සහ රචනා තරඟයක් සමඟ සෙලින්කෝ ලයිෆ් 15 වන වරටත් ‘ජීවිත රක්ෂණ සතිය’ අරඹයි

CeylincoLife

 



 

 

 

මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොළ නායකයා වන සෙලින්කෝ ලයිෆ් විසින් 15 වන වරට පවත්වන ‘සෙලින්කෝ ලයිෆ් – ජීවිත රක්ෂණ සතිය’ තුළින් ජීවිත රක්ෂණයේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු සූදානම් කර ඇතග පෙබරවාරි 11 සිට පෙබරවාරි 17 වන සතිය ‘ජීවිත රක්ෂණ සතිය’ ලෙස හදුන්වන අතර එයට සමගාමීව රට පුරා දරුවන් වෙනුවෙන් චිත‍්‍ර සහ රචනා තරඟයක් පැවැත්වේ.

මෙම දීපව්‍යාප්ත චිත‍්‍ර සහ රචනා තරඟය ‘සිහින සිතුවම්’ ලෙසින් නම්කර තිබෙන අතර ‘මගේ අනාගත බලාපොරොත්තුව’ යන තේමාවෙන් චිත‍්‍ර සහ රචනා භාර ගනු ඇත. ජීවිත රක්ෂණය මගින් රක්ෂණ ඔප්පුහිමියන්ගේ සහ ඔවුන්ගේ ආදරණීයන්ගේ ජිවිතයට ඇති අවධානම අවම කරමින් ඔවුන්ට අරමුණු ජයගැනීමට ලබාදෙන දිරිය පිළිබඳ පණිවුඩය මෙන්ම දරුවන්ගේ නිර්මාණශිලී කුසලතා වර්ධනයට මෙම චිත‍්‍ර සහ රචනා තරඟය ඉවහල් වේ යැයි සෙලින්කෝ ලයිෆ් බලාපොරොත්තු වෙයි.

එනම් අවුරුදු 4-7, අවුරුදු 8-11 සහ අවුරුදු 12-15 ලෙස වයස් කාණ්ඩ තුනක් යටතේ ජයග‍්‍රාහක දරුවන් 312 කට මුදල් සහ ත්‍යාග පිරිනැමීමට සමාගම අපේක්ෂා කරයි. මෙම වයස් කාණ්ඩ තුන සඳහාම චිත‍්‍ර තරඟය පැවැත්වෙන අතර රචනා තරඟය වැඩි වයස් කාණ්ඩ දෙක සඳහා පමණක් පැවැත්වෙන බව සෙලින්කෝ ලයිෆ් පවසයි. එක් අයදුම්කරුවෙකුට එක් නිර්මාණයක් පමණක් යොමුකළ හැකිබව සමාගම සඳහන් කරයි. චිත‍්‍ර නිර්මාණ මෙන්ම සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි භාෂාවෙන් ලිඛිත රචනා නිර්මාණ මාර්තු 15 වනදාට පෙර සෙලින්කෝ ලයිෆ් වෙබ් අඩවිය හරහා හෝ ළඟම පිහිටි සෙලින්කෝ ලයිෆ් ශාඛාව හරහා භාරදිය හැකිබව සමාගම පවසයි.

මේ වසරේ ජීවිත රක්ෂණ සතිය සහ ‘සිහින සිතුවම්’ ආරම්භ කිරීම පිළිබඳව සෙලින්කෝ ලයිෆ් සමාගමේ සාමාන්‍යාධිකාරී – අලෙවිකරණ සමිත හේමචන්ද්‍ර මහතා මෙසේ අදහස් දැක්වීය. ‘මෙම තරඟයේ තේමාව මගින් දරුවන්ට ඔවුන්ගේ සිහින පිළිබඳව කල්පනා කිරීමටත් එම සිහින ජයගැනීමට ඔවුන්ට සහාය වීමට වැඩිහිටියන්ට ඇති වගකීම මතක් කිරීමක් ද සිදුකරනවා. සෙලින්කෝ ලයිෆ් සිය ගනුදෙනුකරුවන්ගේ ජීවිත වලට ඇති අවධානම අවම කර තිබීම මේ සඳහා වැදගත් වනවා. ජීවිත රක්ෂණ සතිය සමග රක්ෂණ ඔප්පුහිමියන්ට ඔවුන්ගේ ජීවන අරමුණු ජයගැනීම සඳහා පාර්ශවකරුවෙකු ලෙස අපි ලබාදෙන සහයෝගය පිළිබඳව දැනුවත් කිරීමටත් අපිට අවශ්‍යයයි.’

‘සිහින සිතුවම්’ තරඟයේ සෑම වයස් කාණ්ඩයකම පළමු ස්ථානය දිනාගන්නා ජයග‍්‍රාහකයාට රුපියල් 30,000 ක්, දෙවැන්නාට රුපියල් 20,000 ක් සහ තෙවැන්නාට රුපියල් 10,000 ක මුදලක් ප‍්‍රදානය කරන බව සමාගම පවසයි. මීට අමතරව, දරුවන් 225 දෙනෙකුගේ නිර්මාණශීලී කුසලතා ඇගයීමට දිස්ත‍්‍රික් ත්‍යාග සහ සැනසිලි ත්‍යාග ලබා දෙන බව සමාගම සඳහන් කරයි. එසේම, ‘සිහින සිතුවම්’ තරඟය සඳහා සහභාගීවන සෑම දරුවෙකුම දිරි ගන්වන අදහසින් සහභාගීත්ව සහතික පත‍්‍රයක් පිරිනැමීමට සෙලින්කෝ ලයිෆ් කටයුතු යොදා තිබේ.

මෙයට සමගාමීව, සමාගමේ අලෙවි උපදේශකයින් දිවයින පුරා පිහිටි පාසැල් සහ පෙර පාසැල් වලට ගොස් ‘සිහින සිතුවම්’ චිත‍්‍ර සහ රචනා තරඟය පිළිබඳව දැනුවත් කිරීමටත් පුවත්පත්, ගුවන් විදුලිය සහ සමාජ මාධ්‍ය ඔස්සේ මෙම වැඩසටහනට සහායක් ලබාදෙමින් සන්නිවේදන කටයුතු කිරීමටත් සැලසුම් කර තිබෙන බව සමාගම සඳහන් කරයි.

මෙවර ජීවිත රක්ෂණ සතියේ කැපී පෙනෙන කාරණයක් වන්නේ මීට පෙර ගෙයින් ගෙට ගොස් සිදුකළ දැනුවත් කිරීමේ වැඩසටහන් මෙවර ඩිජිටල් ක‍්‍රමයට පැවැත්වීමයි. සමාගම සඳහන් කරන්නේ පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශන වලට අනුගත වෙමින් මෙම තීරණය ගත් බවයි.

2021 වසරේ ශ‍්‍රී ලංකාවේ වඩාත් වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙස බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් නම් කරන ලද සෙලින්කෝ ලයිෆ් 2021 වසරේදී ස්ලිම්-නීල්සන් විසින් අඛණ්ඩව 15 වන වසරටත් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින්ද තෝරාගන්නා ලදී. සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 33 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබෙන අතර Great Place to Work® විසින් මෙරට සේවය කිරීමට සුදුසු උසස්ම ස්ථානයක් ලෙසින් සමාගම සහතික කර ඇත. 2021 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් අඛණ්ඩව අටවන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසත්, 2021 වසර සඳහා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ‍්‍රී ලංකා ශාඛාව ^ICCSL& සහ CIMA ආයතනය එකතුව ‘ශ‍්‍රී ලංකාව තුළ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම්’ 10 අතර සෙලින්කෝ ලයිෆ් සමාගම නම් කරන ලදි.

සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව