දැයේ දරුවන්ට සුරක්ෂිත අනාගතයක් බිහිකිරීමට Daraz Cares ඔස්සේ LEADS වෙත පරිත්‍යාගයක් කරන්න

Period Poverty (LBN Fill)

 



 

 

 

ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාණිජ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන Daraz වෙබ් අඩවියේ සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ ප‍්‍රථම අන්තර්ජාලගත මහජන සුධසාධන පරිත්‍යාග වැඩසටහන වන  Daraz Cares ශ්‍රී ලාංකීය ළමා ආරක්ෂණය හා ළමා අයිතිවාසිකම් වෙනුවෙන් ක‍්‍රියාකාරී මෙහෙවරක් ඉටු කරන LEADS Sri Lanka (LEADS) සමාජ සේවා ආයතනය සමග පසුගියදා අත්වැල් බැඳගත්තේය.

Daraz පාරිභෝගිකයන්ට Daraz වෙබ් අඩවියෙන් හෝ ජංගම දුරකතන app එක හරහා LEADS පරිත්‍යාග කාඞ්පත් මිලදී ගනිමින් ගැහැණු දරුවන් සඳහා නැවත භාවිතා කළ හැකි සනීපාරක්ෂක නැප්කින් පරිත්‍යාග කිරීම, පාසැල් බෑග් හා පාසැල් පොත්පත් මිලදීගැනීම, අපයෝජනයට ලක්වූ ළමුන් වෙනුවෙන් චිකිත්සක සත්කාරයන් සිදුකිරීම යනාදී LEADS විසින් ක‍්‍රියාත්මක කොට තිබෙන ළමා සුබසාධන කටයුතු රැසකට දායකත්වය එක් කළ හැකිය.

වර්ෂ 1983 දී ආරම්භ වූ LEADS Sri Lanka (LEADS) ශ්‍රී ලාංකීය දරු දැරියන් වෙත සුරක්ෂිත වටපිටාවක් සකස්කිරීමේ ජාතික මෙහෙවර ඉටු කරනු ලබයි. ශ්‍රී ලංකාව තුළ ළමා ආරක්ෂණය හා ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම ප‍්‍රවර්ධනය කිරීම මූලික අරමුණ කොටගත් LEAD දුෂ්කරතා ඇති  ශ්‍රී ලාංකීය ප‍්‍රජාවන් තුළ සිදුවන ළමා අපයෝජනය වළක්වාගැනීමෙහිලා ක‍්‍රියාකාරීව කටයුතු කරන අතර අපයෝජනයට ලක් වූ දරුවන්ගේ අනාගත සුරක්ෂිතතාවය වෙනුවෙන් සේවාවන් රැුසක් ක‍්‍රියාත්මක කරනු ලබයි.

LEADS ප‍්‍රජා සේවාව වෙනුවෙන් මානසික සෞඛ්‍ය පිළිබඳ විශේෂ පුහුණුව ලත් සෞඛ්‍ය වෘත්තිකයන් සහ අපයෝජනයට ලක්වූ දරුවන්ගේ සමාජ මානසිකත්වය ගොඩනැගීමෙහිලා පුහුණුවලත් සාත්තු සේවක කණ්ඩායමක් ද යොදවා ඇත. යාපනය, බදුල්ල හා කොළඹ නගර කේන්ද්‍ර කරගනිමින් ස්ථාපිත කොට ඇති LEADS ළමා සුබසාධන මධ්‍යස්ථානයන්ගේදී නේවාසිකව මෙන්ම නේවාසික නොවන පදනම යටතේ අපයෝජනයට ලක්වූ ළමුන් යළි ගොඩනැගීමේ චිකිත්සක සේවාව ක‍්‍රියාත්මක කරනු ලබයි.

ශ්‍රී ලාංකික ළමා සුබසාධනය සහ අපයෝජනයට ලක්වූ දරුවන් නැවත අගතියට පත් වීම වළක්වාලීමෙහිලා වෙනුවෙන් නීතිමය සහය හා මගපෙන්වීමේ කටයුත්තේද LEADS ක‍්‍රියාකාරී මෙහෙවරක් ඉටුකරනු ලබයි. අපයෝජනයට ලක්වීමෙන් පසු පුළුල් සමාජ චිකිත්සක ක‍්‍රියාවලියකින් යළි ගොඩනැගූ දරුවන්ගේ පෞර්ෂත්වය ආරක්ෂා කරගැනීමටත් ඔවුන් වෙත සුරක්ෂිත වටපිටාවක් සකස්කර දීම උදෙසාත් LEADS විසින් එම දරුවන් හා පවුලේ සාමාජිකයන් ඉලක්ක කරගනිමින් අඛණ්ඩ උපදේශන සේවාවක් ක‍්‍රියාත්මක කරනු ලබයි. තවද LEADS එතෙකින් නොනැවතී එම දරුවන් යළි නිසිපරිදි පාසැල් අධ්‍යාපනය වෙත යොමු කිරීමටත්, වෘත්තීය පුහුණු අවස්ථා වෙත යොමු කිරීම හරහා ඔවුන් වෙත පැහැබර අනාගතයක් උරුම කරදීම උදෙසා කටයුතු කරනු ලබයි.

දුප්පත්කම පිටුදකිමින් දුෂ්කරතා ඇති ශ්‍රී ලාංකීය දරුවන්ගේ ජීවිත ගොඩනැංවීම උදෙසා අධ්‍යාපන ආධාර පිරිනැමීමටත් පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කිරීම වෙනුවෙන් මූල්‍යමය ශක්තිය ලබාදීමටත් LEADS අරමුදල් සම්පාදනයෙහි යෙදෙයි.

LEADS සමග එක්ව ශ්‍රී ලාංකික දරුවෙකුගේ යහපත සැලසිමට කැමති නම් Daraz Cares වෙත පිවිස අදම ඔබගේ වටිනා පරිත්‍යාගය එක් කරන්න. LEADS පිළිබඳ වැඩි විස්තර https://www.leads.lk/ වෙතින් ලබා ගත හැකිය.

 ජීවිතයක් වෙනස් කරන්න – වෙනසක් කරන්න – අද දවසේ පරිත්‍යාගයක් සිදු කරන්න!

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − eleven =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව