දරුවාගේ මුල් ළමාවිය සංවර්ධනයට දෙමාපිය සම සහ සහභාගිත්වයේ වැදගත්කම පැහැදිලි කරමින් බේබි ෂෙරමි දෙමාපිය සායන මාලාවක් කළුතර දිස්ත්‍රික්කයේ දී

Image - Baby Cheramy Kalutara (LBN)

 



 

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ ජනප්‍රියම ළදරු සත්කාරක සන්නාමය වන බේබි ෂෙරමි විසින් බණ්ඩාරගම, පානදුර, බුලත්සිංහල, ඉංගිරිය, හොරණ, වාද්දුව, මතුගම හා අගලවත්ත යන ප්‍රදේශ ආවරණය වන පරිදි කළුතර දී පවත්වනු ලැබූ මාපිය සායන වැඩසටහන් මාලාව පසුගිය දා සාර්ථකව අවසන් විය.  මෙම මාපිය සායන වැඩසටහන් මාලාව මගින් ළදරු රැකවරණය, මුල් ළමා විය සංවර්ධනය සහ සාම්ප්‍රදායික සමාජ වපසරිය වෙනස් කිරීම අරමුණු කරමින් දෙමාපියන් දෙදෙනාම තම දරුපැටියා වෙනුවෙන් තම භූමිකාවන් බෙදා හදා ගනිමින් දරුවන් ආදරයෙන් රැක බලා ගැනීමේ වැදගත්කම පිළිබඳව යනා දී වශයෙන් පුළුල් ක්ෂේත්‍රයක් ආවරණය කරමින් දෙමාපියන් දැනුවත් කළ අතර, සාර්ථක දෙමාපියන් වීමට අවශ්‍ය දැනුම හා ආකල්ප වර්ධනය ද මෙහි දී අරමුණු කෙරිණි. මෙම  මාපිය සායන හරහා දරුවාගේ කායික හා මානසික යහපැවැත්ම වැඩිදියුණු කිරීම වෙනුවෙන්  දරුවාගේ උපතේ දී මෙන් ම  මුල් ළමාවිය සංවර්ධනයේ දී ද ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව දෙමාපියන්, විශේෂයෙන් පියවරුන් දැනුවත් කිරීමට බේබි ෂෙරමි විසින් කටයුතු කෙරිණි.

මාතෘ හා ළදරු රැකවරණය පිළිබඳ පළපුරුදු වෘත්තිකයින්ගෙන් සමන්විත විශේෂඥ මණ්ඩලයක් විසින් මෙම සුවිශේෂී  වැඩසටහනට සහභාගි වූ දෙමාපියන් අමතනු ලැබූ අතර, මාතෘ හා ළමා සෞඛ්‍ය උපදේශිකා ශ්‍යාමලී පතිරගේ මහත්මිය ළදරු රැකවරණය හා ළදරු පෝෂණය සහ දරුවාගේ යහපැවත්ම කෙරෙහි මව සහ පියා දෙදෙනාගේම දායකත්වය පිලිබඳව දෙමව්පියන් දැනුවත් කරන ලදී. එමෙන් ම එහි දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සංගීත අධ්‍යක්ෂක ජගත් වටවල මහතා සහ ඇල්පිටිය කලාප අධ්‍යාපන කාර්යාලයේ සෞන්දර්ය ගුරු උපදේශිකා ස්වර්ණා වටවල මහත්මිය විසින් සංගීත චිකිත්සක සැසියක් ද පැවැත්විණි. ඊට අමතරව බණ්ඩාරගම, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරිණී මධුෂානි අමරසූරිය මහත්මිය, දරුවන්ගේ මුල් ළමාවිය එක් එක් අදියරයන් සාර්ථකව වර්ධනය  කිරීම් පිළිබඳව දෙමාපියන් දැනුවත් කළාය.

මෙම සායනය අවසානයේ දී, මව්වරුන්ට වටිනා බේබි ෂෙරමි ත්‍යාග පාර්සලයක් සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද මුල් ළමා විය සංවර්ධනය පිළිබඳව සම්පාදිත පොත් පිංචක් ද පරිත්‍යාග කෙරිණි. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මුල් ළමාරක්ෂක සංවර්ධන අධිකාරිය සමඟ එක්ව සංවිධානය කෙරුණු මෙම වැඩසටහනේ දී ප්‍රාදේශීය වෛද්‍ය කාර්‍යාලයේ  වෛද්‍යවරුන් ද  දෙමාපියන් ඇමතූ අතර, සහභාගී වූ දෙමව්පියන්ගෙන්   එම වැඩසටහනට ඉතා හොඳ ඇගයීමක් ලැබිණි.

‘දරු පැටියාට සුරක්ෂිත ලොවක්’ යන තේමාව යටතේ බේබි ෂෙරමි විසින් දියත් කරන මෙම වැඩසටහන් මාලාවට යටතේ සායන 30ක්  බස්නාහිර, දකුණ සහ නැගෙනහිර යන පළාත් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සැළසුම් කර තිබේ. ශ්‍රී ලාංකේය මව්වරුන්ගේ විශ්වාසය දිනාගනිමින්, මෙරට වඩාත් ආදරය දිනාගත් ළදරු සත්කාරක සන්නාමය බවට පත්වෙමින් සිය 60 වැනි සංවත්සරය සමරන බේබි ෂෙරමි, අධ්‍යාපනික වැඩසටහන් දියත් කිරීම අඛණ්ඩව පවත්වාගෙන යයි. බේබි ෂෙරමි නිෂ්පාදන හා මෙම සුවිශේෂී වැඩසටහන් පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට www.babycheramy.lk  වෙබ් අඩවියට හෝ https://www.facebook.com/BabyCheramy/ මගින් බේබි ෂෙරමි Facebook පිටුවට පිවිසෙන්න.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව