දරුවන්ගේ අධ්‍යාපන ගමන සුරක්ෂිත කිරීමට සෙලින්කෝ ලයිෆ් නව රක්ෂණ සැලසුමක් දියත් කරයි

Education Protector Launch

 




 

සමාජයේ වඩාත්ම දැවෙන ප‍්‍රශ්නයකට ප‍්‍රතිචාරයක් ලෙස සෙලින්කෝ ලයිෆ් විසින් දරුවන්ගේ අධ්‍යාපන ගමන සුරක්ෂිත කිරීම සඳහාම නිර්මාණය කර ඇති රක්ෂණ සැලැස්මක් දියත් කර ඇත.

සෙලින්කෝ ලයිෆ් ‘එඩියුකේෂන් ප්‍රොටෙක්ටර්’ මගින් දෙමව්පියකුගේ මරණය හෝ පූර්ණ සහ සදාකාලික අබලතාවයක් සිදුවුවහොත් තනි වාරිකයක් පමණක් ගෙවීමෙන්, දරුවකුගේ මාසික අධ්‍යාපන වියදම් පියවීම සඳහා මූල්‍යමය අත්වැලක් ලබා දෙයි.

දරුවකුගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වා ගැනීමට ආරක්ෂිත ජාලයක් ලෙස හැඳින්විය හැක ‘එඩියුකේෂන් ප්‍රොටෙක්ටර්’ ඉතා සරල රක්ෂණ සැලසුමක් බව සෙලින්කෝ ලයිෆ් පවසයි.

‘මුදල් උපයන්නාගේ අකල් වියෝව නිසා දරුවන්ගේ අධ්‍යාපනය බිඳ වැටීම පිළිබඳ දුක්බර කතා අද බහුලව අසන්නට ලැබෙනවා,’ යැයි සෙලින්කෝ ලයිෆ් කළමනාකාර අධ්‍යක්ෂ තුෂාර රණසිංහ මහතා පෙන්වා දුන්නේය. ‘අපගේ රක්ෂණ ඔප්පු හිමියන්ගේ සහ ඔවුන්ගේ ආදරණීයයන්ගේ අනාගතය අවධානමෙන් මුදවා ගැනීම සඳහා සමාගම දරන ප‍්‍රයත්නයට කදිම උදාහරණයක් වන මෙම රක්ෂණ සැලසුම අනාගත පරම්පරාවට අපට සහාය විය හැකි ආකාරය පිළිබඳවද උදාහරණයකි.’

සෙලින්කෝ ලයිෆ් ‘එඩියුකේෂන් ප්‍රොටෙක්ටර්’ සමඟින් තම දරුවන්ගේ අධ්‍යාපන ගමන සුරක්ෂිත කිරීමට කැමති දෙමාපියන්ට රුපියල් 5,000 සිට රුපියල් 50,000 දක්වා වූ මාසික ප‍්‍රතිලාභ ආවරණයක් වසර 2ත් 12ත් අතර කාලයකට ලබා ගත හැකි අතර ඔප්පු හිමියාගේ අභාවය හෝ පූර්ණ හා සදාකාලික අබලතාවයකදී දරුවාගේ විවිධ අධ්‍යාපන වියදම් පියවීම සඳහා තෝරාගත් ප‍්‍රතිලාභ මුදල මාසිකව ඔප්පු කාලය අවසන් වන තුරු ගෙවනු ඇත.

වයස අවුරුදු 18ත් 60ත් අතර  ඕනෑම කෙනෙකුට මෙම සරල රක්ෂණ සැලසුම එක් වාරික ගෙවීමක් සිදුකිරීමෙන් මිලදී ගත හැකි බව සෙලින්කෝ සමාගම පවසයි. මෙම රක්ෂණ සැලසුම විස්තර කිරීම සඳහා උපකල්පිත උදාහරණයක් භාවිතා කරමින් සෙලින්කෝ ලයිෆ් පැවසුවේ, 30 හැවිරිදි පුද්ගලයෙකුට වසර 12ක කාලයක් සඳහා රුපියල් 25,000ක මාසික ප‍්‍රතිලාභයක් ලබා දෙන ‘එඩියුකේෂන් ප්‍රොටෙක්ෂන්’ සැලසුමක්, පිරිමි රක්ෂණ හිමියකු රුපියල් 50,160ක් සහ කාන්තා රක්ෂණ හිමියකු රුපියල් 39,970ක් එක් වර ගෙවීමෙන් ලබා ගත හැකි බවයි.

අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානය යොමු කරන සෙලින්කෝ ලයිෆ් මේ දක්වා ග‍්‍රාමීය පාසල් 83කට පන්ති කාමර ඉදිකර පරිත්‍යාග කර ඇති අතර දීප්තිමත් හා දක්ෂ තරුණ ශ‍්‍රී ලාංකිකයන් 2,887 දෙනෙකුට රුපියල් මිලියන 166ක් වටිනා ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව පිරිනමා ඇත.

2021 වසරේ ශ‍්‍රී ලංකාවේ වඩාත් වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙස බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් නම් කරන ලද සෙලින්කෝ ලයිෆ් 2021 වසරේදී ස්ලිම්-නීල්සන් විසින් අඛණ්ඩව 15 වන වසරටත් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින්ද තෝරාගන්නා ලදී. සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 33 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබෙන අතර Great Place to Work® විසින් මෙරට සේවය කිරීමට සුදුසු උසස්ම ස්ථානයක් ලෙසින් සමාගම සහතික කර ඇත. 2020 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් අඛණ්ඩව හත්වන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසත් 2021 වසර සඳහා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ‍්‍රී ලංකා ශාඛාව (ICCSL) සහ CIMA ආයතනය එකතුව ‘ශ‍්‍රී ලංකාව තුළ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම්’ 10 අතර සෙලින්කෝ ලයිෆ් සමාගම නම් කරන ලදි.

සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව