දකුණු ආසියාවේ රෙදිපිළි මූලාශ්‍ර ජාත්‍යන්තරයට රැගෙන යන Intex Sri Lanka 2025 ප්‍රදර්ශනය අගෝස්තු 6- 8 තෙදින BMICH හීදී

Overseas Buyers

දකුණු ආසියාවේ රෙදිපිළි හා ඇඟලුම් ක්ෂේත්‍රයේ කලාපීය කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කරන ‘Intex Sri Lanka‘ රෙදිපිළි මූලාශ්‍ර ප්‍රදර්ශනය අගෝස්තු මස 6 වැනිදා සිට 8 වැනිදා දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. මෙම ප්‍රදර්ශනය සම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට ගොස් දකුණු ආසියානු කලාපයේ රෙදිපිළි මූලාශ්‍ර අනාගතය හැඩගස්වන ව්‍යාපාරයක් බවට ද මේ වන විට පත්වී ඇත.
 



 
එපමණක් නොව ගෝලීය සැපයුම්කරුවන් සමඟ සම්බන්ධ වීමට හා  නවෝත්පාදනයන් ගවේෂණය කිරීමට මෙන්ම ලොව ප්‍රමුඛතම රෙදිපිළි මූලාශ්‍ර ගමනාන්තයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට ද  Intex Sri Lanka 2025 මෙරට ඇඟලුම් කර්මාන්තයට කදිම අවස්ථාවක් ලබා දී ඇතැයි ප්‍රදර්ශනය සම්බන්ධව අදහස් පළ කළ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ මහලේකම් යොහාන් ලෝරන්ස් මහතා ප්‍රකාශ කළේය.

2015 වසරේ පැවැති මංගල ප්‍රදර්ශනයේ සිට ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්තියට පත් ඇඟලුම් නිෂ්පාදන ගෝලීය රෙදිපිළි නිෂ්පාදකයන් සහ තාක්ෂණික ප්‍රමුඛයන් සමඟ අත්වැල් බැඳ ගනිමින් ක්ෂේත්‍රය තුළ පෙරළිකාර වෙසක් සිදු කිරීමට Intex Sri Lanka ප්‍රදර්ශනය සමත් වී ඇත. මෙම ප්‍රදර්ශනය වසර ගණනාවක් පුරා  දකුණු ආසියාව, අග්නිදිග ආසියාතිකයන්ගේ සංගමය,  මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාව සහ යුරෝපය පුරා විසිරී සිටින ගැනුම්කරුවන් හා ඇඟලුම් කර්මාන්ත ප්‍රමුඛයන් සඳහා උපාය මාර්ගික රෙදිපිළි මූලාශ්‍ර සඳහා වැදගත් වාර්ෂික ඉසව්වක් බවට ද පත්වී තිබේ.

ඉන්දියාව, චීනය, පාකිස්තානය, කොරියාව, තායිවානය, බ්‍රිතාන්‍යය, අමෙරිකාව, ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව ඇතුළු 15කට අධික රටවල් සංඛ්‍යාවක ප්‍රදර්ශකයන්ගේ සහභාගීත්වයෙන් කලාපයීය සැපයුම් දාමය ශක්තිමත් කිරීමට සහ සහයෝගීතාව වර්ධනය කිරීමට ඉවහල් වන මෙම ප්‍රදර්ශනයේදී ජාත්‍යන්තර ගැනුම්කරුවන්ට රෙදිපිළි මූලාශ්‍ර සඳහා කදිම ප්‍රවේශයක් ලබාගැනීමට ද අවස්ථාව උදා වී තිබේ.

Intex Sri Lanka ප්‍රදර්ශනය දකුණු ආසියාවේ විශිෂ්ටතම ප්‍රදර්ශනය බවට පත් කිරීමට අන්තර් ක්‍රියාකාරී ව්‍යාපාරික සංසදය මොරටුව විශ්වවිද්‍යාලයේ රෙදිපිළි සංගමය සමඟ එක්ව වසර ගණනාවක් පුරා කදිම වේදිකාවක් නිර්මාණය කර ඇති අතර, වසර 2030 වනවිට රෙදිපිළි කර්මාන්තය ලොව වඩාත් තිරසර හා දේශගුණික හිතකාමී ක්ෂේත්‍රයක් බවට පත් කිරීමේ ගෝලීය ඉලක්කය අරමුණු කරමින් නවොත්පාදන හා විද්‍යුත් රෙදිපිළි තාක්ෂණයේ සිට ඩිජිටල්කරණය හා ගෝලීය ආර්ථිකයේ උපාය මාර්ගික ප්‍රවේශය දක්වා තීරණාත්මක සංවාද පැවැත්වීමට ද මෙහිදී කටයුතු යොදා තිබේ.

දකුණු ආසියානු කලාපයේ ගෝලීය ඉල්ලුම වර්ධනය කිරිම සඳහා නවෝත්පාදන ප්‍රමුඛ ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් සිටින අතර,  තිරසරභාවය ප්‍රවර්ධනය කිරීමට සහ රටවල්, ව්‍යාපාරිකයන් හා නවෝත්පාදකයන් අතර සම්බන්ධතාව ශක්තිමත් කිරීමට Intex Sri Lanka 2025 ප්‍රදර්ශනය කදිම වේදිකාවක් බවට පත්වී තිබේ.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව