තිරසාර සමාජයක් උදෙසා වූ Aluminum Stewardship වැඩසටහන සඳහා කැප වූ ශ‍්‍රී ලංකාවේ පළමු ආයතනය බවට Alumex පත් වෙයි

Image 01 (LBN Fill)

 



 

 

 

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පූර්ණ ඒකාබද්ධ ඇලූමිනියම් නිෂ්පාදකයා සහ හේලීස් සමූහයේ සාමාජිකයෙකු වන Alumex, නිෂ්පාදන හා පරිවර්තන අංශයේ නව සාමාජිකයා ලෙස Aluminum Stewardship වැඩසටහන (ASI) සමඟ එක් විය.
ASI යනු ලාභ ලැබීම සඳහා නොවන ප‍්‍රමිති සැකසීමේ සහ සහතික කිරීමේ සංවිධානයක් වන අතර එමඟින් තිරසාර සමාජයක් වෙනුවෙන් ඇලූමිනියම් නිෂ්පාදන වල දායකත්වය නංවාලීම සඳහා කැපවී සිටින නිෂ්පාදකයින්, පරිශීලකයින් සහ පාර්ශවකරුවන් ඇගයීමට ලක් කරනු ලබයි. මෙම ප‍්‍රමිතීන් අනුගමනය කරන ඇලූමිනියම් ක්ෂේත‍්‍රයේ ප‍්‍රථම ශ‍්‍රී ලාංකික නිෂ්පාදකයා ලෙස Alumex වගකීමකින් යුතු නිෂ්පාදන, මූලාශ‍්‍රය සහ භාරකාරත්වය පෝෂණය කිරීම සඳහා සාමාජිකයින් සමඟ කටයුතු කරනු ඇත.
”ශ‍්‍රී ලංකාවේ විශාලතම ඇලූමිනියම් නිෂ්පාදකයා සහ අපනයනකරු වශයෙන් අපගේ ව්‍යාපාර සහ නිෂ්පාදන ක‍්‍රියාවලිය සමඟ තිරසාර බව ඒකාබද්ධ කිරීමේ වැදගත්කම පිළිබඳව අපි හොඳින් දන්නවා. සැමවිටම අපි විනිවිදභාවය සහ විශ්වසනීයත්වය සඳහා අපගේ කැපවීම ශක්තිමත් කරමින් ASI වැඩසටහන වෙත සහාය පලකරනවා. මෙය ශ‍්‍රී ලාංකීය ජනතාවට සහ ගනුදෙනුකරුවන්ට වගේම සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වන අපගේ අපනයන වෙළඳපොළට ද මූලික වශයෙන් වැදගත් වන බව අපි විශ්වාස කරනවා.” යනුවෙන් Alumex කළමනාකාර අධ්‍යක්ෂ ප‍්‍රමුක් දැදිවල මහතා පැවසුවේය.


ASI සහතිකකරණ වැඩසටහන ASI කාර්යසාධන ප‍්‍රමිතිය සහ ASI භාරකාර ප‍්‍රමිති ජාලය යන ප‍්‍රමිතීන් දෙක සඳහා සහතිකයක් පිරිනමයි. මෙහි පළමුවැන්න පාරිසරික, සමාජීය සහ පාලන මූලධර්ම සහ තිරසාරත්වය ආමන්ත‍්‍රණය කරන නිර්ණායක නිර්වචනය කරන අතර දෙවැන්න ද්‍රව්‍ය නඩත්තු කිරීම සඳහා වන අවශ්‍යතා දක්වයි.
තෝරාගත් ප‍්‍රදේශවල ඇලූමිනියම් අපද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම හරහා Alumex හි තිරසාරත්වය සඳහා වූ කැපවීම ශක්තිමත් කිරීම කැපී පෙනෙන අතර එමඟින් සිදුවන පරිසර හානිය අවම කිරීම සඳහා නවීන යන්ත්‍රෝපකරණ සමඟ එහි ප‍්‍රතිචක‍්‍රීයකරණ පහසුකම වැඩි දියුණු කළේය. සපුගස්කන්ද Alumex හි මෙම නවතම පහසුකම මගින් මසකට ඇලූමිනියම් අපද්‍රව්‍ය මෙටි‍්‍රක් ටොන් 1200කට වැඩි ප‍්‍රමාණයක් ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි අතර එය තවත් මෙටි‍්‍රක් ටොන් 1200කින් වැඩි දියුණු කළ හැකිය. එවිට වාර්ෂික ප‍්‍රතිචක‍්‍රීයකරණ ධාරිතාව මෙටි‍්‍රක් ටොන් 28,800කි. 2022 ජූලි මාසය වන විට එහි වාණිජ මෙහෙයුම් ආරම්භ කිරීමත් සමඟ මෙය අති නවීන තාක්ෂණයෙන් යුත් ශ‍්‍රී ලංකාවේ විශාලතම ඇලූමිනියම් ප‍්‍රතිචක‍්‍රීයකරණ කම්හල වනු ඇත.
මෑතක දී Alumex එහි විනිවිදභාවය සහ පාලනය සඳහා වූ දැඩි කැපවීම වෙනුවෙන් ආසියාවේ ඒකාබද්ධ වාර්තාකරණ සම්මාන උළෙලේදී ඇගයීමට ලක් විය. එමෙන්ම පාර්ශවකරුවන්ට වටිනාකම් නිර්මාණය කිරීම වෙනුවෙන් ඒකාබද්ධ වාර්තාව (SME) කාණ්ඩයේ ලෝකඩ සම්මානය හිමිකර ගැනීමට Alumex සමත්විය.
ASI යනු 2012 හි ආරම්භයේ සිට Aluminium stewardship හි අධිකාරිත්වය හිමි ආයතනය වන අතර එමඟින් කර්මාන්තයට වගකීම් සහගත සහ සදාචාරාත්මක, සමාජීය සහ පාරිසරික ක‍්‍රියාකාරිත්වයේ භාවිතයන් සහ වැඩිදියුණු කිරීම් සම්බන්ධයෙන් ස්වාධීන සහ විශ්වසනීය ඉදිරිපත් කළ හැකි තොරතුරු සැපයීමට හැකියාව ලබා දෙයි. මේ වන විට ලොව පුරා ASI සාමාජිකයින් 232 ක් සිටින අතර ASI කාර්යසාධන ප‍්‍රමිතිය උදෙසා සහතික 128ක් හා ASI භාරකාර ප‍්‍රමිති ජාලය සඳහා සහතික 51ක් පිරිනමා තිබේ. ASI සාමාජිකයින් ලොව පුරා රටවල් 47 ක් පුරා විසිරී සිටී.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව