තිරසාරභාවය කේන්ද්‍ර කරගත් සියැට් කැලණි තම සේවකයින් සහ එම පවුල් රුක් රෝපණ වැඩසටහනක නිරත කරවයි

Tree planting programme (LBN)

 



 

 

තිරසාරභාවය සඳහා කැපවීම කිහිප දෙනෙකුගේ කියැවීමට වඩා, ව්‍යවසායයේ සෑම පුද්ගලයකු වෙතම පැතිර යා යුතුය යන විශ්වාසයෙන් සියැට් කැලණි හෝල්ඩිංග්ස් සමාගම සිය සේවකයින්ගේ සහ පවුල්වල සහභාගීත්වය සමඟ මෑතකදී නව රුක් රෝපණ වැඩසටහනක් දියත් කළේය.

කැලණිය සහ කළුතර පිහිටි සියැට් පුළුල් නිෂ්පාදන කර්මාන්තශාලාවල එක්වර සිදුකරන ලද රුක් රෝපණ කටයුතුවලට සමගාමීව, තවත් ශාක පැළ තම ගෙවත්තේ සිටුවා පෝෂණය කිරීමට මඟ පෙන්වමින්, සේවකයින් වෙත පැළ 1000කට අධික සංඛ්‍යාවක් බෙදාදෙන ලදී.

සියැට් කැළණි හෝල්ඩිංග්ස් කළමනාකාර අධ්‍යක්ෂ රවී ඩඞ්ලානි මහතා සමග විධායක කමිටු සාමාජිකයින්, වෘත්තීය සමිති නියෝජිතයින් සහ සමාගමේ කාර්යාලවල හා කර්මාන්තශාලාවල සේවකයින්ද මෙම වැඩසටහනට සහභාගී විය.

”අපගේ පාරිසරික පියසටහන අවම කිරීම සඳහා සැලකිය යුතු ලෙස දැනටමත් ආයෝජන සිදුකර ඇති අතර එය ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ තීරණයක්,” යනුවෙන් සියැට් කැලණි කළමනාකාර අධ්‍යක්‍ෂ රවී ඩඞ්ලානි මහතා ප‍්‍රකාශ කළේය. ”පරිසර හිතකාමී තිරසාරත්වය සෑම සේවකයෙකුගේම මනස තුළ ප‍්‍රමුඛ ස්ථානයක් ගත යුතු බව අප විශ්වාස කරන නිසා මෙම වැඩසටහන දියත් කරනු ලැබුවා,” යැයි ද ඔහු පැහැදිලි කළේය.

සියැට් කැලණි හෝල්ඩිංග්ස්හි දැනටමත් ක‍්‍රියාත්මක වෙමින් පවතින ප‍්‍රධාන තිරසාර මුලපිරීම් අතර, ලඟදීම ක‍්‍රියාත්මක කිරීමට නියමිත දැවැන්ත සූර්ය බලශක්ති උත්පාදන ව්‍යාපෘතියක්, පරිපාලන සහ විකුණුම් මෙහෙයුම්වලදී කඩදාසි පරිභෝජනය අවම කිරීම අරමුණු කරගත් කඩදාසි රහිත කාර්යාලයක් කරා යෑමට පියවර සහ 3R ක‍්‍රමවේදය (අඩු කිරීම, නැවත භාවිත කිරීම සහ ප‍්‍රතිචක‍්‍රීකරණය) අනුකූල ව්‍යාපාර ක‍්‍රියාවලීන් වෙයි.

 

සියැට් කැලණි හෝල්ඩිංග්ස්හි නිෂ්පාදන සැලසුම් සහ සංවර්ධනය මෙන්ම, නිෂ්පාදන ක‍්‍රියාවලීන් ද සමාගමේ තිරසාර දර්ශනයටද හැඩ ගැසී ඇත. සියැට් ‘සෙකියුරා ඩ‍්‍රයිව්’ ටයර් මාලාව අඩු භ‍්‍රමණ ප‍්‍රතිරෝධයක් සඳහා නිර්මාණය කර ඇති අතර, එය ඉන්ධන පරිභෝජනය අඩු කිරීමට සහ වැඩිදුර ධාවනයටද දායක වෙයි. එසේම සියැට් ‘ෆියෝල්ස්මාර්ට්’ ටයර් මාලාවද ඉන්ධන කාර්යක්ෂමතාව සඳහා නිර්මාණය කර ඇත.

නැවත පිරවීමේ ඉහළ හැකියාව සහ ප‍්‍රශස්ත බර සහිත ටයර් සඳහා නිෂ්පාදනය සඳහා ද, නිෂ්පාදන ක‍්‍රියාවලියේදී ජල පරිභෝජනය අඩු කරන ක‍්‍රියාවලින් සමාගම දැනටමත් ක‍්‍රියාත්මක කර ඇති අතර, පුනර්ජනනීය බලශක්ති සහ බලශක්ති සංරක්‍ෂණ යාන්ත‍්‍රණය වැඩි වශයෙන් භාවිත කිරීමටද සැලසුම් කරයි.

ශ‍්‍රී ලංකාවේ වායුමය ටයර් අවශ්‍යතාවයෙන් අඩකට ආසන්න ප‍්‍රමාණයක් නිෂ්පාදනය කරන සියැට් කැලණි හෝල්ඩිංග්ස් නිෂ්පාදනය කරන ටයර් වලින් 20% පමණ දකුණු ආසියාවේ, මැදපෙරදිග, අපි‍්‍රකාවේ සහ අග්නිදිග ආසියාවේ රටවල් 16 ක් වෙත මේ වනවිට අපනයනය කරයි. සියැට් කැළණි හෝල්ඩිංග්ස් සමස්තයක් ලෙස ශ‍්‍රී ලංකාවේ රුපියල් බිලියන 08 කට වැඩි මුදලක් ආයෝජනය කර තිබෙන අතර සමාගම විසින් මගී මෝටර් රථ, වෑන්, SUV වාහන, වාණිජ (බයස්-ප්ලයි සහ රේඩියල්) යතුරු පැදි, ත‍්‍රිරෝද රථ සහ කෘෂි කාර්මික වාහන සඳහා ටයර් මෙරට නිෂ්පාදනය කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව