තිරසාරත්වය ඉහළ නංවමින් යුනිලිවර් ශ්‍රී ලංකා සපුගස්කන්ද කර්මාන්ත ශාලාවට සූර්ය පැනල පද්ධතියක්

USL Image 01 (LBN)

යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සපුගස්කන්දේ පිහිටි සිය ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාව  සහ බෙදාහැරීමේ මධ්‍යස්ථානය නවීනතම සූර්ය පැනල පද්ධතියකින් සවිබල ගන්වා තිබේ. ගෝලීය වශයෙන් පවතින ඔවුන්ගේ සියලුම පහසුකම් 100%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත අනුගත කිරීමේ සිය උත්සාහයේ තවත් එක් පියවරක් මෙම ව්‍යාපෘතිය තුළින් පෙන්නුම් කරනු ලබයි.

මෙම ව්‍යාපෘතිය තුළින් ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ සහ බෙදාහැරීමේ මධ්‍යස්ථානයේ සූර්ය පැනල 1,672ක් ඒකාබද්ධ කර ඇති අතර ඉන් කිලෝවොට් 970ක් නිෂ්පාදනය කරයි. ඊට සහයක් ලෙස කිලොවෝල්ට් ඇම්පියර් 810ක ඉන්වර්ටරයක් ද යොදා ගනියි. මෙම පද්ධතිය මඟින් වාර්ෂිකව කිලෝවොට් පැය මිලියන 1.25 ක විදුලියක් උත්පාදනය කිරීමට අපේක්ෂා කරන අතර එමඟින් මධ්‍යස්ථානවල බලශක්ති අවශ්‍යතාවයෙන් 33%ක් සපුරාලනු ඇත. මෙම නවතම ස්ථාපනයත් සමඟ හොරණ කර්මාන්ත ශාලාව ඇතුළු යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමෙහි සමස්ත සූර්ය බලශක්ති ධාරිතාව මෙගාවොට් 4ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙය වසර 2050 වන විට පුනර්ජනනීය බලශක්තිය භාවිතය තුළින් බලශක්ති අවශ්‍යතාවයෙන් 75%ක් උත්පාදනය කිරීමේ රටේ ඉලක්කයට තවදුරටත් සහාය දක්වයි.
 



 
මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ සැපයුම් දාම අධ්‍යක්‍ෂ දමිත් අබේරත්න මහතා මෙසේ පැවසීය. “යුනිලිවර් ශ්‍රී ලංකා සපුගස්කන්ද මධ්‍යස්ථානයේදී සිදු කළ සූර්ය පැනල ස්ථාපනයන්, අපගේ තිරසාරභාවයට ප්‍රමුඛස්ථානයක් ලබා දෙනවා. මෙය පරිසරයට අපෙන් සිදුවන බලපෑම අඩු කිරීමට සහ රටේ පුනර්ජනනීය බලශක්ති ඉලක්කයන්ට සහාය වීම සඳහා අප ගනු ලබන උත්සාහයන්හි තවත් එක් පියවරක්ය. ශ්‍රී ලංකාවේ තිරසාර අනාගතය ගොඩනැගීම සඳහා පෞද්ගලික අංශය සතු වැදගත් කාර්යභාරය සිහිපත් කිරීමක් ලෙස  මෙම ව්‍යාපෘතිය හඳුන්වන්න පුළුවන්.”

2015 වසරේ පැවති කාබන් විමෝචන මට්ටමට සාපේක්ෂව, වසර 2030 වන විට, 1 සහ 2 පරිමාණයේ හරිතාගාර වායු (GHG) විමෝචනය 100%කින් අඩු කිරීම සඳහා යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සතුව අනුමැතිය ලත් විද්‍යාත්මක පදනමක් සහිත ඉලක්කයක් පවතියි. 2039 වන විට සිය වටිනාකම් දාමය පුරා ශූන්‍ය විමෝචනයක් අත්පත් කරගැනීම යුනිලිවර් හි දිගුකාලීන අභිලාෂයන්ගෙන් එකකි. ප්‍රායෝගික පියවර කෙරෙහි අවධානය යොමු කරමින්, සමාගම විසින් ගෝලීය වශයෙන් අදාළ වන, දේශගුණය පිළිබඳ ක්‍රියාකාරී පුළුල් සැලැස්මක් (CTAP) නිර්මාණය කර ඇති අතර, එමඟින් ඉදිරි වසර කිහිපය තුළ හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සඳහා අවශ්‍ය පියවර ගනු ලබයි.

දේශගුණික විපර්යාසය පිළිබඳ පවතින ගැටලුව නිරාකරණය කිරීමට යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම  නිරතුරුව කටයුතු කරන අතර තම දේශගුණික ඉලක්කයන් ක්‍රියාවට නැංවීම තුළින් සහ විසඳුම් කෙරෙහි ආයෝජනයන් සිදුකිරීම තුළින් කර්මාන්තයට ආදර්ශයක් සැපයීමට අපේක්‍ෂා කරයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව